සිංහල ජනයාගේ ආරම්භය සහ විකාශනය මෙන්ම පැවැත්ම ගැන කරුණු සෙවීමේදී කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු ජනතාවක් මෙරට වාසය කළ බව පැහැදිලිය. ඒ අනුව දියුණු වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ ඔවුන් බත බුලතින් සරු ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියූ බව නොරහසකි.
මහ පොළොව ගිනියම් කළ අව්ව මෙන්ම පොළොවට වැටෙන වැස්ස ආදී මෙකී ස්වාභාවික වෙනස්වීම්වලට මුහුණ දෙමින් ඔවුන් මහ පොළොව සමඟ පොරබදා ආර්ථිකය ශක්තිමත් කළේ කිසිවකුට අත නොපා ජීවත්වීමටය. කැත්ත, උදැල්ල, හරකාබාන ඔවුන් සතු පොදු වස්තූන් විය. වැවෙන් ලැබෙන නිල් දියවරින් ගොවිතැන්බත් සරිකර ගත්තා සේම දාගැබෙන් පන්සලෙන් ඔවුන්ගේ ආධ්‍යාත්මික චින්තනයට අවැසි මනසක් නිර්මාණය කළේය.
මිහිඳු සංස්කෘතියෙන් පෝෂණය වූ මෙරට හර පද්ධතිය රැකගැනීමට සිංහල රජ දරුවෝ දිවිහිමියෙන් කටයුතු කළෝය. එසේම තම යුතුකම වූ රට දැය සමය ආරක්ෂා කිරීමට ද නිරන්තරයෙන්ම වගබලා ගත්හ.
සිංහල සංස්කෘතියේ සමාරම්භය මිහිඳු හිමියන්ගේ පැමිණීමට පෙර වූවක් බව බොහෝ වියතුන්ගේ මතය වේ. මහින්දාගමනයට පෙර සිංහල සංස්කෘතිය ආරම්භ වූ බවට හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් දක්වන අදහස මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ද පිළිගෙන ඇත. විජයාවගමනයෙන් මෙරට ඉදිවූ අනුරාධ ග්‍රාමය මුල්කරගෙන නව කෘෂිකාර්මික දියුණුවක් ඇති විය.
මහාවංසයේ සඳහන් කරන තොරතුරුවලට අනුව මෙරට ඉදිවූ ආදිතම වැව ලෙස හඳුනාගනු ලබන්නේ ක්‍රි. පූ. හතර වැනි සියවසේ ඉදිකරන ලද බසවක්කුලම වැවය. සිංහල ජනයා ස්වකීය ජල කළමනාකරණ ශඛ්‍යතාව මත නිර්මිත වූ මුල්කාලීන ශිෂ්ටාචාරය තුළින් මානව වංශයේ සුවිශේෂ ස්ථාවරත්වයකට පත්ව ඇත.
සිංහලයා සතු සංවර්ධිත වාරි තාක්ෂණ ඥානය සහ බෞද්ධ ස්මාරක ලොව මවිතයට පත් කිරීමට හැකි විය. වැව සහ දාගැබ පදනම් වූ ආර්ථික රටාවක් බිහිවීම ද සුවිශේෂී අවස්ථාවකි. මෙම පරිසරය තුළ ප්‍රධාන ආහාරය බත් වීමත්, සහල් සපයා ගැනීමට කුඹුරු කිරීමේදී වැව් මඟින් ජලය ගැනීමත් නිසා විවිධ උපකරණ, සාමුහික ක්‍රියා පිළිවෙත් සහිත නව සංස්කෘතියක් පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී ගොඩනැඟිණි.
මෙම පදනම හෙළ සංස්කෘතියේ පදනම බවට පත්වේ. ප්‍රධාන ආහාරය ලෙස සහල් සපයා ගැනීම නිසා වැව රැකියා සම්මුති සහ ජීවනෝපාය මත පදනම්ව ගොඩනැඟෙන සංස්කෘතිය හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හඳුනාගන්නේ 'සහල් සභ්‍යත්වය' යනුවෙනි.
