එය හැබෑවට ම අපේ මහ පොළොව මත සිදු වූ හා සිදුවෙමින් පවතින යථාර්ථය යි. කෙනකු රිඹ යොදා කුඹුරු අස්වද්දන අතර තව කෙනෙක් සැපට සිට අස්වැන්න සූරා ගනිති. එය බිම් කුලියසේ හඳුන්වති. කෙනකු ස්වභාව ධර්මයට අනුගතව එහි ව්‍යාප්තියට කරුණු සපයමින් අල්පේච්ඡ ජීවිත ගත කරන අතර තව කෙනෙක් ස්වභාව ධර්මය විනාශ කරමින් මහේශාක්‍ය ජීවිත ගත කරති. බැලූ බැල්මට මේ ලෝකය පුරා හැමදාම සිදුවන්නේ ඒ ටිකමය. මේ දෙ අංශය හොඳ හා නරක ලෙස ගතහොත්; හොඳ හා නරක අතර ඝට්ටනය ද හැමදාම සිදු වේ. ඉතිහාසයේ සිදුවීම් නැවත ඒ ලෙසින් ම යළි අපට මුණ ගැසෙනු ඇත.
කවියකු ලෙස ද, ප්‍රබන්ධ කථා රචකයකු ලෙස ද නමක් සටහන් කරගෙන ඇති මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අභිනව ප්‍රබන්ධය ‘මාණික්කාවත’ ලෙස නම් කර තිබේ. රත්නපුර - සබරගමුව කේන්ද්‍රකොට රචනා වී ඇති මේ කෘතිය කෙටි නවකතා ගණයට ඇතුළත් කළ හැකි ය. එහි රටාව, කතා - වස්තුව , භාෂාව වඩාත් හොඳින් ඒ බව ප්‍රකට කරයි. කෙටි නවකතාව සිංහල පාඨකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින අතර රචකයෝ ද ඒ කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වති. මේ කාලයට අනුව ද කෙටි නවකතාවේ ගැළපීමක් පවතී.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල |
මේ කතාව තුළ ප්‍රධාන චරිත පහක් දකින්නට ලැබේ. කෙටිහාමි, පිච්චි, ගුණාදරී, තිලකරත්න හා සෙනෙහෙලතා වශයෙන් ය. නන්දෝරිස් , රොසලින්, රතුනිලමේ, වතු කම්කරුවන්, පාළුහාමි, වන්දනාකරුවන් ආදී ලෙසින් තවත් චරිත රැසක් මුණගැසෙන අතර එම චරිත යොදාගෙන ඇත්තේ ප්‍රධාන චරිත ඉස්මතු කිරීම සඳහා ය. කෙටිහාමි යනු ස්වභාව ධර්මයට අනුගතව අල්පේච්ඡ ජීවිතයවක් ගත කරන පරමාදර්ශී ගැමියෙකි. හිච්චිහාමි පරමාදර්ශී ගැමි ගැහැනිය යි. අපේ උරුමය හා සංස්කෘතිය ගැන කියන්නට මේ චරිත දෙක උපයෝගී කරගෙන තිබේ.
ගුණාදරී ආබාධිත ගැහැනියක වුව මහා ධෛර්යයකින් ජීවිතයට මුහුණ දෙන අව්‍යාජ චරිතයකි. ඇය සිය අප්පච්චීට දිවිහිමියෙන් ආදරය කරයි. ගෞරව කරයි. දිවියකු සපාකෑම නිසා කුඩා කලදීම දෑස් අහිමි වන ගුණාදරී මහා රාත්‍රියේ කුඹුරු කොටයි. අප්පච්චී සමඟ හරි- හරියට ගොවිතැන් කරයි. හැබෑවට ම මෙබඳු ගැහැනු ගම්වල සිටිති. තිලකරත්න හා සෙනෙහෙලතා නූතන පරපුර නියෝජනය කරති. මේ චරිත දෙක ම රැල්ලට හසු නො වන දෙදෙනෙකි. සිදුවෙමින් පවතින පරිවර්තනයට එරෙහි ව කැරලි ගසනු වෙනුවට ගැටුම මඟ හැර යන පිළිවෙළක් ඔව්හු අනුගමනය කරති. මස්ඉඹුල ඉන් සංකේතවත් කරන්නේ විප්ලවයක් අවශ්‍ය නැත යන්න විය හැකි ය.
