කළු දිය පොකුණ
අද අපි කතා කරන්න යන්නේ මිහින්තලේ යන බොහෝ දෙනෙකුට බලන්න යන්න ඕනෙම සුවිශේෂි පොකුණක් ගැන කියන්න.
ඒ නමින් කළු දිය පොකුණයි. මිහින්තලා පුජා භුමියේ පිහිටා ඇති පොකුණු අතර කළු දිය පොකුණට හිමිවන්නේ සුවිශේෂීත්වයකි. පොකුණෙහි ඇති ජලය කළු පාටට පෙනෙන නිසා තමා එයට කළු දිය පොකුණ යන නම ලැබිලා තියෙන්නේ.
කඳු වලින් වටවී වන අරණක් මැද පිහිටීම මෙන්ම අඩි 60, 70 පමණ ගැඹුරකින් පිහිටීම මෙහි පතුල කළු ගල් තලාවක් වීම වැනි කාරණා නිසා මේ පොකුණෙහි දිය කළු පාට වෙලා තියෙනවා. මෙහි පතුලේ ජල කර්ණිකා පිහිටා ඇති බව සඳහන්
දැනට මඩෙන් වැසී තිබුණ ද අතීතයේ අලංකාර පොකුණකි… ඉතිහාස කතා පිරික්සීමේ දී එක්තරා පොහෝ දිනක කළු බුද්ධරක්ඛිත හිමියන් කළු දිය පොකුණු සමීපයෙහි ඇති තිඹිරිය ගසක් යටට වී කාල කර්ම සුත්‍රය දේශනා කල බවට විශ්වාස කෙරෙනවා. මිස්සක පව්ව අභියස නිහඬ වන අරණක පිහිටි කළු දිය පොකුණ මිහින්තලයෙ යන බැතිමතුන්ට සමහර විට අමතක වනවා ඇති.
කළු දිය පොකුණ කේතුවක් අනෙක් අතට හැරවූවාසේ පිහිටීමකින් සමන්විත වන බවද කියවෙනවා.. කළුදිය පොකුණ ආරාම සංකීර්ණය හතරවන කාශ්‍යප රජතුමා(ක්‍රි.ව 898-916) විසින් ධම්මරුචික නිකායික භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිකරන ලද”හදසුණ්හ” විහාරය විය හැකි බව අනුමාන කරයි.
මෙහි යන ඔබ ශබ්ද කරන්නේ නැතුව අවට සුන්දරත්වය නරඹන්න. පොකුණ දෙසට ගමන් කිරීමේදී ඔයාලට මුලින්ම හමු වන්නේ දේවානම්පියතිස්ස රජු විසින් රහතන් වහන්සේලා සඳහා පිළිසකර කර ඇති ශූන්‍යාගාරයි. ස්වභාවික පරිසරයට අනුව නිම කරන ලද මේ පොකුණ මධ්‍යයේ සීමා මාලකය දැක ගන්න පුලුවන්.
පොකුණට දකුණු දෙසින් කාලබුද්ධරක්ඛිත හිමියන් බණ දෙසූ කලුගල් අසුන ද ජන්ඨාගරයද පොත් ගුලද ඔබට හමුවෙනවා… මිහින්තලා පුද බිමටම ඇති එකම ජන්ඨාඝරය මෙය වීම විශේෂත්වයක්.
කලුදිය පොකුණ පත්ලේ රාවණ රජු සෑදූ සිර කුටි තිබුණා ද?
මිහින්තලය කලුදිය පොකුණ ගැන සදහන් වන ඇතැම් ජනප්‍රවාද කරුණු අතර කියැවෙන්නේ මෙහි ගැඹුර අඩි එකසිය හැත්තෑවක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් වන බවය.ඇතැම් තොරතුරු අතර සදහන් වන්නේ මෙහි පතුල කේතුවක කනපිට ගැසූ හැඩයක් ඇති බවය. නමුත් මෙතෙක් කාලයකට මෙහි කිමිදී ගැඹුර මැන බැලූ කිසිවකු ගැන නම් සදහනක් නොමැත. තවත් කියැවෙන දෙයක් නම් ලංකාව තුල පවතින වායැයි සදහන් බල කේණ්ද්‍ර අතරින් මෙයද එක් බලකේණ්ද්‍රයක් බවය.