මිහිඳු මාහිමියන්ගේ ආගමනය සිංහල සංස්කෘතිය නව දිශානතියක් කරා මෙහෙය වූ ප්‍රබලතම සංස්කෘතික විප්ලවය වශයෙන් පෙන්වා දීමට පුළුවන. මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් පසු අටළොස් ශ්‍රේණියක කුලවල වෘත්තිකයන් මෙරටට පැමිණීමෙන් අපේ රට ආර්ථික, දේශපාලනික, සාමාජික වශයෙන් ඉහළ තලයකට පැමිණි බව නොරහසකි. මහා දාගැබ්, මහා වැව් පමණක් නොව රාජකීය උද්‍යාන, රාජකීය පොකුණු, විවිධ ගොඩනැගිලිවලින් අලංකාර නගර නිර්මාණයක් පණ්ඩුකාභය රජුගෙන් පසුව ඇරඹි බව ඉතිහාසය පෙන්වා දෙයි.
ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමත්, මහා විහාරය වැනි විශිෂ්ට ගණයේ අධ්‍යාපන ආයතන බිහිවීමත් මහාමෙවුනා උයන, ථූපාරාමය වැනි පරම පූජනීය ස්ථාන ගොඩනැඟීම තුළින් මිනිසුන්ගේ චිත්ත සන්තානය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර රැසක් මේ තුළින් බිහිවීමට හේතු විය. විශේෂයෙන් තමන්ගේ ආර්ථීකය ශක්තිමත් කළ වී ගොවිතැනේදී සිදුවන විපත් මඟහරවා ගැනීමේ අරමුණින් හා සශ්‍රික බව අරබයා පුද පූජා පැවැත්වීමේ සම්ප්‍රදායක් මේ අනුව බිහි විය.
වැසි නොලැබෙන කාලවලදී ශ්‍රී මහා බෝධියට කන්නලව් කළ අතර නියං සමයේදී තිසාවැවෙන් පැන් ගෙන පෙරහරෙන් ගොස් බෝධීන් වහන්සේ නහවා තිබේ. දළදා වහන්සේට ද මෙබඳුම බලයක් පවතින බවට සමස්ත ජන සමාජයම පිළිගෙන ඇත.
ශ්‍රී සුමංගල ශබ්දකෝෂයට අනුව කුඹුරු යනු 'ගොයම් වැවෙන දිය සහිත කෙත' ය. කෙත හෙවත් ඛෙත්ත යන්නද 'කුඹුර' යන අරුත දීමට යෙදෙන්නකි. ත්‍රිපිටක අර්ථ කෝෂයට අනුව 'සාරඛෙත්ත' යනු සරුසාරවත් කුඹුර යන අරුත ගෙන දෙයි. කුඹුර, කුබර, කෙත විය ආදී නම්වලින් ද එය ශිලා ලේඛනවල දැක්වේ. පූජාවක් පිළිබඳ සඳහන් කරන රිටිගල සෙල්ලිපියේ ද කුබර හා කෙත යනුවෙන් සඳහනක් දැකිය හැකිය.
බුදු දහමේ උගන්වන කළගුණ සැලකීම යන උතුම් ගුණාංගය මහින්දාගමනයෙන් ඔපවැටුණු ශ්‍රී ලාංකේය කෘෂි අර්ථක්‍රමය තුළ ද හොඳින් ප්‍රදර්ශනය විය. කුඹුරු අස්වැද්දීමේ සිට ගොයම් කපා අස්වැන්න ගෙට ගන්නා තෙක් සියලුම ක්‍රියාදාමයන්හිදී බුදු පුද පැවැත්වීම ගොවි සංස්කෘතියේ ප්‍රධාන තේමාවක් බවට පත් විය. කෙත හා බැඳි සියලු අවස්ථාවලදී දානය අමතක නොකළ කෘතගුණශීලී ගොවි පරපුරක් ශ්‍රී ලාංකේය ගොවි සංස්කෘතිය තුළ සිටි බවට ඕනෑ තරම් නිදසුන් ජනකවි සාහිත්‍යය තුළින් ද මතුකර දැක්විය හැකිය.
