Followers

Thursday, October 20, 2022

අලූත් සහල් මංගල්‍යය


ඉතිහාසය පුරාම ලක්දිව රජකළ විවිධ රජවරු අනුරාධපුර විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ට විවිධාකාරයෙන් බෝධිපූජා පවත්වාතිබේ. වර්තමානයේ දී ජයශ්‍රී මහා බෝසමිඳුන්වෙත වාර්ෂිකව පවත්වන ප්‍රධාන පූජා හෙවත් මංගල්‍ය හතරක් දැකගත හැකිය. ඒවානම් දුරුතු මංගල්‍යය (අලුත්සහල් මංගල්‍ය* පරණ අවුරුදු මංගල්‍යය, නානුමුර මංගල්‍ය හා කාර්තික මංගල්‍ය වේ.

සිංහල ජනයාගේ ආරම්භය සහ විකාශනය මෙන්ම පැවැත්ම ගැන කරුණු සෙවීමේදී කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු ජනතාවක් මෙරට වාසය කළ බව පැහැදිලිය. ඒ අනුව දියුණු වාරි ශිෂ්ටාචාරයකට උරුමකම් කියූ ඔවුන් බත බුලතින් සරු ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියූ බව නොරහසකි.

මහ පොළොව ගිනියම් කළ අව්ව මෙන්ම පොළොවට වැටෙන වැස්ස ආදී මෙකී ස්වාභාවික වෙනස්වීම්වලට මුහුණ දෙමින් ඔවුන් මහ පොළොව සමඟ පොරබදා ආර්ථිකය ශක්තිමත් කළේ කිසිවකුට අත නොපා ජීවත්වීමටය. කැත්ත, උදැල්ල, හරකාබාන ඔවුන් සතු පොදු වස්තූන් විය. වැවෙන් ලැබෙන නිල් දියවරින් ගොවිතැන්බත් සරිකර ගත්තා සේම දාගැබෙන් පන්සලෙන් ඔවුන්ගේ ආධ්‍යාත්මික චින්තනයට අවැසි මනසක් නිර්මාණය කළේය.

මිහිඳු සංස්කෘතියෙන් පෝෂණය වූ මෙරට හර පද්ධතිය රැකගැනීමට සිංහල රජ දරුවෝ දිවිහිමියෙන් කටයුතු කළෝය. එසේම තම යුතුකම වූ රට දැය සමය ආරක්ෂා කිරීමට ද නිරන්තරයෙන්ම වගබලා ගත්හ.

සිංහල සංස්කෘතියේ සමාරම්භය මිහිඳු හිමියන්ගේ පැමිණීමට පෙර වූවක් බව බොහෝ වියතුන්ගේ මතය වේ. මහින්දාගමනයට පෙර සිංහල සංස්කෘතිය ආරම්භ වූ බවට හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් දක්වන අදහස මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ද පිළිගෙන ඇත. විජයාවගමනයෙන් මෙරට ඉදිවූ අනුරාධ ග්‍රාමය මුල්කරගෙන නව කෘෂිකාර්මික දියුණුවක් ඇති විය.

මහාවංසයේ සඳහන් කරන තොරතුරුවලට අනුව මෙරට ඉදිවූ ආදිතම වැව ලෙස හඳුනාගනු ලබන්නේ ක්‍රි. පූ. හතර වැනි සියවසේ ඉදිකරන ලද බසවක්කුලම වැවය. සිංහල ජනයා ස්වකීය ජල කළමනාකරණ ශඛ්‍යතාව මත නිර්මිත වූ මුල්කාලීන ශිෂ්ටාචාරය තුළින් මානව වංශයේ සුවිශේෂ ස්ථාවරත්වයකට පත්ව ඇත.

සිංහලයා සතු සංවර්ධිත වාරි තාක්ෂණ ඥානය සහ බෞද්ධ ස්මාරක ලොව මවිතයට පත් කිරීමට හැකි විය. වැව සහ දාගැබ පදනම් වූ ආර්ථික රටාවක් බිහිවීම ද සුවිශේෂී අවස්ථාවකි. මෙම පරිසරය තුළ ප්‍රධාන ආහාරය බත් වීමත්, සහල් සපයා ගැනීමට කුඹුරු කිරීමේදී වැව් මඟින් ජලය ගැනීමත් නිසා විවිධ උපකරණ, සාමුහික ක්‍රියා පිළිවෙත් සහිත නව සංස්කෘතියක් පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී ගොඩනැඟිණි.

මෙම පදනම හෙළ සංස්කෘතියේ පදනම බවට පත්වේ. ප්‍රධාන ආහාරය ලෙස සහල් සපයා ගැනීම නිසා වැව රැකියා සම්මුති සහ ජීවනෝපාය මත පදනම්ව ගොඩනැ‍ඟෙන සංස්කෘතිය හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හඳුනාගන්නේ 'සහල් සභ්‍යත්වය' යනුවෙනි.

මිහිඳු මාහිමියන්ගේ ආගමනය සිංහල සංස්කෘතිය නව දිශානතියක් කරා මෙහෙය වූ ප්‍රබලතම සංස්කෘතික විප්ලවය වශයෙන් පෙන්වා දීමට පුළුවන. මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් පසු අටළොස් ශ්‍රේණියක කුලවල වෘත්තිකයන් මෙරටට පැමිණීමෙන් අපේ රට ආර්ථික, දේශපාලනික, සාමාජික වශයෙන් ඉහළ තලයකට පැමිණි බව නොරහසකි. මහා දාගැබ්, මහා වැව් පමණක් නොව රාජකීය උද්‍යාන, රාජකීය පොකුණු, විවිධ ගොඩනැගිලිවලින් අලංකාර නගර නිර්මාණයක් පණ්ඩුකාභය රජුගෙන් පසුව ඇරඹි බව ඉතිහාසය පෙන්වා දෙයි.

ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමවීමත්, මහා විහාරය වැනි විශිෂ්ට ගණයේ අධ්‍යාපන ආයතන බිහිවීමත් මහාමෙවුනා උයන, ථූපාරාමය වැනි පරම පූජනීය ස්ථාන ගොඩනැඟීම තුළින් මිනිසුන්ගේ චිත්ත සන්තානය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර රැසක් මේ තුළින් බිහිවීමට හේතු විය. විශේෂයෙන් තමන්ගේ ආර්ථීකය ශක්තිමත් කළ වී ගොවිතැනේදී සිදුවන විපත් මඟහරවා ගැනීමේ අරමුණින් හා සශ්‍රික බව අරබයා පුද පූජා පැවැත්වීමේ සම්ප්‍රදායක් මේ අනුව බිහි විය.

වැසි නොලැබෙන කාලවලදී ශ්‍රී මහා බෝධියට කන්නලව් කළ අතර නියං සමයේදී තිසාවැවෙන් පැන් ගෙන පෙරහරෙන් ගොස් බෝධීන් වහන්සේ නහවා තිබේ. දළදා වහන්සේට ද මෙබඳුම බලයක් පවතින බවට සමස්ත ජන සමාජයම පිළිගෙන ඇත.

ශ්‍රී සුමංගල ශබ්දකෝෂයට අනුව කුඹුරු යනු 'ගොයම් වැවෙන දිය සහිත කෙත' ය. කෙත හෙවත් ඛෙත්ත යන්නද 'කුඹුර' යන අරුත දීමට යෙදෙන්නකි. ත්‍රිපිටක අර්ථ කෝෂයට අනුව 'සාරඛෙත්ත' යනු සරුසාරවත් කුඹුර යන අරුත ගෙන දෙයි. කුඹුර, කුබර, කෙත විය ආදී නම්වලින් ද එය ශිලා ලේඛනවල දැක්වේ. පූජාවක් පිළිබඳ සඳහන් කරන රිටිගල සෙල්ලිපියේ ද කුබර හා කෙත යනුවෙන් සඳහනක් දැකිය හැකිය.