සබරගමුව පළාතේ පරිණාමයට හා දේශපාලනයට සම්බන්ධ ප්‍රධාන සිදුවීම් හතරක් කෙරෙහි කතුවරයාගේ අවධානය යොමු වී ඇත.
I ඉංග්‍රීසි පාලනය අවසන් වීම,
II තේ වගාව ව්‍යාප්ත වීම
III මැණික් කර්මාන්තයේ ආරම්භය
IV කුඹුරු පනත ක්‍රියාත්මක වීම
සබරගමුව යනු වෙන ම භූගෝලීය කලාපයෙකි. මධ්‍යම කඳුකරය, වැසි වනාන්තර, වර්ෂාව, දොළ පාරවල් , සමනළ කන්ද, තෙතමනය වැනි ලක්ෂණ ඊට මුල් වී ඇත. මේ හැරෙන්නට සබරගමුවට අනන්‍ය භාෂා රටාවක් ජන සාහිත්‍යයක් හා කලාවක් ද පවතී. ඉංග්‍රීසි පාලනයේ අවසන් කාර්තුව තුළ මේ කලාපයේ බලවත් ප්‍රභූ තැනැත්තා බවට පත් ව සිටියේ මඩුවෙන්වෙල දිසාවේ ය. ඔහුගේ වලව්වට සම්බන්ධ සිදුවීමකින් කතාව ආරම්භ වෙයි. පිච්චි හා කෙටිහාමි ප්‍රභූන්ගේ දඬුවමකට ලක්වූ දෙදෙනෙක් වූහ. දෙදෙනාගේ වනගත හවුල් ජීවිතය ආරම්භ වන්නේ ද එතැන් සිට ය.
කෙටිහාමි නම් චරිතය ගෙඩනඟා ඇත්තේ එක් අතෙකින් මහා වීරියක් ඇති මිනිසකු ලෙසට ය.
තව අතෙකින් ඔහුගේ චරිතය ගොඩනඟා ඇත්තේ උපරිම මනුෂ්‍යත්වයක් සහිත මිනිසකු හැටියට ය. වලව්වේ ඇත්තකු විසින් දූෂ්‍ය කරන ලද පිච්චිහාමි කැටුව පවුල් ජීවිතයක් ගත කරන කෙටිහාමි, කිසි දිනෙක එම සිද්ධිය සිහිකොට ගැහැනියගේ සිත රිද්දවන්නේ නැත.
එදා ප්‍රභූ පාලනය තුළ පැවැති ප්‍රචණ්ඩත්වය, විකාර රූපී බව හා ආශීලාචාර බව ඉතා සියුම් ලෙසින් නිරූපණය කිරීමට කතුවරයා සමත් වෙයි. කෙටි හාමිගේ කතාවලින් පෙනී යන්නේ ඔහු ප්‍රභූ පන්තියට වෛර නොකරන බවය. ඒ සැබෑ ගැමියාගේ ස්වභාවයයි. මේ ගැමි ගතිය මෝඩකමක් නොව, උසස් මිනිස් ධර්මතාවක් බවද කතුවරයා පෙන්වා දෙයි.