පැරැණි ජන සාහිත්‍යයේ එන ජන කවියක දැක්වෙන 'තුනක් මැනලා ගෙන අටුවේ තියෙනවා දෙකක් කොටා කෑමට සලසනවා දනක් දීමට බතක් උයනවා' යන පද පිරික්සීමෙන් අතීත මිනිසා තම ආර්ථික ජීවිතයේ දී සිය අස්වැන්න කළමනාකරණය කරගත් ආකාරය පිළිබඳව කාලීන වැදගත්කම් සහිත තොරතුරු රැසක් මතුකර ගැනීමට හැකියාව ඇත. සිය අස්වැන්න නිවෙසට රැගෙන ආ ගොවියා ඉන් කොටසක් අනාගත අවශ්‍යතා සඳහා තැන්පත් කිරීමක් සිදු කරන අතර, තවත් කොටසක් සිය ආහාර අවශ්‍යතා පූරණය කිරීම සඳහා යොදාගෙන තිබේ. මෙම සියලු කාර්යයන්වලට පෙරාතුව දානය සඳහා බතක් උයා එහි අග්‍රඵලය බුදු පුද සඳහා වෙන් කිරීමට ඔවුන් අමතක කළේ නැත. තම අස්වැන්න හා එහි සරුසාරත්වයෙහි ගෞරවය ආගමික සංස්ථාවක් වෙත බද්ධ කරමින් සිය කෘතගුණශීලීත්වය එකී ආගමික සංස්ථාව වෙත ලබාදීමට අතීත මිනිසා දැක්වූ නම්‍යශීලීත්වය ආගමික සංස්ථාව හා බැඳි දායක පරපුරක් සමාජය වෙත දායාද කිරීමට මනා පිටිවහලක් වන්නට ඇති බව ද කල්පනා කළ හැකිය. තවත් අතකින් එය බුදුන් වහන්සේ විසින් ලෝකයට කියා දුන් ආර්ථික කළමනාකරණයේ සහ කෘතගුණශීලීත්වයේ පණිවිඩය සමාජගත වූ අවස්ථාවක් ලෙස ද පෙන්වාදිය හැකිය.
දහදිය වගුරුවා සපයා ගත් අග්‍ර කොටස අලුත් සහල්, අගස, අගහස, අලුස්සාල්, අලුසහල්, අගසස් අක්බත, මුල්යාල, අක්යාල සහ අක්කියාල යන නම්වලින් හඳුන්වන්නේ ද එකී අස්වැන්නේ අග්‍ර ඵලයයි. එහි ප්‍රමුඛ පූජා කරන දානය අගස්දානය, අගහස්දානය, අගසස් දානය, අගස්ස දානය, අලුසල් මංගල්‍යය සහ අලුත් සහල් මංගල්‍යය යන නම්වලින් ව්‍යවහාර වේ.
මෙරට ගොවියා කෙතේ වැඩ ආරම්භ කිරීමට පිවිසෙන්නේ බුදුන් දෙවියන් වැඳ ලබාගත් ආශීර්වාදයේ පිවිතුරු සිතිනි. නව කන්නයට කෙත සකස් කිරීමට ආරම්භ කළ තැන් සිට ඒ ඒ අවස්ථාවේදී බුදුන්ගේ සහ දෙවියන්ගේ පිහිට සහ ආරක්ෂාව අපේක්ෂා කළ බව නොරහසකි. වගා කළ ගොයම නිල්ලට හැරී කරල් පූදින අවස්ථාවේදී කිරි කරල් දෙවියන්ට පිදීම අදටත් රජරට ප්‍රදේශය ඇසුරෙන් දක්නට ලැබේ. ඇතැම් පළාත්වල අධිපති දෙවාලේ කපුමහතා පුවක් මල්, නා අතු වැනි දෑ යාතිකා කරවා කුඹුරුවල එල්ලා තැබීම ගොයම් පූදින කාලය තුළ ගොවීන් අනුගමනය කරන චාරිත්‍රයකි. ඇතැම් අවස්ථාවල ගොවියා විසින් පැසීගෙන එන වී කරල් විහාරයට ගෙන ගොස් එල්ලා තැබීම ද සිදු කරයි. ඇතැම් ප්‍රදේශවල කපු මහතා හෝ විහාරාධිපතීන් වහන්සේ සමඟ පෙරහරකින් කුඹුරට දේවාභරණ වැඩම කිරීමක් සිදු කරනු ලබයි. කුඹුරේ සිට අස්වැන්න සාර්ථක වීමට යාතිකා කිරීමක් ද සිදුකිරීම ද විශේෂත්වයකි.
මේ සෑම ක්‍රියාවකම අවසන් ප්‍රතිඵලය සරු අස්වැන්නක් ලබා ගැනීමයි. වෙහෙස මහන්සි වී නෙළාගත් අස්වැන්න පන්සලට හෝ දේවාලයට වෙන් කිරීම මේ අනුව අනිවාර්ය අංගයකි.