බුදු දහමේ උගන්වන කළගුණ සැලකීම යන උතුම් ගුණාංගය මහින්දාගමනයෙන් ඔපවැටුණු ශ්‍රී ලාංකේය කෘෂි අර්ථක්‍රමය තුළ ද හොඳින් ප්‍රදර්ශනය විය. කුඹුරු අස්වැද්දීමේ සිට ගොයම් කපා අස්වැන්න ගෙට ගන්නා තෙක් සියලුම ක්‍රියාදාමයන්හිදී බුදු පුද පැවැත්වීම ගොවි සංස්කෘතියේ ප්‍රධාන තේමාවක් බවට පත් විය. කෙත හා බැඳි සියලු අවස්ථාවලදී දානය අමතක නොකළ කෘතගුණශීලී ගොවි පරපුරක් ශ්‍රී ලාංකේය ගොවි සංස්කෘතිය තුළ සිටි බවට ඕනෑ තරම් නිදසුන් ජනකවි සාහිත්‍යය තුළින් ද මතුකර දැක්විය හැකිය.

පැරැණි ජන සාහිත්‍යයේ එන ජන කවියක දැක්වෙන 'තුනක් මැනලා ගෙන අටුවේ තියෙනවා දෙකක් කොටා කෑමට සලසනවා දනක් දීමට බතක් උයනවා' යන පද පිරික්සීමෙන් අතීත මිනිසා තම ආර්ථික ජීවිතයේ දී සිය අස්වැන්න කළමනාකරණය කරගත් ආකාරය පිළිබඳව කාලීන වැදගත්කම් සහිත තොරතුරු රැසක් මතුකර ගැනීමට හැකියාව ඇත. සිය අස්වැන්න නිවෙසට රැගෙන ආ ගොවියා ඉන් කොටසක් අනාගත අවශ්‍යතා සඳහා තැන්පත් කිරීමක් සිදු කරන අතර, තවත් කොටසක් සිය ආහාර අවශ්‍යතා පූරණය කිරීම සඳහා යොදාගෙන තිබේ. මෙම සියලු කාර්යයන්වලට පෙරාතුව දානය සඳහා බතක් උයා එහි අග්‍රඵලය බුදු පුද සඳහා වෙන් කිරීමට ඔවුන් අමතක කළේ නැත. තම අස්වැන්න හා එහි සරුසාරත්වයෙහි ගෞරවය ආගමික සංස්ථාවක් වෙත බද්ධ කරමින් සිය කෘතගුණශීලීත්වය එකී ආගමික සංස්ථාව වෙත ලබාදීමට අතීත මිනිසා දැක්වූ නම්‍යශීලීත්වය ආගමික සංස්ථාව හා බැඳි දායක පරපුරක් සමාජය වෙත දායාද කිරීමට මනා පිටිවහලක් වන්නට ඇති බව ද කල්පනා කළ හැකිය. තවත් අතකින් එය බුදුන් වහන්සේ විසින් ලෝකයට කියා දුන් ආර්ථික කළමනාකරණයේ සහ කෘතගුණශීලීත්වයේ පණිවිඩය සමාජගත වූ අවස්ථාවක් ලෙස ද පෙන්වාදිය හැකිය.

දහදිය වගුරුවා සපයා ගත් අග්‍ර කොටස අලුත් සහල්, අගස, අගහස, අලුස්සාල්, අලුසහල්, අගසස් අක්බත, මුල්යාල, අක්යාල සහ අක්කියාල යන නම්වලින් හඳුන්වන්නේ ද එකී අස්වැන්නේ අග්‍ර ඵලයයි. එහි ප්‍රමුඛ පූජා කරන දානය අගස්දානය, අගහස්දානය, අගසස් දානය, අගස්ස දානය, අලුසල් මංගල්‍යය සහ අලුත් සහල් මංගල්‍යය යන නම්වලින් ව්‍යවහාර වේ.

මෙරට ගොවියා කෙතේ වැඩ ආරම්භ කිරීමට පිවිසෙන්නේ බුදුන් දෙවියන් වැඳ ලබාගත් ආශීර්වාදයේ පිවිතුරු සිතිනි. නව කන්නයට කෙත සකස් කිරීමට ආරම්භ කළ තැන් සිට ඒ ඒ අවස්ථාවේදී බුදුන්ගේ සහ දෙවියන්ගේ පිහිට සහ ආරක්ෂාව අපේක්ෂා කළ බව නොරහසකි. වගා කළ ගොයම නිල්ලට හැරී කරල් පූදින අවස්ථාවේදී කිරි කරල් දෙවියන්ට පිදීම අදටත් රජරට ප්‍රදේශය ඇසුරෙන් දක්නට ලැබේ. ඇතැම් පළාත්වල අධිපති දෙ‍වාලේ කපුමහතා පුවක් මල්, නා අතු වැනි දෑ යාතිකා කරවා කුඹුරුවල එල්ලා තැබීම ගොයම් පූදින කාලය තුළ ගොවීන් අනුගමනය කරන චාරිත්‍රයකි. ඇතැම් අවස්ථාවල ගොවියා විසින් පැසීගෙන එන වී කරල් විහාරයට ගෙන ගොස් එල්ලා තැබීම ද සිදු කරයි. ඇතැම් ප්‍රදේශවල කපු මහතා හෝ විහාරාධිපතීන් වහන්සේ සමඟ පෙරහරකින් කුඹුරට දේවාභරණ වැඩම කිරීමක් සිදු කරනු ලබයි. කුඹුරේ සිට අස්වැන්න සාර්ථක වීමට යාතිකා කිරීමක් ද සිදුකිරීම ද විශේෂත්වයකි.

මේ සෑම ක්‍රියාවකම අවසන් ප්‍රතිඵලය සරු අස්වැන්නක් ලබා ගැනීමයි. වෙහෙස මහන්සි වී නෙළාගත් අස්වැන්න පන්සලට හෝ දේවාලයට වෙන් කිරීම මේ අනුව අනිවාර්ය අංගයකි.

අතීත ගොවි ජනතාව වගාවේ අග්‍රඵලය බුදු පුදට වෙන්කළ ආකාරය එලෙස දැක්විය හැකිය. ඒ අනුව පසුකාලීනව මෙම පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය ද සහිතව මහා මංගල්‍යයක් ලෙසින් වර්ධනය වූ ස්වභාවයක් දැකගත හැකිය. ප්‍රථම වරට එවැනි අලුත් සහල් මංගල්‍යයක් පවත්වා ඇත්තේ 1967 වසරේදීය. පුරා වසර 54ක් පැවැත්වූ මේ උතුම් චාරිත්‍රය මෙවරත් පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට අනුව අප්‍රේල් 4 වැනි ඉරු දින ඉතා උත්සවාකාරයෙන්ම පැවැත්වීමට 'සෞභාග්‍යයේ දැක්ම' පෙරටු කොටගත් වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළේය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුරෝගාමීත්වයෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන සියල්ලම මෙවර නියෝජනය වීම මෙහි ඇති විශේෂත්වයයි.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආසන්නයේ ඇති සිංහ කණුව අසලට රැස්වූ ජනතාව එතැන් සිට මහත් බැතියෙන් රැගෙන ආ අගසස් මළුව වටේ පැදකුණු කරවීය. බෝධිමළුව අබියස ඇති අලංකාර මණ්ඩපය තුළ තැන්පත් කර ඇති පාත්‍රයට තමන් රැගෙන ආ නොඉඳුල් සහල් පිරවීම ඉන්පසු සිදු විය.