අතීතයේ රාවණා මහ රජුන් සක්වලත් සමග සම්බන්ධ වීමට මෙම ස්ථානය යොදාගත් බවත් බොහෝ ප්‍රවාද අතර සදහන් කරුණකි.
බොහෝ අවස්ථාවල රාවණයන් වෙනත් සක්වල හා සිදුකල යුද්ධ වලදී පැරදුනු සේනාවන් අතරින් ජීවග්‍රහයෙන් අල්වා ගත් සතුරන් මෙහි ගෙනැවිත් මෙම කලුදිය පොකුණ පතුලේ ස්ථාපිත කර තිබූ සිර කුටි වල ඔවුන් රදවා තැබූ බවටත් තවත් ඇතැම් කතාවල සදහන් වනවා. මේවා තාර්කිකව හෝ මොනයම් ආකාරයෙන් ඔප්පුකල නොහැකි හෝ පිලිගත හෝ නැති ප්‍රවණතාවයක් ඇතත් අදද ජීවත් වන වැඩිමහලු ගැමියන් මේ හා සමාන මත පල කරයි. එමෙන්ම මෙම පොකුණ සිව්කොන පතුලේ විශාල රන් ඇතුන් සතර දෙනෙකුගේ පිළිම රදවා ඇති බවටත් ගැමි ප්‍රවාද අතර සදහන් වනවා.
ඒ හා සම්බන්ධ වන අනෙක් මතය නම් මෙම පොකුණ පතුලෙ ඇති උමගක් මාතලේ දක්වා සම්බන්ධව තිබූ බවයි ඒ සම්බන්ධ අනෙක් මාතලේ අනෙක් කෙලවර ස්ථානයේද සක්වල දොරටුවක් පිහිටා ඇතිබව කියැවේ. එසේම කලුදිය පොකුණ නරඹන ඕනෑම කෙනෙකුට දැකගත හැකි දෙයක් නම් පොකුණ වටේට පිහිටුවා ඇති ආසන මේවා භාවනායෝගී වැඩවසන ස්වාමීන්වහන්සේලා සදහා සකසා ඇත එයිනුත් එක් තැනක පිහිටුවා ඇති එක් ආසනයක් කාළබුද්ධ රක්ඛිත තෙරුණ් වහන්සේ භාවනා යෝගීව සිටීමට යොදාගත් බවත් එහිදී උන්වහන්සේත් මෙම ස්ථානයේදී සිට සක්වලයන් හා සම්බන්ධ වී ඇති බවත් ප්‍රවාද අතර සදහන්. උන්වහන්සේ එකල රාජගිරි ලෙනේ වැඩවසන අතර භාවනා කටයුතු සදහා මෙහි පැමිණි බව සදහන්. තවත් සදහන් කරුණක් වන්නේ අදද මෙකී ඉහත සදහන් කල ආසනය කිසිවකුට වාඩිවී භාවනායෝගීව සිටින්නට ඉඩ ලබා නොදෙන ඇතැම් බලවේගයක් මෙහි පවතින බවයි.එමෙන්ම මෙම භූමිභාගයට අයත් කොටසක් වන” සක්මන ” කොටසේත් නොයෙකුත් ප්‍රශ්ණාර්ථ ගත සිදුවීම් කලකට පෙර සිදුව ඇති බවට ඇතම් තොරතුරු පල වනවා.
මෙහි ඇති ඇතම් ස්ථාන අසල චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීම් පවා ඇති කරවන බව සදහන් අද වනවිටත් විදෙස් පරීක්ෂකයන් මේ අවට කැලෑ ප්‍රදේශ තුල යම් යම් පර්යේෂණ කටයුතු වල නියැලෙන බව සදහන් වනවා. බොහෝ විට ලංකා බිමේ සක්වල දොරටු හා කතා කරන විට නිතැතින්ම සදහන් වන සීගිරිය හා රන්මසු උයන යන නම් අතරට මෙම කලුදිය පොකුණ ස්ථානයද සදහන් කිරීමට පුලුවන්. විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි බොහෝ නොවිසදුනු අභිරහස් අතර හෙළ ඉතිහාසයේ සිට අද වනතුරුත් රහස් ගිලගෙන නිසලව බලා සිටින තවත් මේ බිමේ බලකේණ්ද්‍රයක් වන කලුදිය පොකුණ හෙටත් ඒ රහස් ගිල ගෙන නිසොල්මනේ සිටින බවට සැකයක් නැත.