අතීත ගොවි ජනතාව වගාවේ අග්‍රඵලය බුදු පුදට වෙන්කළ ආකාරය එලෙස දැක්විය හැකිය. ඒ අනුව පසුකාලීනව මෙම පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ද සහිතව මහා මංගල්‍යයක් ලෙසින් වර්ධනය වූ ස්වභාවයක් දැකගත හැකිය. ප්‍රථම වරට එවැනි අලුත් සහල් මංගල්‍යයක් පවත්වා ඇත්තේ 1967 වසරේදීය. පුරා වසර 54ක් පැවැත්වූ මේ උතුම් චාරිත්‍රය මෙවරත් පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව අප්‍රේල් 4 වැනි ඉරු දින ඉතා උත්සවාකාරයෙන්ම පැවැත්වීමට 'සෞභාග්‍යයේ දැක්ම' පෙරටු කොටගත් වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුරෝගාමීත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ලම මෙවර නියෝජනය වීම මෙහි ඇති විශේෂත්වයයි.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආසන්නයේ ඇති සිංහ කණුව අසලට රැස්වූ ජනතාව එතැන් සිට මහත් බැතියෙන් රැගෙන ආ අගසස් මළුව වටේ පැදකුණු කරවීය. බෝධිමළුව අබියස ඇති අලංකාර මණ්ඩපය තුළ තැන්පත් කර ඇති පාත්‍රයට තමන් රැගෙන ආ නොඉඳුල් සහල් පිරවීම ඉන්පසු සිදු විය.
අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට නිරන්තරයෙන් වෙහෙසෙන වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ඇතුළු තවත් අමාත්‍යවරු රැසක් මෙන්ම රාජ්‍ය නිලධාරිහු ද විශේෂයෙන් දිවයිනේ සිවුදෙසින් පැමිණි රටට බත සපයන ගොවි මහත්වරු ද මේ උතුම් කටයුත්තට සහභාගි වූහ.
එදා පෙර රජ දරුවන් ඇරැඹූ මේ අලුත් සහල් මංගල්‍යය නම් ජාතික උත්සවය මෙවරත් කොවිඩ් තර්ජනය ඇතුළු විවිධ අභියෝග රැසක් මැදින් ඉතා සාර්ථකව පැවැත්වීමට වර්තමාන රජය ගත් උත්සාහය ඉතා ප්‍රශංසනීය කටයුත්තක් බව කිව යුතුව තිබේ.
මෙම මංගල්‍යය අතුරින් විශේෂතැනක් ගන්නා ”දුරුතුමංගල්‍යය, ””අගහස්දානය” ”අලූසහල් මංගල්‍යය” හෙවත් ”අලූත් සහල් මංගල්‍යය” මෙවර පැවැත්වෙන්නේ 51 වැනි වතාවයටය. කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, විසින් උතුරු මැද පළාත් සභාවේ ද රජයේ විවිධ දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල ද අනුග්‍රහය ඇතිව සමස්ත ශ්‍රී ලංකාවේ ගොවිජනතාවගේ ආශිර්වාදාත්මක සහභාගීත්වයෙන් 2018 අපේ‍්‍රල් මස 08 වන දින අද පෙරවරුවෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා උසස් අයුරින් සිදු කිරීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.
මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහානිකායේ, මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක . ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්ම රක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාපරිදිය.
මෙම අලූත්සහල් මංගල්‍යය පැරැණි රජ දවස සිට පැවත එන චාරිත්‍රයකි. මෙම මංගල්‍යයේ දී නියමිත නැකැත් දිනට පෙරදින (07*, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ අලූත්සහල් රැුස්කරනු ලබන පිත්තල පාත්‍රාව (මහා පාත්‍රය* වැලි මළුවේ පාවඩ මත, උඩුවියන් යට මහත් ගෞරවයෙන් තැන්පත් කෙරේ. සාමාන්‍ය දිනවලදීී මෙම පාත්‍රා බෝධීන්වහන්සේගේ විහාර මන්දිරයේ තැන්පත් කර තිබේ. මේ විසල් පාත්‍රාව තැන්පත් කිරීම අටමස්ථානාධිපති නාහිමියන්ගේ අවවාද අනුශාසනාමත, පෞරාණිකවත් පිළිවෙත් නොපිරිහෙලා ඉටු කෙරෙමින් බෝමළුව පරම්පරාවේ භික්ෂුන්වහන්සේලා විසින් ඉටුකෙරේ. ඒ අවස්ථාවේ දී, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සාම්ප්‍රදායිකව රාජකාරී කරන ගදව් කුළයේ ශබ්ද පූජා පවත්වති.