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත කිරීමට නිරන්තරයෙන් වෙහෙසෙන වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම‍ගේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු ඇතුළු තවත් අමාත්‍යවරු රැසක් මෙන්ම රාජ්‍ය නිලධාරිහු ද විශේෂයෙන් දිවයිනේ සිවුදෙසින් පැමිණි රටට බත සපයන ගොවි මහත්වරු ද මේ උතුම් කටයුත්තට සහභාගි වූහ.

එදා පෙර රජ දරුවන් ඇරැඹූ මේ අලුත් සහල් මංගල්‍යය නම් ජාතික උත්සවය මෙවරත් කොවිඩ් තර්ජනය ඇතුළු විවිධ අභියෝග රැසක් මැදින් ඉතා සාර්ථකව පැවැත්වීමට වර්තමාන රජය ගත් උත්සාහය ඉතා ප්‍රශංසනීය කටයුත්තක් බව කිව යුතුව තිබේ.

මෙම මංගල්‍යය අතුරින් විශේෂතැනක් ගන්නා ”දුරුතුමංගල්‍යය, ””අගහස්දානය” ”අලූසහල් මංගල්‍යය” හෙවත් ”අලූත් සහල් මංගල්‍යය” මෙවර පැවැත්වෙන්නේ 51 වැනි වතාවයටය. කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, විසින් උතුරු මැද පළාත් සභාවේ ද රජයේ විවිධ දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල ද අනුග්‍රහය ඇතිව සමස්ත ශ්‍රී ලංකාවේ ගොවිජනතාවගේ ආශිර්වාදාත්මක සහභාගීත්වයෙන් 2018 අපේ‍්‍රල් මස 08 වන දින අද පෙරවරුවෙහි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් ඉතා උසස් අයුරින් සිදු කිරීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත.

මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහානිකායේ, මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක . ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්ම රක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාපරිදිය.

මෙම අලූත්සහල් මංගල්‍යය පැරැණි රජ දවස සිට පැවත එන චාරිත්‍රයකි. මෙම මංගල්‍යයේ දී නියමිත නැකැත් දිනට පෙරදින (07*, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ අලූත්සහල් රැුස්කරනු ලබන පිත්තල පාත්‍රාව (මහා පාත්‍රය* වැලි මළුවේ පාවඩ මත, උඩුවියන් යට මහත් ගෞරවයෙන් තැන්පත් කෙරේ. සාමාන්‍ය දිනවලදීී මෙම පාත්‍රා බෝධීන්වහන්සේගේ විහාර මන්දිරයේ තැන්පත් කර තිබේ. මේ විසල් පාත්‍රාව තැන්පත් කිරීම අටමස්ථානාධිපති නාහිමියන්ගේ අවවාද අනුශාසනාමත, පෞරාණිකවත් පිළිවෙත් නොපිරිහෙලා ඉටු කෙරෙමින් බෝමළුව පරම්පරාවේ භික්ෂුන්වහන්සේලා විසින් ඉටුකෙරේ. ඒ අවස්ථාවේ දී, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සාම්ප්‍රදායිකව රාජකාරී කරන ගදව් කුළයේ ශබ්ද පූජා පවත්වති.

මෙදින අලුයම එළඹෙන නැකැත් හෝරාවේ දී, බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ කිරි ඉතිරවීම සිදු කෙරේ. ඒ සඳහා සැරසිලි කළ නැවුම් මුට්ටි සහ අගිල් සදුන් වැනි සුවද දර වර්ග ගනු ලැබේ. ශබ්ද පූජා මැද කිරි උතුරවනු ලබන්නේ පිරුවට ඇඳගත් පුරුෂ පක්ෂයේ අයවිසිනි. එසේ පිලියෙල කර ගන්නා කිරි ආහාරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරති.

සෙත් පිරිත් මධ්‍යයේ

මෙවර පැවැත්වෙන අලූත් සහල් මංගල්‍යයේ තවත් විශේෂත්වයක් වන්නේ ගොවිජනතාවගේ සහභාගීත්වයෙන් (07 * වෙනි දින සවස ජය ශ්‍රී මහා බෝ සමිදුන් අබියස සහ රුවන්වැලි මහා සෑ රදුන් අභියස මල් පූජාවක් හා පහන් පූජාවක් පවත්වා ගොවිජනතාවට ආශිර්වාද කිරීමේ මහා පුණ්‍යකර්මය සිදු කිරීමය. මෙදින රාත්‍රියේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස වැලි මළුවේ දී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ. 08 වන දින උදෑසන අලූත් සහල් රැුගත් මහා පෙරහැර අනුරාධපුර සිංහ කණුව අභියස සිට පැවැත්වේ. පෙරවරු 09.30 ට පමණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මහා පාත්‍රය අලූත් සහලින් පිරවීම සිදු කෙරේ. මෙම පුණ්‍යකර්මය සිදු කෙරෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට කෘෂි කර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් හා සම්භාවනීය අමුත්තන් රැුසක් සහභාගි වීමට නියමිතව ඇත. අලූත් සහල් මංගල්‍යයෙන් පසු දහවල් මහා සංඝරත්නය විශයෙහි සපිරිකර මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමටද කටයුතු සංවිධානය කර තිබේ.

වී ගොවිතැන් කරන ගොවීහු ගොයම්කපා පාගා ගන්නා අස්වැන්නෙන් මුල්ම කොටස බුදුන්වහන්සේ උදෙසා අප්‍රමාණ වූ සැදැහැයෙන් පූජා කරති. කන්ද උඩරට ගොවි ජනතාව ශ්‍රී දළදා වහන්සේ වෙතත්, නුවර කළාවියේ ගොවි ජනතාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙතත් මේ පූජෝපහාරය පවත්වති. නමෝ විත්තියෙන් කපා ගත් ගොයම් රන් වන් බැත සහල් කර එහි මුල්ම කොටස හෙවත් අග්‍රකොටස බුදුරදුන්ට පූජා කිරීම ඈත අතීතයේ පටන්ම අද දක්වාත් මංගල්‍යයක් ලෙසින් එකාවන්ව, එක්සත්ත්ව උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ. මෙම අලූත්සහල් මංගල්‍ය අග්‍රශෂ්‍ය මහාදානය නමින්ද හදුන්වනු ලැබේ.

වී ගොවිතැනේ මුල සිට අගදක්වා වූ කුදු මහත් සෑම කටයුත්තක්ම බුදුන් හා දෙවියන් පෙරදැරි කරගෙන සිදු කිරීම විශේෂ ලක්ෂණයකි. කෙත, කමත, වැව, දාගැබ, මුල් කරගත් සිංහල සංස්කෘතිය තුල බුද්ධාගම ඇසුරින් හික්මවන ලද සාම්ප්‍රදායික සද්චාරිත්‍ර රැුසක් කෘෂි ජන සමාජය වටා බැ දී පවතී. උදැල්ල, න`ගුල, අතටගත් තැන් පටන් අටුකොටුවල වී බිස්සේ බැත ගබඩා කරන තැන දක්වා හැම කාර්යක්ම සුබ දිනවල, සුබ මූර්තින්ට අනුව සිදු කිරීමත්, දෙවියන්ට භාරහාරවීමත් සාමාන්‍ය පිළිවෙතය. අවසන බුදුන් වෙනුවෙන් බුද්ධ පූජා පවත්වා දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරනු ලැබේ.