සටහන - පුරාණ හෙළ වංශය
ඇත්තටම බැලුවොත් අද අප සමරන්නේ නටබුන්ව ගිය ඒ අතිතය ක්.. නමුත් අපේ වර්තමාන පරපුර මේ ප්‍රෟඩ අතීතය පිළිබඳව ලොකු වැටහීමක් නෑ.
මේ තැන් අපේ උරුමයන්.. මේවා විනාශ නොකරන්න වගබලා ගන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. අතීතයේ මහ රහතුන් ඔබ මොබ ඇවිද ගිය බන භාවනා කල මෙම බිමේ අදටද අතීතයේ බොහෝ රහස් සගවා ගනිමින් කළු දිය පොකුන නිසලව බලාසිටී...
මිහින්තලේ බටහිර බෑවුම් පාමුල පිහිටා ඇති එය පොකුණු අතරින් විශාලතම පොකුණ වේ. බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ කළුදිය පොකුණ යනු IV වන මහින්දගේ පුවරු වල සඳහන් පැරණි පොරෝදිනි පොකුණ විය හැකි බවයි. කළු දිය පොකුණ, වචනාර්ථයෙන් පරිවර්තනය කර ඇත්තේ කළු ජල තටාකය යන්නයි. අසල්වැසි වනාන්තරවල සහ කඳුකරයේ ගස්වල සහ ගල්පරවල අශෝභන ප්රතිබිම්බවලට ගෞරවයෙන් මෙම නම පරිණාමය වූ බවත්, දවසේ බොහෝ අවස්ථාවලදී එහි විස්තරයට සත්ය වන බවත් පැවසේ. පොකුණ වටා ඇති හොඳින් සැලසුම් කර ඇති ගොඩනැගිලි සංකීර්ණය, සමහර ගොඩනැගිලි හරහා දිවෙන කෘතිම දිය අගල් සහිත දියුණු හයිඩ්‍රොලික් ශිෂ්ටාචාරයකට සාක්ෂි දරයි. නාන නිවාස, ගොඩනැගිලි තුළ වැසිකිළි. පොකුණ වටා ස්තූපයක්, උපෝසථඝරයක් හෝ පොහොය ගෙයක්, භික්ෂූන් වහන්සේලාගේ හැසිරීමට හෝ හැසිරීමට අදාළ යම් යම් පුද පූජා පැවැත්වීම සඳහා නියමිත කාල පරාසයන් තුළ රැස් වූ ගොඩනැඟිල්ල, චංකාමන පථය, සක්මන් කිරීම සඳහා සක්මන් මළුව, පරිවෙන සහ පාදඩ, නේවාසික ආරාමයක නටබුන් ඇත. සෛල ජන්තා ඝර, නාන කාමරය සහ වච්ච කුට්ටි වැසිකිළිය.
ඒ ආසන්නයේ මඳ අවපාතයක තිබී හමු වූ ලෙන් වාසස්ථානයක් කැපී පෙනේ. විශාල ගල් පර්වතයක් යට ඉතා සුවපහසු ලෙස සිරවී ඇති අතර, සාමාන්‍ය ගඩොල් සහ බදම වෙනුවට සිනිඳු ග්‍රැනයිට් ස්ලැබ් සහ ගඩොල් එකට මිශ්‍ර කර සංවෘත බිත්ති සාදයි. සමහර විද්වතුන් විශ්වාස කරන්නේ මෙය ඇති නාන පොකුණකට සම්බන්ධ නාන නිවසක් වන අතර එය දැන් රොන්මඩ දමා ඇති බවයි.
Great work
ReplyDelete❤
ReplyDelete