මෙදින අලුයම එළඹෙන නැකැත් හෝරාවේ දී, බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ කිරි ඉතිරවීම සිදු කෙරේ. ඒ සඳහා සැරසිලි කළ නැවුම් මුට්ටි සහ අගිල් සදුන් වැනි සුවද දර වර්ග ගනු ලැබේ. ශබ්ද පූජා මැද කිරි උතුරවනු ලබන්නේ පිරුවට ඇඳගත් පුරුෂ පක්ෂයේ අයවිසිනි. එසේ පිලියෙල කර ගන්නා කිරි ආහාරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරති.
සෙත් පිරිත් මධ්‍යයේ
මෙවර පැවැත්වෙන අලූත් සහල් මංගල්‍යයේ තවත් විශේෂත්වයක් වන්නේ ගොවිජනතාවගේ සහභාගීත්වයෙන් (07 * වෙනි දින සවස ජය ශ්‍රී මහා බෝ සමිදුන් අබියස සහ රුවන්වැලි මහා සෑ රදුන් අභියස මල් පූජාවක් හා පහන් පූජාවක් පවත්වා ගොවිජනතාවට ආශිර්වාද කිරීමේ මහා පුණ්‍යකර්මය සිදු කිරීමය. මෙදින රාත්‍රියේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස වැලි මළුවේ දී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ. 08 වන දින උදෑසන අලූත් සහල් රැුගත් මහා පෙරහැර අනුරාධපුර සිංහ කණුව අභියස සිට පැවැත්වේ. පෙරවරු 09.30 ට පමණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මහා පාත්‍රය අලූත් සහලින් පිරවීම සිදු කෙරේ. මෙම පුණ්‍යකර්මය සිදු කෙරෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට කෘෂි කර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් හා සම්භාවනීය අමුත්තන් රැුසක් සහභාගි වීමට නියමිතව ඇත. අලූත් සහල් මංගල්‍යයෙන් පසු දහවල් මහා සංඝරත්නය විශයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමටද කටයුතු සංවිධානය කර තිබේ.
වී ගොවිතැන් කරන ගොවීහු ගොයම්කපා පාගා ගන්නා අස්වැන්නෙන් මුල්ම කොටස බුදුන්වහන්සේ උදෙසා අප්‍රමාණ වූ සැදැහැයෙන් පූජා කරති. කන්ද උඩරට ගොවි ජනතාව ශ්‍රී දළදා වහන්සේ වෙතත්, නුවර කළාවියේ ගොවි ජනතාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙතත් මේ පූජෝපහාරය පවත්වති. නමෝ විත්තියෙන් කපා ගත් ගොයම් රන් වන් බැත සහල් කර එහි මුල්ම කොටස හෙවත් අග්‍රකොටස බුදුරදුන්ට පූජා කිරීම ඈත අතීතයේ පටන්ම අද දක්වාත් මංගල්‍යයක් ලෙසින් එකාවන්ව, එක්සත්ත්ව උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ. මෙම අලූත්සහල් මංගල්‍ය අග්‍රශෂ්‍ය මහාදානය නමින්ද හදුන්වනු ලැබේ.
වී ගොවිතැනේ මුල සිට අගදක්වා වූ කුදු මහත් සෑම කටයුත්තක්ම බුදුන් හා දෙවියන් පෙරදැරි කරගෙන සිදු කිරීම විශේෂ ලක්ෂණයකි. කෙත, කමත, වැව, දාගැබ, මුල් කරගත් සිංහල සංස්කෘතිය තුල බුද්ධාගම ඇසුරින් හික්මවන ලද සාම්ප්‍රදායික සද්චාරිත්‍ර රැුසක් කෘෂි ජන සමාජය වටා බැ දී පවතී. උදැල්ල, න`ගුල, අතටගත් තැන් පටන් අටුකොටුවල වී බිස්සේ බැත ගබඩා කරන තැන දක්වා හැම කාර්යක්ම සුබ දිනවල, සුබ මූර්තින්ට අනුව සිදු කිරීමත්, දෙවියන්ට භාරහාරවීමත් සාමාන්‍ය පිළිවෙතය. අවසන බුදුන් වෙනුවෙන් බුද්ධ පූජා පවත්වා දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරනු ලැබේ.