වප්මඟුල

වී ගොවිතැනට අදාළ මංගල සම්මතයක් වශයෙන් කරනු ලබන කාර්යයන් රැුසකි. එහි ආරම්භක මංගල්‍යය ”වප්ම`ගුල” වේ. වප්මගුල ඉතා ඈත අතීතයට දිවෙන ප්‍රවාදයන්ගෙන් යුක්තය. කරල් කෑපීමේ මංගල්‍යය තවත් විශේෂ කාර්යයකි. නමෝ විත්තියෙන් ගොයම් කැපීම සඳහා මුල පුරන්නෙ අත් ගුණේ ඇති තෝරාගත් යහපත් පුද්ගලයෙකි. දෙවියන් බුදුන් ගෙන් අවසර ගෙන හොද සරු කරල්වලින් කපා ගත් කරල් මංගල්‍යය සඳහා සුරක්ෂිතව තබාගනී. කමත සකස්කිරීමේ පටන් කොළ මඩවා අවසන් වනතුරු ඉතාමත් සැලකිල්ලෙන් සිදුකරනු ලබන චාරිත්‍ර රැුසකි. මේ සියල්ල අවසානයේ පැවැත්වෙන්නේ ”අලූත් සහල් මංගල්‍ය” පූජාවයි. වී ගොවිතැන සම්බන්ධ සාම්ප්‍රදායික චාරිත්‍ර මාලාවේ උච්චතම අවස්ථාව මෙයයි.

අපේ ගොවිජනතාව වී ගොවිතැනේ හැම කටයුත්තක්ම අරඹන්නේ දොහොත් එක් කොට බුදුන්ට නමස්කාර කිරීමෙන් අනතුරුවය. අවසානයේ කෙතින් ලබාගන්නා රන් අස්වනුවල අග්‍රශෂ්‍ය කොටස බුදුන්ට පූජා කරනු ලැබේ. ඉන් අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කරති. මේ අනුව වී ගොවිතැන එදා මෙන් ම අදත් බුදුන් හා දෙවියන් පිළිබද අචලවූ විශ්වාසයකින් හා භක්තියකින් සිදු කරන මංගල්‍යමයවූත්, පූජනීය වූත් කාර්යයකි. එම නිසාම වී ගොවිතැනේ දී සාම්ප්‍රදායික චාරිත්‍ර රැුසක් ගොවිජන සමාජය තුල ක්‍රියාත්මක වනු අදද දක්නට ලැබේ.

වර්තමානයේ දක්නට ලැබෙන චාරිත්‍ර වාරිත්‍ර දුරාතියේ සිට විවිධ ස්ව රූපයන්ට අනුව පැවැති බවට සාහිත්‍යමය මූලාශ්‍රයන්ගෙන් ලැබෙන තොරතුරු බොහෝය. වීගොවිතැන සඳහා වැව් තනමින් අනුග්‍රහය දැක්වූ සිංහල රජ වරුන් ගැන ශිලාලේඛන ගත තොරතුරු රැුසක් ඇත.”සපථ සූර්යෝද් ගමන සූත්‍ර සන්නසේ” එන”එසමයෙහි කෙත්වත් තනවා ජලය රැුස්කිරීමට වේලිබැඳ වගාකොට හැල්වී බෙදා” යනු වෙන් දැක්වෙන සඳහන අනුව හැල්වී පිළිබද සිරිත් අනුගමනය කළ බව පෙනේ. කුරු ධම්ම ජාතකයේ කුමුරු හදුන්වා ඇත්තේ ”කෙත්තවත්ථූ” හෙවත් කෙත්වත් යනුවෙනි. එය ”ඇල්කෙත” විය. වීවගාවෙන් ලබා ගන්නා ප්‍රධාන දෙය වන සහල් අපේ සාහිත්‍යය මූලාශ්‍රයන්හි ”සාලි” යනුවෙන් සඳහන් කර ඇත. සද්ධාතිස්ස රජු ගොවියකු ලෙස වෙස් වළාගෙන හැල්කෙත් වැඩ කර කෙත් හිමියාගෙන් ලැබුණු සහලින් සංඝරත්නයට දානයක් දුන්බව ”සිංහල වත්ථුවේ” දැක්වේ. දෙවැනි සියවසේ දී වසභ රජතුමා මාගම ”හේලිගම්හි ”විහාරයට දහසක් කිරිය (අමුණු* පූජා කළ බව මහාවංශයේ සඳහන් වේ. පස්වන සියවසේ දී ධාතුසේන රජු අමුණු දහසක් වූ කුඹුරක අස්වැන්නෙන් නොකඩවා දන්වැට පැවැත්වූ බවත්, හයවන සියවසේ දී මහානාග රජු කෙත්දහසක් පූජාකොට මහාවිහාර භික්ෂූන්ට කැඳ පූජා කළ බවත්, පළමුවන අග්බෝ රජු විසින් කෙත්වතුකරවා ඒවායේ අස්වනු ලබා ගෙන කුරුන්දි විහාරයට පූජා කළ බව මහා වංශයේ සඳහන් වේ. පස්වන සියවසේ දී ධාතුසේන රජු අමුණු දහසක් වූ කුඹුරක අස්වැන්නෙන් නොකඩවා දන්වැට පැවැත්වූ බවත්, හයවන සියවසේ දී මහානාග රජු කේත් දහසක් පූජාකොට මහාවිහාර භික්ෂූන් කැද පූජා කළබවත්, පළමුවන අග්බෝ රජු විසින් කෙත්වතු කරවා ඒවායේ අස්වනු ලබා ගෙන කුරුන්දි විහාරයට පූජා කළබව මහාවංශයේ සඳහන් වේ. කුඹුරු හා කුඹුරුවලින් ලබාගත් අස්වනු ත්‍රිවිධ රත්නයට පූජා කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලද බවට ඓතිහාසික සාක්ෂි ඇති අවස්ථා කීපයකි.

දඹදෙනි යුගයට අයත් සද්ධර්ම රත්නාවලිය තුළින් එහි කතුවර හිමියන් කෙත, කමත, ගම. ගොවිජීවිතය පිළිබදව ගෙනහැර පාන තොරතුරු සමුදාය සිත් ඇදගන්නා සුළුය. එහි එන ”අගසව්වත” කතා වස්තුව තුලින් අලූත්සහල් මංගල්‍යය පිළිබද තොරතුරු රැසක් හෙලිවේ. විපස්සී බුදුන් කළ මහාකාළහා චූල කාල දෙබෑයන් අල්කෙත්වපුරා ලද මුල් අස්වනු බුදුපාමොක් මහ ස`ගනට උපහාරයෙන් පූජාකළ බව එමගින් විස්තර වේ. වර්තමාන අලූත්සහල් මංගල්‍යයයේ උපත ඉහත කී බුදු සිරිතෙන් උපන් පුජා මංගල්‍යයක් බව තහවුරු වේ.