සබරගමුවේ පරිණාමයට බල පෑ තවත් විශේෂ සාධකයක් වන්නේ වතු වගාව ය. මුලින් සබරගමුවේ උස් භූමි තේ වගාව සඳහා එළි-පෙහෙළිකරන අතර පසුව කලාපය පුරා ව්‍යාප්ත වන්නේ රබර් වගාව ය. වතු වගාව සමඟ මේ ප්‍රදේශවලට කඩා වදින තවත් සාධකයක් වන්නේ දෙමළ වතු කම්කරු ප්‍රජාව ය. ඔව්හු ව්‍යවසාකයන් විසින් තනා දෙන ලද ‘ලයින්’ කාමරවල ජීවත් වූහ. මේ නිසා සබරගමුවට අලුත් උප සංස්කෘතික ලක්ෂණ සිංහල ගම්මාන තුළ ද ස්ථාවර විය. එදා ජාතිවාදී ගැටුමක් සබරගමුව තුළ නොවූ නමුදු දේශපාලන බලපෑම් මත එම දූර්-ලක්ෂණය ද සබරගමුවෙන් මතුවෙයි.
එහෙත් කෙටිහාමි වැනි පරමාදර්ශී චරිත තුළ ජාතිවාදයක් තිබුණේ ම නැත. ඔහු තමාගේ වී පෙට්ටියෙන් වී ගෙන, වතු කම්කරුවනට දෙයි. කෙටිහාමිගේ මළගමට සහභාගී වන දෙමළ ප්‍රජාව ඔහුගේ කෘතගුණ වනයි.
රත්නපුරය ආදී ප්‍රදේශවල නූතන කතාව ලියැවෙන්නේ මැණික් කර්මාන්තයත් සමඟ ය. මේ කර්මාන්තය නිසා අලුත් සල්ලිකාරයන් බිහි වූ අතරම සමාජ හර පද්ධතීන් බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය. සමාජශාලා, ගණිකා වෘත්තිය හා තවත් ජාවාරම් ප්‍රදේශ පුරා පැතිර යන්නට විය. රත්නපුර නගරය ඒඩ්ස් රෝගයට පවා ප්‍රචලිත වීම මෙහි තවත් ප්‍රතිඵලයෙකි. අලුත් සල්ලිකාර පැලැන්තිය නිසා සබරගමුව තුළ බලවත් පරිසර විනාශයක්ද සිදු විය. මේ දෙස බුද්ධිමත් ඇසකින් බලන්නට තිළකරත්න මෙන් ම සෙනෙහෙලතා ද ඉදිරිපත් වෙති. බස්ඉඹුල ඉන් සංකේතවත් කරන්නේ නව පරපුරේ ප්‍රබුද්ධ කණ්ඩායම ගැන ය.
පාරම්පරික ප්‍රභූ පන්තියේ බිඳ වැටීම සංකේතවත් කරන තවත් සාධකයක් වූ කුඹුරු පනත ගැන ද කතුවරයාගේ අවධානය යොමු වී ඇත. එය ද මේ කලාපයේ සමාජ පරිසරය වෙනස් කරන්නට ප්‍රබල ලෙසින් බලපා තිබේ. ප්‍රභූ පන්ති පාලනයට එය යම් බලපෑමක් සිදු කළ ද ඒ ඔස්සේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යහපත් ෙලස වෙනස් වූයේ නැත. මැණික් කර්මාන්තය හා වතුවගාව ඊට වැඩි බලපෑමක් මේ ජනතාවට සිදු කර තිබේ.
මස්ඉඹුල මේ කතාව තුළ අනුවේදනීය සිදුවීම් ගණනාවක් නිරූපණය කරයි. ඒ මගින් පාඨක අවධානය ගොනු කරගන්නා අතර ජීවිත යථාර්ථයන් ද මතු කරයි.
(I) කෙටිහාමිගේ පළමු දරුවා දිවියකුගේ ප්‍රහාරයට ලක්වීම.
(II) තම වටපිරාව හොඳින් හඳුණන ගුණාදරී පතලකට වැටී මිය යෑම.