වප්මඟුල
වී ගොවිතැනට අදාළ මංගල සම්මතයක් වශයෙන් කරනු ලබන කාර්යයන් රැුසකි. එහි ආරම්භක මංගල්‍යය ”වප්ම`ගුල” වේ. වප්මගුල ඉතා ඈත අතීතයට දිවෙන ප්‍රවාදයන්ගෙන් යුක්තය. කරල් කෑපීමේ මංගල්‍යය තවත් විශේෂ කාර්යයකි. නමෝ විත්තියෙන් ගොයම් කැපීම සඳහා මුල පුරන්නෙ අත් ගුණේ ඇති තෝරාගත් යහපත් පුද්ගලයෙකි. දෙවියන් බුදුන් ගෙන් අවසර ගෙන හොද සරු කරල්වලින් කපා ගත් කරල් මංගල්‍යය සඳහා සුරක්ෂිතව තබාගනී. කමත සකස්කිරීමේ පටන් කොළ මඩවා අවසන් වනතුරු ඉතාමත් සැලකිල්ලෙන් සිදුකරනු ලබන චාරිත්‍ර රැුසකි. මේ සියල්ල අවසානයේ පැවැත්වෙන්නේ ”අලූත් සහල් මංගල්‍ය” පූජාවයි. වී ගොවිතැන සම්බන්ධ සාම්ප්‍රදායික චාරිත්‍ර මාලාවේ උච්චතම අවස්ථාව මෙයයි.
අපේ ගොවිජනතාව වී ගොවිතැනේ හැම කටයුත්තක්ම අරඹන්නේ දොහොත් එක් කොට බුදුන්ට නමස්කාර කිරීමෙන් අනතුරුවය. අවසානයේ කෙතින් ලබාගන්නා රන් අස්වනුවල අග්‍රශෂ්‍ය කොටස බුදුන්ට පූජා කරනු ලැබේ. ඉන් අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කරති. මේ අනුව වී ගොවිතැන එදා මෙන් ම අදත් බුදුන් හා දෙවියන් පිළිබද අචලවූ විශ්වාසයකින් හා භක්තියකින් සිදු කරන මංගල්‍යමයවූත්, පූජනීය වූත් කාර්යයකි. එම නිසාම වී ගොවිතැනේ දී සාම්ප්‍රදායික චාරිත්‍ර රැුසක් ගොවිජන සමාජය තුල ක්‍රියාත්මක වනු අදද දක්නට ලැබේ.
වර්තමානයේ දක්නට ලැබෙන චාරිත්‍ර වාරිත්‍ර දුරාතියේ සිට විවිධ ස්ව රූපයන්ට අනුව පැවැති බවට සාහිත්‍යමය මූලාශ්‍රයන්ගෙන් ලැබෙන තොරතුරු බොහෝය. වීගොවිතැන සඳහා වැව් තනමින් අනුග්‍රහය දැක්වූ සිංහල රජ වරුන් ගැන ශිලාලේඛන ගත තොරතුරු රැුසක් ඇත.”සපථ සූර්යෝද් ගමන සූත්‍ර සන්නසේ” එන”එසමයෙහි කෙත්වත් තනවා ජලය රැුස්කිරීමට වේලිබැඳ වගාකොට හැල්වී බෙදා” යනු වෙන් දැක්වෙන සඳහන අනුව හැල්වී පිළිබද සිරිත් අනුගමනය කළ බව පෙනේ. කුරු ධම්ම ජාතකයේ කුමුරු හදුන්වා ඇත්තේ ”කෙත්තවත්ථූ” හෙවත් කෙත්වත් යනුවෙනි. එය ”ඇල්කෙත” විය. වීවගාවෙන් ලබා ගන්නා ප්‍රධාන දෙය වන සහල් අපේ සාහිත්‍යය මූලාශ්‍රයන්හි ”සාලි” යනුවෙන් සඳහන් කර ඇත. සද්ධාතිස්ස රජු ගොවියකු ලෙස වෙස් වළාගෙන