දේවාශිර්වාදය

වී ගොවිතැන සඳහා අවශ්‍ය වන වැස්ස ස්වභාව ධර්මයේ ආශිර්වාදය මත ර`දා පවතින්නක් බව ගොවීහු විශ්වාස කරති. ස්වභාව ධර්මය දේවත්වයට පත්වූයේ ද ඒ නිසාමය. මහවැව් තැනීමටත්, තැනවූ වැව් ආරක්ෂා කිරීමටත්, නඩත්තු කර ගැනීමටත්, දේව බැල්ල අවශ්‍යය. නිසිකළට වැසි ලැබ වපුල බීජුවලින් ගොයම පී දී අස්වනු රැුකෙන්නේ දේව ආශිර්වාදයෙනි. දෙවියන්ට භාරහාර වී ගොවිතැනට බසින්නේ ඒ නිසාය.

තෙරුවන් මුල්කරගත් යහපත්වූ මේ ජීවනෝපාය ක්‍රමයේ දී ගොවිජනතාව දෙවියන් පිළිබද විශ්වාස අත්හරින්නේ නැත. බුද්ධරත්නය පෙරටු කරගෙන පළාත් හා ප්‍රදේශ අනුව වෙන්කොට හදුනා ගන්නා දෙවියන්ට පූජා පවත්වනු ලැබේ. සෙංකඩගල මහනුවර ප්‍රදේශයේ අලූත්සහල් මංගල්‍යය දළදා හාමුදුරුවන් ප්‍රමුඛත්වයෙහි ලා ඊට සම්බන්ධිත නාථ දේවාලය ඇතුළු දේවාල අභියස දී උත්සවාකාරයෙන් පැවැත් වේ. අනුරාධපුර උඩමළුවේ ශ්‍රී මහා බෝධියේ අලූත්සහල් මංගල්‍ය පවත්වන නුවර කළාවියේ ගොවියෝ ”කලූදේවතාවුන් වහන්සේට” කන්නලව් කර පින් පෙත් දීමට අමතක නොකරති. වන්නිකරයේ ගොවිජනතාව පුල්ලෙයාර් හෙවත් අයියනායක දෙවියන්ට කිරි ආහාර පූජා කරන්නේ අලූත් බත් කෑමට පෙරය. දඹුල්ල හා දෙවිනුවර ප්‍රදේශවල ගොවිජනතාව විෂ්ණු දේවාලය පෙරටුකොටගෙනත්, සබරගමු ප්‍රදේශයේ ජනතාව සමන් දේවාලය පෙරටු කොට ගෙනත් අලූත්සහල් මංගල්‍යයේ දේව පූජා පවත්වති. මේ අනුව විෂ්ණු, සමන් දැඩිමුණ්ඩ, අයියනායක වීරමුණ්ඩ, ගලේබණ්ඩාර, රජ්ජුබන්ඩාර දෙවිවරුන් ඒඒ ප්‍රදේශ අනුව ගොවිජනතාවගේ අලූත්සහල් මංගල්‍යයේ පිදුම් ලබති. අඩුක්කු සන්කාරිය, කිරිඉතිරුම් මංගල්‍යය, මුට්ටි මංගල්‍ය ය, ආදී විවිධ නම්වලින් අලූත්සහල් මංගල්‍යයේ අවස්ථාවන් හැදින්වෙන අතර, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් මෙම උපහාර පූජාවන් පවත්වාගෙන යනු ලැබේ.

දකුණු පළාතේ අදත් පාවර කරන්නේ (වී මැනීම* පළමු කුරුණිය බුදුන්ට මැන වෙන් කිරීමෙනි. දෙවැනි කුරුණිය දෙවියන් වෙනුවෙනි. බුදුන් වෙනුවෙන් මැන වෙන් කළ කුරුණි ”මුල්යාය” නමින් හැදින්වේ.ඉන්පසු ගොවි ගෙදරට ගෙනෙන අලූත් වී අලූත්බත් උයා බුද්ධපූජාවට වෙන් කෙරේ. දෙවියන් සඳහා වෙන් කළ කොටස ආසන්න දේවාලයට ගොස් පූජා කිරීම හෝ දේව පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අලූත් සහල් එකතු කරන්නට දේව ගැතියා ට පඩුරුත් සම`ග පූජා කරනු ලැබේ.

උෘව හා දකුණුු පළාත්වල ගොවිජනතාව කිරිවෙහෙර අභියස අළුත් දානය පිළිගන්වා කතරගම දෙවියන් අභියස පින් පෙත් දීම සිරිත කරගෙන ඇත. ගොයම් කපා පාගා ගැනීමෙන් පසු එකී ධාන්‍ය ආහාරයට ගැනීමට පෙර පත්තිනි මෑණියන් උදෙසා කිරිබත් දානයදීම මෙම සහල් මංගල්‍යයේම තවත් අවස්ථාවකි. ගොවිගෙදරට වැඩම කළ කිරි අම්මලා වෙනුවෙන් පිරිසිදුව හා ඉතා සැලකිල්ලෙන් සකස් කරන ලද කිරි ආහාර පූජා කර සියලූ භාර හාරවලින් මි දී පින්පෙත් අනුමෝදන් කිරීමත්, ගොවිතැන බතබුලතේ මෙන්ම නිවසේ සියලූ දෙනාටම පත්තිනි දේව මෑණියන්ගේ ශාන්ති ආශිර්වාදය ලබාදීමට කිරි අම්මාවරු යාතිකා කිරීමෙන් මෙම චාරිත්‍රය සිදු කෙරේ.

 

මාණික්කාවත

මාණික්කාවත

 


එය හැබෑවට‍ ම අපේ මහ පොළොව මත සිදු වූ හා සිදුවෙමින් පවතින යථාර්ථය යි. කෙනකු රිඹ යොදා කුඹුරු අස්වද්දන අතර තව කෙනෙක් සැපට සිට අස්වැන්න සූරා ගනිති. එය බිම් කුලියසේ හඳුන්වති. කෙනකු ස්වභාව ධර්මයට අනුගතව එහි ව්‍යාප්තියට කරුණු සපයමින් අල්පේච්ඡ ජීවිත ගත කරන අතර තව කෙනෙක් ස්වභාව ධර්මය විනාශ කරමින් මහේශාක්‍ය ජීවිත ගත කරති. බැලූ බැල්මට මේ ලෝකය පුරා හැමදාම සිදුවන්නේ ඒ ටිකමය. මේ දෙ අංශය හොඳ හා නරක ලෙස ගතහොත්; හොඳ හා නරක අතර ඝට්ටනය ද හැමදාම සිදු වේ. ඉතිහාසයේ සිදුවීම් නැවත ඒ ලෙසින් ම යළි අපට මුණ ගැසෙනු ඇත.

කවියකු ලෙස ද, ප්‍රබන්ධ කථා රචකයකු ලෙස ද නමක් සටහන් කරගෙන ඇති මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ අභිනව ප්‍රබන්ධය ‘මාණික්කාවත’ ලෙස නම් කර තිබේ. රත්නපුර - සබරගමුව කේන්ද්‍රකොට රචනා වී ඇති මේ කෘතිය කෙටි නවකතා ගණයට ඇතුළත් කළ හැකි ය. එහි රටාව, කතා - වස්තුව , භාෂාව වඩාත් හොඳින් ඒ බව ප්‍රකට කරයි. කෙටි නවකතාව සිංහල පාඨකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින අතර රචකයෝ ද ඒ කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වති. මේ කාලයට අනුව ද කෙටි නවකතාවේ ගැළපීමක් පවතී.