(III) ගුණාදරී මරණාසන්නව සිටිය දී නන්දෝරිස් ඇගේ ගෙය හාරමින් මැණිකක් සෙවීම.
(IV) මනංසිඤ්ඤො පිහියකින් ඇන රතු නිලමේ මරා දැමීම
මේ සිදුවීම් බලහත්කාරයෙන් ඔබ්බවා නැත. ඒවා කතාව සමඟ ඓන්ද්‍රීය ලෙසින් බැඳී පවතී. කෙටිහාමිගේ පවුල වනාන්තරයක් තුළ ජීවත්වන්නේ ජීවිතයට හා මරණයට සම - සම ලෙස මුහුණ දෙමින් ය. මෙබඳු පරිසරයක ලේ කැටි දරුවකු දිවියකුගේ ගොදුරක් බවට පත්වීම ස්වාභාවික ය. ඔහු මේ අවස්ථාව නිරූපණය කරන්නේ ද අපූරු විලාසයකින් ය.
“දැරිය උස්හඬින් කෑගසයි. පිච්චි ගේ ළඟට හැල්මේ දිව එද්දී ඇටඹ ගසේ ලෑල්ලට බත් කන්නට ආ ලෙහෙන්නු ද කෑ ගසමින් සිටියහ. ගෙයි වහලය උඩට නැගි අවිච්චියෙක් ද ඒ - මේ අත පනිමින් අමුතු ආකාරයකට කෑගසන්නට විය. දොර මඳක් විවර වී තිබේ. වංගෙඩිය පෙරැළී ඇත. ඇය වහා ගෙට ගොඩවී තල් අතු දොර තල්ලු කර දැමුවා ය. ඒ වන විටත් ඒ කරුමක්කාර දේ සිදු වී තිබුණේ ය. “
(පිටුව - 51)
ගුණාදරී දෑස් අහිමි තරුණියක බවට පත් වන්නේ ඉන් ටික කලකට පසුව ය. එහෙත් ඈ මනා වීරියකින් ජීවිතයට මුහුණ දෙයි. මේ තරුණිය ගෙදර අන් සියලු දෙනාට ම වැඩියෙන් ප්‍රඥාවන්ත ය. ඇයට දුර ඇති අනතුරක් පවා හඳුනාගත හැකි ය. එහෙත් ඈ මිය පරලොව යන්නේ පතලකට ඇද වැටීමෙන් ය. එය නූතන සමාජය විසින් අටවන ලද උගුලක් සේ හැඳින්විය හැකි ය. නූතන සමාජයේ කුහක බව කෙතරම් උත්සන්න වී තිබේ ද යත්; ගුණාදරී මරණාසන්නව කෙඳිරි ගාද්දී ඇයගේ ඥාති පුත්‍රයකු වන නන්දෝරිස් ඇයගේ නිවෙසෙහි අත්තිවාරම හාරා එහි ඇති ගෙවුඩ මැණිකක් සොයාගනී. නන්දෝරිස් මේ සඳහා සැලැසුම් කරන අතර ඔහුට ගුණාදරීගේ ජීවිතය තඹ දොයිතුවකට වටින්නේ නැත. ධනේශ්වරය මිනිසාගේ චින්තනය කොයිතාක්දුරකට දූෂ්‍ය කර තිබේ ද? මනංසිඤ්ඤො ද නිලමේට පිහියෙන් ඇන මරා දැමීම මේ කතාවේ එන සුවිශේෂ සිද්ධියෙකි. දූෂිත බලවේග විනාශ කිරීම සඳහා ප්‍රභූ පැලැන්තියට එරෙහි බලවේග එම පරිසරයෙන්ම නැගී සිටිනු ඇත. එය ද ඉතිහාසය විසින් පසක් කරනු ලබන සත්‍යතාවකි.
මාණික්කාවත ප්‍රබන්ධය තුළ තවත් කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ. ඒවා ලේඛකයා විසින් ගොඩනඟාගන්නා ලද කුසලතා ලෙස හඳුනාගත හැකි ය.