හැල්කෙත් වැඩ කර කෙත් හිමියාගෙන් ලැබුණු සහලින් සංඝරත්නයට දානයක් දුන්බව ”සිංහල වත්ථුවේ” දැක්වේ. දෙවැනි සියවසේ දී වසභ රජතුමා මාගම ”හේලිගම්හි ”විහාරයට දහසක් කිරිය (අමුණු* පූජා කළ බව මහාවංශයේ සඳහන් වේ. පස්වන සියවසේ දී ධාතුසේන රජු අමුණු දහසක් වූ කුඹුරක අස්වැන්නෙන් නොකඩවා දන්වැට පැවැත්වූ බවත්, හයවන සියවසේ දී මහානාග රජු කෙත්දහසක් පූජාකොට මහාවිහාර භික්ෂූන්ට කැඳ පූජා කළ බවත්, පළමුවන අග්බෝ රජු විසින් කෙත්වතුකරවා ඒවායේ අස්වනු ලබා ගෙන කුරුන්දි විහාරයට පූජා කළ බව මහා වංශයේ සඳහන් වේ. පස්වන සියවසේ දී ධාතුසේන රජු අමුණු දහසක් වූ කුඹුරක අස්වැන්නෙන් නොකඩවා දන්වැට පැවැත්වූ බවත්, හයවන සියවසේ දී මහානාග රජු කේත් දහසක් පූජාකොට මහාවිහාර භික්ෂූන් කැද පූජා කළබවත්, පළමුවන අග්බෝ රජු විසින් කෙත්වතු කරවා ඒවායේ අස්වනු ලබා ගෙන කුරුන්දි විහාරයට පූජා කළබව මහාවංශයේ සඳහන් වේ. කුඹුරු හා කුඹුරුවලින් ලබාගත් අස්වනු ත්‍රිවිධ රත්නයට පූජා කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලද බවට ඓතිහාසික සාක්ෂි ඇති අවස්ථා කීපයකි.
දඹදෙනි යුගයට අයත් සද්ධර්ම රත්නාවලිය තුළින් එහි කතුවර හිමියන් කෙත, කමත, ගම. ගොවිජීවිතය පිළිබදව ගෙනහැර පාන තොරතුරු සමුදාය සිත් ඇදගන්නා සුළුය. එහි එන ”අගසව්වත” කතා වස්තුව තුලින් අලූත්සහල් මංගල්‍යය පිළිබද තොරතුරු රැසක් හෙලිවේ. විපස්සී බුදුන් කළ මහාකාළහා චූල කාල දෙබෑයන් අල්කෙත්වපුරා ලද මුල් අස්වනු බුදුපාමොක් මහ ස`ගනට උපහාරයෙන් පූජාකළ බව එමගින් විස්තර වේ. වර්තමාන අලූත්සහල් මංගල්‍යයයේ උපත ඉහත කී බුදු සිරිතෙන් උපන් පුජා මංගල්‍යයක් බව තහවුරු වේ.
දේවාශිර්වාදය
වී ගොවිතැන සඳහා අවශ්‍ය වන වැස්ස ස්වභාව ධර්මයේ ආශිර්වාදය මත ර`දා පවතින්නක් බව ගොවීහු විශ්වාස කරති. ස්වභාව ධර්මය දේවත්වයට පත්වූයේ ද ඒ නිසාමය. මහවැව් තැනීමටත්, තැනවූ වැව් ආරක්ෂා කිරීමටත්, නඩත්තු කර ගැනීමටත්, දේව බැල්ල අවශ්‍යය. නිසිකළට වැසි ලැබ වපුල බීජුවලින් ගොයම පී දී අස්වනු රැුකෙන්නේ දේව ආශිර්වාදයෙනි. දෙවියන්ට භාරහාර වී ගොවිතැනට බසින්නේ ඒ නිසාය.