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

මේ කතාව තුළ ප්‍රධාන චරිත පහක් දකින්නට ලැබේ. කෙටිහාමි, පිච්චි, ගුණාදරී, තිලකරත්න හා සෙනෙ‍හෙලතා වශයෙන් ය. නන්දෝරිස් , රොසලින්, රතුනිලමේ, වතු කම්කරුවන්, පාළුහාමි, වන්දනාකරුවන් ආදී ලෙසින් තවත් චරිත රැසක් මුණගැසෙන අතර එම චරිත යොදාගෙන ඇත්තේ ප්‍රධාන චරිත ඉස්මතු කිරීම සඳහා ය. කෙටිහාමි යනු ස්වභාව ධර්මයට අනුගතව අල්පේච්ඡ ජීවිතයවක් ගත කරන පරමාදර්ශී ගැමියෙකි. හිච්චිහාමි පරමාදර්ශී ගැමි ගැහැනිය යි. අපේ උරුමය හා සංස්කෘතිය ගැන කියන්නට මේ චරිත දෙක උපයෝගී කරගෙන තිබේ.

ගුණාදරී ආබාධිත ගැහැනියක වුව මහා ධෛර්යයකින් ජීවිතයට මුහුණ දෙන අව්‍යාජ චරිතයකි. ඇය සිය අප්පච්චීට දිවිහිමියෙන් ආදරය කරයි. ගෞරව කරයි. දිවියකු සපාකෑම නිසා කුඩා කලදීම දෑස් අහිමි වන ගුණාදරී මහා රාත්‍රියේ කුඹුරු කොටයි. අප්පච්චී සමඟ හරි- හරියට ගොවිතැන් කරයි. හැබෑවට ම මෙබඳු ගැහැනු ගම්වල සිටිති. තිලකරත්න හා සෙනෙහෙලතා නූතන පරපුර නියෝජනය කරති. මේ චරිත දෙක ම රැල්ලට හසු නො වන දෙදෙනෙකි. සිදුවෙමින් පවතින පරිවර්තනයට එරෙහි ව කැරලි ගසනු වෙනුවට ගැටුම මඟ හැර යන පිළිවෙළක් ඔව්හු අනුගමනය කරති. මස්ඉඹුල ඉන් සංකේතවත් කරන්නේ විප්ලවයක් අවශ්‍ය නැත යන්න විය හැකි ය.

සබරගමුව පළාතේ පරිණාමයට හා දේශපාලනයට සම්බන්ධ ප්‍රධාන සිදුවීම් හතරක් කෙරෙහි කතුවරයාගේ අවධානය යොමු වී ඇත.

I ඉංග්‍රීසි පාලනය අවසන් වීම,

II තේ වගාව ව්‍යාප්ත වීම

III මැණික් කර්මාන්තයේ ආරම්භය

IV කුඹුරු පනත ක්‍රියාත්මක වීම

සබරගමුව යනු වෙන ම භූගෝලීය කලාපයෙකි. මධ්‍යම කඳුකරය, වැසි වනාන්තර, වර්ෂාව, දොළ පාරවල් , සමනළ කන්ද, තෙතමනය වැනි ලක්ෂණ ඊට මුල් වී ඇත. මේ හැරෙන්නට සබරගමුවට අනන්‍ය භාෂා රටාවක් ජන සාහිත්‍යයක් හා කලාවක් ද පවතී. ඉංග්‍රීසි පාලනයේ අවසන් කාර්තුව තුළ මේ කලාපයේ බලවත් ප්‍රභූ තැනැත්තා බවට පත් ව සිටියේ මඩුවෙන්වෙල දිසාවේ ය. ඔහුගේ වලව්වට සම්බන්ධ සිදුවීමකින් කතාව ආරම්භ වෙයි. පිච්චි හා කෙටිහාමි ප්‍රභූන්ගේ දඬුවමකට ලක්වූ දෙදෙනෙක් වූහ. දෙදෙනාගේ වනගත හවුල් ජීවිතය ආරම්භ වන්නේ ද එතැන් සිට ය.

කෙටිහාමි නම් චරිතය ගෙඩනඟා ඇත්තේ එක් අතෙකින් මහා වීරියක් ඇති මිනිසකු ලෙසට ය‍.

තව අතෙකින් ඔහුගේ චරිතය ගොඩනඟා ඇත්තේ උපරිම මනුෂ්‍යත්වයක් සහිත මිනිසකු හැටියට ය. වලව්වේ ඇත්තකු විසින් දූෂ්‍ය කරන ලද පිච්චිහාමි කැටුව පවුල් ජීවිතයක් ගත කරන කෙටිහාමි, කිසි දිනෙක එම සිද්ධිය සිහිකොට ගැහැනියගේ සිත රිද්දවන්නේ නැත.

එදා ප්‍රභූ පාලනය තුළ පැවැති ප්‍රචණ්ඩත්වය, විකාර රූපී බව හා ආශීලාචාර බව ඉතා සියුම් ලෙසින් නිරූපණය කිරීමට කතුවරයා සමත් වෙයි. කෙටි හාමිගේ කතාවලින් පෙනී යන්නේ ඔහු ප්‍රභූ පන්තියට වෛර නොකරන බවය. ඒ සැබෑ ගැමියාගේ ස්වභාවයයි. මේ ගැමි ගතිය මෝඩකමක් නොව, උසස් මිනිස් ධර්මතාවක් බවද කතුවරයා පෙන්වා දෙයි.

සබරගමුවේ පරිණාමයට බල පෑ තවත් විශේෂ සාධකයක් වන්නේ වතු වගාව ය. මුලින් සබරගමුවේ උස් භූමි තේ වගාව සඳහා එළි-පෙහෙළිකරන අතර පසුව කලාපය පුරා ව්‍යාප්ත වන්නේ රබර් වගාව ය. වතු වගාව සමඟ මේ ප්‍රදේශවලට කඩා වදින තවත් සාධකයක් වන්නේ දෙමළ වතු කම්කරු ප්‍රජාව ය. ඔව්හු ව්‍යවසාකයන් විසින් තනා දෙන ලද ‘ලයින්’ කාමරවල ජීවත් වූහ. මේ නිසා සබරගමුවට අලුත් උප සංස්කෘතික ලක්ෂණ සිංහල ගම්මාන තුළ ද ස්ථාවර විය. එදා ජාතිවාදී ගැටුමක් සබරගමුව තුළ නොවූ නමුදු දේශපාලන බලපෑම් මත එම දූර්-ලක්ෂණය ද සබරගමුවෙන් මතුවෙයි.

එහෙත් කෙටිහාමි වැනි පරමාදර්ශී චරිත තුළ ජාතිවාදයක් තිබුණේ ම නැත. ඔහු තමාගේ වී පෙට්ටියෙන් වී ගෙන, වතු කම්කරුවනට දෙයි. කෙටිහාමිගේ මළගමට සහභාගී වන දෙමළ ප්‍රජාව ඔහුගේ කෘතගුණ වනයි.

රත්නපුරය ආදී ප්‍රදේශවල නූතන කතාව ලියැවෙන්නේ මැණික් කර්මාන්තයත් සමඟ ය. මේ කර්මාන්තය නිසා අලුත් සල්ලිකාරයන් බිහි වූ අතරම සමාජ හර පද්ධතීන් බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය. සමාජශාලා, ගණිකා වෘත්තිය හා තවත් ජාවාරම් ප්‍රදේශ පුරා පැතිර යන්නට විය. රත්නපුර නගරය ඒඩ්ස් රෝගයට පවා ප්‍රචලිත වීම මෙහි තවත් ප්‍රතිඵල‍යෙකි. අලුත් සල්ලිකාර පැලැන්තිය නිසා සබරගමුව තුළ බලවත් පරිසර විනාශයක්ද සිදු විය. මේ දෙස බුද්ධිමත් ඇසකින් බලන්නට තිළකරත්න මෙන් ම සෙනෙහෙලතා ද ඉදිරිපත් වෙති. බස්ඉඹුල ඉන් සංකේතවත් කරන්නේ නව පරපුරේ ප්‍රබුද්ධ කණ්ඩායම ගැන ය.