(I) කතාව නිදහසේ ගලා යෑමට ඉඩ දෙයි.
(II) කතුවරයාගේ උපදේශන හා බරපතළ විග්‍රහ නැත.
(III) කතාවට හා පසුබිමට ගැළපෙන අපූරු භාෂාවක් යොදා ගනී.
සබරගමුව යනු වෙන ම භූගෝලීය කලාපයෙකි. මධ්‍යම කඳුකරය, වැසි වනාන්තර, වර්ෂාව, දොළ පාරවල් , සමනළ කන්ද, තෙතමනය වැනි ලක්ෂණ ඊට මුල් වී ඇත. මේ හැරෙන්නට සබරගමුවට අනන්‍ය භාෂා රටාවක් ජන සාහිත්‍යයක් හා කලාවක් ද පවතී. ඉංග්‍රීසි පාලනයේ අවසන් කාර්තුව තුළ මේ කලාපයේ බලවත් ප්‍රභූ තැනැත්තා බවට පත් ව සිටියේ මඩුවෙන්වෙල දිසාවේ ය. ඔහුගේ වලව්වට සම්බන්ධ සිදුවීමකින් කතාව ආරම්භ වෙයි. පිච්චි හා කෙටිහාමි ප්‍රභූන්ගේ දඬුවමකට ලක්වූ දෙදෙනෙක් වූහ. දෙදෙනාගේ වනගත හවුල් ජීවිතය ආරම්භ වන්නේ ද එතැන් සිට ය.
කෙටිහාමි නම් චරිතය ගෙඩනඟා ඇත්තේ එක් අතෙකින් මහා වීරියක් ඇති මිනිසකු ලෙසට ය.
තව අතෙකින් ඔහුගේ චරිතය ගොඩනඟා ඇත්තේ උපරිම මනුෂ්‍යත්වයක් සහිත මිනිසකු හැටියට ය. වලව්වේ ඇත්තකු විසින් දූෂ්‍ය කරන ලද පිච්චිහාමි කැටුව පවුල් ජීවිතයක් ගත කරන කෙටිහාමි, කිසි දිනෙක එම සිද්ධිය සිහිකොට ගැහැනියගේ සිත රිද්දවන්නේ නැත.
එදා ප්‍රභූ පාලනය තුළ පැවැති ප්‍රචණ්ඩත්වය, විකාර රූපී බව හා ආශීලාචාර බව ඉතා සියුම් ලෙසින් නිරූපණය කිරීමට කතුවරයා සමත් වෙයි. කෙටි හාමිගේ කතාවලින් පෙනී යන්නේ ඔහු ප්‍රභූ පන්තියට වෛර නොකරන බවය. ඒ සැබෑ ගැමියාගේ ස්වභාවයයි. මේ ගැමි ගතිය මෝඩකමක් නොව, උසස් මිනිස් ධර්මතාවක් බවද කතුවරයා පෙන්වා දෙයි.
සබරගමුවේ පරිණාමයට බල පෑ තවත් විශේෂ සාධකයක් වන්නේ වතු වගාව ය. මුලින් සබරගමුවේ උස් භූමි තේ වගාව සඳහා එළි-පෙහෙළිකරන අතර පසුව කලාපය පුරා ව්‍යාප්ත වන්නේ රබර් වගාව ය. වතු වගාව සමඟ මේ ප්‍රදේශවලට කඩා වදින තවත් සාධකයක් වන්නේ දෙමළ වතු කම්කරු ප්‍රජාව ය. ඔව්හු ව්‍යවසාකයන් විසින් තනා දෙන ලද ‘ලයින්’ කාමරවල ජීවත් වූහ. මේ නිසා සබරගමුවට අලුත් උප සංස්කෘතික ලක්ෂණ සිංහල ගම්මාන තුළ ද ස්ථාවර විය. එදා ජාතිවාදී ගැටුමක් සබරගමුව තුළ නොවූ නමුදු දේශපාලන බලපෑම් මත එම දූර්-ලක්ෂණය ද සබරගමුවෙන් මතුවෙයි.