තෙරුවන් මුල්කරගත් යහපත්වූ මේ ජීවනෝපාය ක්‍රමයේ දී ගොවිජනතාව දෙවියන් පිළිබද විශ්වාස අත්හරින්නේ නැත. බුද්ධරත්නය පෙරටු කරගෙන පළාත් හා ප්‍රදේශ අනුව වෙන්කොට හදුනා ගන්නා දෙවියන්ට පූජා පවත්වනු ලැබේ. සෙංකඩගල මහනුවර ප්‍රදේශයේ අලූත්සහල් මංගල්‍යය දළදා හාමුදුරුවන් ප්‍රමුඛත්වයෙහි ලා ඊට සම්බන්ධිත නාථ දේවාලය ඇතුළු දේවාල අභියස දී උත්සවාකාරයෙන් පැවැත් වේ. අනුරාධපුර උඩමළුවේ ශ්‍රී මහා බෝධියේ අලූත්සහල් මංගල්‍ය පවත්වන නුවර කළාවියේ ගොවියෝ ”කලූදේවතාවුන් වහන්සේට” කන්නලව් කර පින් පෙත් දීමට අමතක නොකරති. වන්නිකරයේ ගොවිජනතාව පුල්ලෙයාර් හෙවත් අයියනායක දෙවියන්ට කිරි ආහාර පූජා කරන්නේ අලූත් බත් කෑමට පෙරය. දඹුල්ල හා දෙවිනුවර ප්‍රදේශවල ගොවිජනතාව විෂ්ණු දේවාලය පෙරටුකොටගෙනත්, සබරගමු ප්‍රදේශයේ ජනතාව සමන් දේවාලය පෙරටු කොට ගෙනත් අලූත්සහල් මංගල්‍යයේ දේව පූජා පවත්වති. මේ අනුව විෂ්ණු, සමන් දැඩිමුණ්ඩ, අයියනායක වීරමුණ්ඩ, ගලේබණ්ඩාර, රජ්ජුබන්ඩාර දෙවිවරුන් ඒඒ ප්‍රදේශ අනුව ගොවිජනතාවගේ අලූත්සහල් මංගල්‍යයේ පිදුම් ලබති. අඩුක්කු සන්කාරිය, කිරිඉතිරුම් මංගල්‍යය, මුට්ටි මංගල්‍ය ය, ආදී විවිධ නම්වලින් අලූත්සහල් මංගල්‍යයේ අවස්ථාවන් හැදින්වෙන අතර, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් මෙම උපහාර පූජාවන් පවත්වාගෙන යනු ලැබේ.
දකුණු පළාතේ අදත් පාවර කරන්නේ (වී මැනීම* පළමු කුරුණිය බුදුන්ට මැන වෙන් කිරීමෙනි. දෙවැනි කුරුණිය දෙවියන් වෙනුවෙනි. බුදුන් වෙනුවෙන් මැන වෙන් කළ කුරුණි ”මුල්යාය” නමින් හැදින්වේ.ඉන්පසු ගොවි ගෙදරට ගෙනෙන අලූත් වී අලූත්බත් උයා බුද්ධපූජාවට වෙන් කෙරේ. දෙවියන් සඳහා වෙන් කළ කොටස ආසන්න දේවාලයට ගොස් පූජා කිරීම හෝ දේව පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අලූත් සහල් එකතු කරන්නට දේව ගැතියා ට පඩුරුත් සම`ග පූජා කරනු ලැබේ.
උෘව හා දකුණුු පළාත්වල ගොවිජනතාව කිරිවෙහෙර අභියස අළුත් දානය පිළිගන්වා කතරගම දෙවියන් අභියස පින් පෙත් දීම සිරිත කරගෙන ඇත. ගොයම් කපා පාගා ගැනීමෙන් පසු එකී ධාන්‍ය ආහාරයට ගැනීමට පෙර පත්තිනි මෑණියන් උදෙසා කිරිබත් දානයදීම මෙම සහල් මංගල්‍යයේම තවත් අවස්ථාවකි. ගොවිගෙදරට වැඩම කළ කිරි අම්මලා වෙනුවෙන් පිරිසිදුව හා ඉතා සැලකිල්ලෙන් සකස් කරන ලද කිරි ආහාර පූජා කර සියලූ භාර හාරවලින් මි දී පින්පෙත් අනුමෝදන් කිරීමත්, ගොවිතැන බතබුලතේ මෙන්ම නිවසේ සියලූ දෙනාටම පත්තිනි දේව මෑණියන්ගේ ශාන්ති ආශිර්වාදය ලබාදීමට කිරි අම්මාවරු යාතිකා කිරීමෙන් මෙම චාරිත්‍රය සිදු කෙරේ.
Great
ReplyDelete👍
ReplyDelete👍👍😍😍
ReplyDelete