පාරම්පරික ප්‍රභූ පන්තියේ බිඳ වැටීම සංකේතවත් කරන තවත් සාධකයක් වූ කුඹුරු පනත ගැන ද කතුවරයාගේ අවධානය යොමු වී ඇත. එය ද මේ කලාපයේ සමාජ පරිසරය වෙනස් කරන්නට ප්‍රබල ලෙසින් බලපා තිබේ. ප්‍රභූ පන්ති පාලනයට එය යම් බලපෑමක් සිදු කළ ද ඒ ඔස්සේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යහපත් ‍ෙලස වෙනස් වූයේ නැත. මැණික් කර්මාන්තය හා වතුවගාව ඊට වැඩි බලපෑමක් මේ ජනතාවට සිදු කර තිබේ.

මස්ඉඹුල මේ කතාව තුළ අනුවේදනීය සිදුවීම් ගණනාවක් නිරූපණය කරයි. ඒ මගින් පාඨක අවධානය ‍ගොනු කරගන්නා අතර ජීවිත යථාර්ථයන් ද මතු කරයි.

(I) කෙටිහාමිගේ පළමු දරුවා දිවියකුගේ ප්‍රහාරයට ලක්වීම.

(II) තම වටපිරාව හොඳින් හඳුණන ගුණාදරී පතලකට වැටී මිය යෑම.

(III) ගුණාදරී මරණාසන්නව සිටිය දී නන්දෝරිස් ඇගේ ගෙය හාරමින් මැණිකක් සෙවීම.

(IV) මනංසිඤ්ඤො පිහියකින් ඇන රතු නිලමේ මරා දැමීම

මේ සිදුවීම් බලහත්කාරයෙන් ඔබ්බවා නැත. ඒවා කතාව සමඟ ඓන්ද්‍රීය ලෙසින් බැඳී පවතී. කෙටිහාමිගේ පවුල වනාන්තරයක් තුළ ජීවත්වන්නේ ජීවිතයට හා මරණයට සම - සම ලෙස මුහුණ දෙමින් ය. මෙබඳු පරිසරයක ලේ කැටි දරුවකු දිවියකුගේ ගොදුරක් බවට පත්වීම ස්වාභාවික ය. ඔහු මේ අවස්ථාව නිරූපණය කරන්නේ ද අපූරු විලාසයකින් ය.

“දැරිය උස්හඬින් කෑගසයි. පිච්චි ගේ ළඟට හැල්මේ දිව එද්දී ඇටඹ ගසේ ලෑල්ලට බත් කන්නට ආ ලෙහෙන්නු ද කෑ ගසමින් සිටියහ. ගෙයි වහලය උඩට නැගි අවිච්චියෙක් ද ඒ - මේ අත පනිමින් අමුතු ආකාරයකට කෑගසන්නට විය. දොර මඳක් විවර වී තිබේ. වංගෙඩිය පෙරැළී ඇත. ඇය වහා ගෙට ගොඩවී තල් අතු දොර තල්ලු කර දැමුවා ය. ඒ වන විටත් ඒ කරුමක්කාර දේ සිදු වී තිබුණේ ය. “

(පිටුව - 51)

ගුණාදරී දෑස් අහිමි තරුණියක බවට පත් වන්නේ ඉන් ටික කලකට පසුව ය. එහෙත් ඈ මනා වීරියකින් ජීවිතයට මුහුණ දෙයි. මේ තරුණිය ගෙදර අන් සියලු දෙනාට ම වැඩියෙන් ප්‍රඥාවන්ත ය. ඇයට දුර ඇති අනතුරක් පවා හඳුනාගත හැකි ය. එහෙත් ඈ මිය පරලොව යන්නේ පතලකට ඇද වැටීමෙන් ය. එය නූතන සමාජය විසින් අටවන ලද උගුලක් සේ හැඳින්විය හැකි ය. නූතන සමාජයේ කුහක බව කෙතරම් උත්සන්න වී තිබේ ද යත්; ගුණාදරී මරණාසන්නව කෙඳිරි ගාද්දී ඇයගේ ඥාති පුත්‍රයකු වන නන්දෝරිස් ඇයගේ නිවෙසෙහි අත්තිවාරම හාරා එහි ඇති ගෙවුඩ මැණිකක් සොයාගනී. නන්දෝරිස් මේ සඳහා සැලැසුම් කරන අතර ඔහුට ගුණාදරීගේ ජීවිතය තඹ දොයිතුවකට වටින්නේ නැත. ධනේශ්වරය මිනිසාගේ චින්තනය කොයිතාක්දුරකට දූෂ්‍ය කර තිබේ ද? මනංසිඤ්ඤො ද නිලමේට පිහියෙන් ඇන මරා දැමීම මේ කතාවේ එන සුවිශේෂ සිද්ධියෙකි. දූෂිත බලවේග විනාශ කිරීම සඳහා ප්‍රභූ පැලැන්තියට එරෙහි බලවේග එම පරිසරයෙන්ම නැගී සිටිනු ඇත. එය ද ඉතිහාසය විසින් පසක් කරනු ලබන සත්‍යතාවකි.

මාණික්කාවත ප්‍රබන්ධය තුළ තවත් කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ. ඒවා ලේඛකයා විසින් ගොඩනඟාගන්නා ලද කුසලතා ලෙස හඳුනාගත හැකි ය.

(I) කතාව නිදහසේ ගලා යෑමට ඉඩ දෙයි.

(II) කතුවරයාගේ උපදේශන හා බරපතළ විග්‍රහ නැත.

(III) කතාවට හා පසුබිමට ගැළපෙන අපූරු භාෂාවක් යොදා ගනී.

සබරගමුව යනු වෙන ම භූගෝලීය කලාපයෙකි. මධ්‍යම කඳුකරය, වැසි වනාන්තර, වර්ෂාව, දොළ පාරවල් , සමනළ කන්ද, තෙතමනය වැනි ලක්ෂණ ඊට මුල් වී ඇත. මේ හැරෙන්නට සබරගමුවට අනන්‍ය භාෂා රටාවක් ජන සාහිත්‍යයක් හා කලාවක් ද පවතී. ඉංග්‍රීසි පාලනයේ අවසන් කාර්තුව තුළ මේ කලාපයේ බලවත් ප්‍රභූ තැනැත්තා බවට පත් ව සිටියේ මඩුවෙන්වෙල දිසාවේ ය. ඔහුගේ වලව්වට සම්බන්ධ සිදුවීමකින් කතාව ආරම්භ වෙයි. පිච්චි හා කෙටිහාමි ප්‍රභූන්ගේ දඬුවමකට ලක්වූ දෙදෙනෙක් වූහ. දෙදෙනාගේ වනගත හවුල් ජීවිතය ආරම්භ වන්නේ ද එතැන් සිට ය.

කෙටිහාමි නම් චරිතය ගෙඩනඟා ඇත්තේ එක් අතෙකින් මහා වීරියක් ඇති මිනිසකු ලෙසට ය‍.