එහෙත් කෙටිහාමි වැනි පරමාදර්ශී චරිත තුළ ජාතිවාදයක් තිබුණේ ම නැත. ඔහු තමාගේ වී පෙට්ටියෙන් වී ගෙන, වතු කම්කරුවනට දෙයි. කෙටිහාමිගේ මළගමට සහභාගී වන දෙමළ ප්‍රජාව ඔහුගේ කෘතගුණ වනයි.
රත්නපුරය ආදී ප්‍රදේශවල නූතන කතාව ලියැවෙන්නේ මැණික් කර්මාන්තයත් සමඟ ය. මේ කර්මාන්තය නිසා අලුත් සල්ලිකාරයන් බිහි වූ අතරම සමාජ හර පද්ධතීන් බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය. සමාජශාලා, ගණිකා වෘත්තිය හා තවත් ජාවාරම් ප්‍රදේශ පුරා පැතිර යන්නට විය. රත්නපුර නගරය ඒඩ්ස් රෝගයට පවා ප්‍රචලිත වීම මෙහි තවත් ප්‍රතිඵලයෙකි. අලුත් සල්ලිකාර පැලැන්තිය නිසා සබරගමුව තුළ බලවත් පරිසර විනාශයක්ද සිදු විය. මේ දෙස බුද්ධිමත් ඇසකින් බලන්නට තිළකරත්න මෙන් ම සෙනෙහෙලතා ද ඉදිරිපත් වෙති. බස්ඉඹුල ඉන් සංකේතවත් කරන්නේ නව පරපුරේ ප්‍රබුද්ධ කණ්ඩායම ගැන ය.
පාරම්පරික ප්‍රභූ පන්තියේ බිඳ වැටීම සංකේතවත් කරන තවත් සාධකයක් වූ කුඹුරු පනත ගැන ද කතුවරයාගේ අවධානය යොමු වී ඇත. එය ද මේ කලාපයේ සමාජ පරිසරය වෙනස් කරන්නට ප්‍රබල ලෙසින් බලපා තිබේ. ප්‍රභූ පන්ති පාලනයට එය යම් බලපෑමක් සිදු කළ ද ඒ ඔස්සේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යහපත් ෙලස වෙනස් වූයේ නැත. මැණික් කර්මාන්තය හා වතුවගාව ඊට වැඩි බලපෑමක් මේ ජනතාවට සිදු කර තිබේ.
මස්ඉඹුල මේ කතාව තුළ අනුවේදනීය සිදුවීම් ගණනාවක් නිරූපණය කරයි. ඒ මගින් පාඨක අවධානය ගොනු කරගන්නා අතර ජීවිත යථාර්ථයන් ද මතු කරයි.
(I) කෙටිහාමිගේ පළමු දරුවා දිවියකුගේ ප්‍රහාරයට ලක්වීම.
(II) තම වටපිරාව හොඳින් හඳුණන ගුණාදරී පතලකට වැටී මිය යෑම.
(III) ගුණාදරී මරණාසන්නව සිටිය දී නන්දෝරිස් ඇගේ ගෙය හාරමින් මැණිකක් සෙවීම.
(IV) මනංසිඤ්ඤො පිහියකින් ඇන රතු නිලමේ මරා දැමීම
මේ සිදුවීම් බලහත්කාරයෙන් ඔබ්බවා නැත. ඒවා කතාව සමඟ ඓන්ද්‍රීය ලෙසින් බැඳී පවතී. කෙටිහාමිගේ පවුල වනාන්තරයක් තුළ ජීවත්වන්නේ ජීවිතයට හා මරණයට සම - සම ලෙස මුහුණ දෙමින් ය. මෙබඳු පරිසරයක ලේ කැටි දරුවකු දිවියකුගේ ගොදුරක් බවට පත්වීම ස්වාභාවික ය. ඔහු මේ අවස්ථාව නිරූපණය කරන්නේ ද අපූරු විලාසයකින් ය.
“දැරිය උස්හඬින් කෑගසයි. පිච්චි ගේ ළඟට හැල්මේ දිව එද්දී ඇටඹ ගසේ ලෑල්ලට බත් කන්නට ආ ලෙහෙන්නු ද කෑ ගසමින් සිටියහ. ගෙයි වහලය උඩට නැගි අවිච්චියෙක් ද ඒ - මේ අත පනිමින් අමුතු ආකාරයකට කෑගසන්නට විය. දොර මඳක් විවර වී තිබේ. වංගෙඩිය පෙරැළී ඇත. ඇය වහා ගෙට ගොඩවී තල් අතු දොර තල්ලු කර දැමුවා ය. ඒ වන විටත් ඒ කරුමක්කාර දේ සිදු වී තිබුණේ ය.
ගුණාදරී දෑස් අහිමි තරුණියක බවට පත් වන්නේ ඉන් ටික කලකට පසුව ය. එහෙත් ඈ මනා වීරියකින් ජීවිතයට මුහුණ දෙයි. මේ තරුණිය ගෙදර අන් සියලු දෙනාට ම වැඩියෙන් ප්‍රඥාවන්ත ය. ඇයට දුර ඇති අනතුරක් පවා හඳුනාගත හැකි ය. එහෙත් ඈ මිය පරලොව යන්නේ පතලකට ඇද වැටීමෙන් ය. එය නූතන සමාජය විසින් අටවන ලද උගුලක් සේ හැඳින්විය හැකි ය. නූතන සමාජයේ කුහක බව කෙතරම් උත්සන්න වී තිබේ ද යත්; ගුණාදරී මරණාසන්නව කෙඳිරි ගාද්දී ඇයගේ ඥාති පුත්‍රයකු වන නන්දෝරිස් ඇයගේ නිවෙසෙහි අත්තිවාරම හාරා එහි ඇති ගෙවුඩ මැණිකක් සොයාගනී. නන්දෝරිස් මේ සඳහා සැලැසුම් කරන අතර ඔහුට ගුණාදරීගේ ජීවිතය තඹ දොයිතුවකට වටින්නේ නැත. ධනේශ්වරය මිනිසාගේ චින්තනය කොයිතාක්දුරකට දූෂ්‍ය කර තිබේ ද? මනංසිඤ්ඤො ද නිලමේට පිහියෙන් ඇන මරා දැමීම මේ කතාවේ එන සුවිශේෂ සිද්ධියෙකි. දූෂිත බලවේග විනාශ කිරීම සඳහා ප්‍රභූ පැලැන්තියට එරෙහි බලවේග එම පරිසරයෙන්ම නැගී සිටිනු ඇත. එය ද ඉතිහාසය විසින් පසක් කරනු ලබන සත්‍යතාවකි.
මාණික්කාවත ප්‍රබන්ධය තුළ තවත් කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ. ඒවා ලේඛකයා විසින් ගොඩනඟාගන්නා ලද කුසලතා ලෙස හඳුනාගත හැකි ය.
(I) කතාව නිදහසේ ගලා යෑමට ඉඩ දෙයි.
(II) කතුවරයාගේ උපදේශන හා බරපතළ විග්‍රහ නැත.
(III) කතාවට හා පසුබිමට ගැළපෙන අපූරු භාෂාවක් යොදා ගනී.
මස්ඉඹුල ඉතා ශක්තිමත් හා අව්‍යාජ කතාවස්තුවක් ගොඩ නඟන අතර ඊට ගැළපෙන අපූරු භාෂා රටාවක් භාවිත කරයි.
No comments:
Post a Comment