තව අතෙකින් ඔහුගේ චරිතය ගොඩනඟා ඇත්තේ උපරිම මනුෂ්‍යත්වයක් සහිත මිනිසකු හැටියට ය. වලව්වේ ඇත්තකු විසින් දූෂ්‍ය කරන ලද පිච්චිහාමි කැටුව පවුල් ජීවිතයක් ගත කරන කෙටිහාමි, කිසි දිනෙක එම සිද්ධිය සිහිකොට ගැහැනියගේ සිත රිද්දවන්නේ නැත.

එදා ප්‍රභූ පාලනය තුළ පැවැති ප්‍රචණ්ඩත්වය, විකාර රූපී බව හා ආශීලාචාර බව ඉතා සියුම් ලෙසින් නිරූපණය කිරීමට කතුවරයා සමත් වෙයි. කෙටි හාමිගේ කතාවලින් පෙනී යන්නේ ඔහු ප්‍රභූ පන්තියට වෛර නොකරන බවය. ඒ සැබෑ ගැමියාගේ ස්වභාවයයි. මේ ගැමි ගතිය මෝඩකමක් නොව, උසස් මිනිස් ධර්මතාවක් බවද කතුවරයා පෙන්වා දෙයි.

සබරගමුවේ පරිණාමයට බල පෑ තවත් විශේෂ සාධකයක් වන්නේ වතු වගාව ය. මුලින් සබරගමුවේ උස් භූමි තේ වගාව සඳහා එළි-පෙහෙළිකරන අතර පසුව කලාපය පුරා ව්‍යාප්ත වන්නේ රබර් වගාව ය. වතු වගාව සමඟ මේ ප්‍රදේශවලට කඩා වදින තවත් සාධකයක් වන්නේ දෙමළ වතු කම්කරු ප්‍රජාව ය. ඔව්හු ව්‍යවසාකයන් විසින් තනා දෙන ලද ‘ලයින්’ කාමරවල ජීවත් වූහ. මේ නිසා සබරගමුවට අලුත් උප සංස්කෘතික ලක්ෂණ සිංහල ගම්මාන තුළ ද ස්ථාවර විය. එදා ජාතිවාදී ගැටුමක් සබරගමුව තුළ නොවූ නමුදු දේශපාලන බලපෑම් මත එම දූර්-ලක්ෂණය ද සබරගමුවෙන් මතුවෙයි.

එහෙත් කෙටිහාමි වැනි පරමාදර්ශී චරිත තුළ ජාතිවාදයක් තිබුණේ ම නැත. ඔහු තමාගේ වී පෙට්ටියෙන් වී ගෙන, වතු කම්කරුවනට දෙයි. කෙටිහාමිගේ මළගමට සහභාගී වන දෙමළ ප්‍රජාව ඔහුගේ කෘතගුණ වනයි.

රත්නපුරය ආදී ප්‍රදේශවල නූතන කතාව ලියැවෙන්නේ මැණික් කර්මාන්තයත් සමඟ ය. මේ කර්මාන්තය නිසා අලුත් සල්ලිකාරයන් බිහි වූ අතරම සමාජ හර පද්ධතීන් බිඳ වැටෙන්නට පටන් ගත්තේ ය. සමාජශාලා, ගණිකා වෘත්තිය හා තවත් ජාවාරම් ප්‍රදේශ පුරා පැතිර යන්නට විය. රත්නපුර නගරය ඒඩ්ස් රෝගයට පවා ප්‍රචලිත වීම මෙහි තවත් ප්‍රතිඵල‍යෙකි. අලුත් සල්ලිකාර පැලැන්තිය නිසා සබරගමුව තුළ බලවත් පරිසර විනාශයක්ද සිදු විය. මේ දෙස බුද්ධිමත් ඇසකින් බලන්නට තිළකරත්න මෙන් ම සෙනෙහෙලතා ද ඉදිරිපත් වෙති. බස්ඉඹුල ඉන් සංකේතවත් කරන්නේ නව පරපුරේ ප්‍රබුද්ධ කණ්ඩායම ගැන ය.

පාරම්පරික ප්‍රභූ පන්තියේ බිඳ වැටීම සංකේතවත් කරන තවත් සාධකයක් වූ කුඹුරු පනත ගැන ද කතුවරයාගේ අවධානය යොමු වී ඇත. එය ද මේ කලාපයේ සමාජ පරිසරය වෙනස් කරන්නට ප්‍රබල ලෙසින් බලපා තිබේ. ප්‍රභූ පන්ති පාලනයට එය යම් බලපෑමක් සිදු කළ ද ඒ ඔස්සේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය යහපත් ‍ෙලස වෙනස් වූයේ නැත. මැණික් කර්මාන්තය හා වතුවගාව ඊට වැඩි බලපෑමක් මේ ජනතාවට සිදු කර තිබේ.

මස්ඉඹුල මේ කතාව තුළ අනුවේදනීය සිදුවීම් ගණනාවක් නිරූපණය කරයි. ඒ මගින් පාඨක අවධානය ‍ගොනු කරගන්නා අතර ජීවිත යථාර්ථයන් ද මතු කරයි.

(I) කෙටිහාමිගේ පළමු දරුවා දිවියකුගේ ප්‍රහාරයට ලක්වීම.

(II) තම වටපිරාව හොඳින් හඳුණන ගුණාදරී පතලකට වැටී මිය යෑම.

(III) ගුණාදරී මරණාසන්නව සිටිය දී නන්දෝරිස් ඇගේ ගෙය හාරමින් මැණිකක් සෙවීම.

(IV) මනංසිඤ්ඤො පිහියකින් ඇන රතු නිලමේ මරා දැමීම

මේ සිදුවීම් බලහත්කාරයෙන් ඔබ්බවා නැත. ඒවා කතාව සමඟ ඓන්ද්‍රීය ලෙසින් බැඳී පවතී. කෙටිහාමිගේ පවුල වනාන්තරයක් තුළ ජීවත්වන්නේ ජීවිතයට හා මරණයට සම - සම ලෙස මුහුණ දෙමින් ය. මෙබඳු පරිසරයක ලේ කැටි දරුවකු දිවියකුගේ ගොදුරක් බවට පත්වීම ස්වාභාවික ය. ඔහු මේ අවස්ථාව නිරූපණය කරන්නේ ද අපූරු විලාසයකින් ය.

“දැරිය උස්හඬින් කෑගසයි. පිච්චි ගේ ළඟට හැල්මේ දිව එද්දී ඇටඹ ගසේ ලෑල්ලට බත් කන්නට ආ ලෙහෙන්නු ද කෑ ගසමින් සිටියහ. ගෙයි වහලය උඩට නැගි අවිච්චියෙක් ද ඒ - මේ අත පනිමින් අමුතු ආකාරයකට කෑගසන්නට විය. දොර මඳක් විවර වී තිබේ. වංගෙඩිය පෙරැළී ඇත. ඇය වහා ගෙට ගොඩවී තල් අතු දොර තල්ලු කර දැමුවා ය. ඒ වන විටත් ඒ කරුමක්කාර දේ සිදු වී තිබුණේ ය. 

ගුණාදරී දෑස් අහිමි තරුණියක බවට පත් වන්නේ ඉන් ටික කලකට පසුව ය. එහෙත් ඈ මනා වීරියකින් ජීවිතයට මුහුණ දෙයි. මේ තරුණිය ගෙදර අන් සියලු දෙනාට ම වැඩියෙන් ප්‍රඥාවන්ත ය. ඇයට දුර ඇති අනතුරක් පවා හඳුනාගත හැකි ය. එහෙත් ඈ මිය පරලොව යන්නේ පතලකට ඇද වැටීමෙන් ය. එය නූතන සමාජය විසින් අටවන ලද උගුලක් සේ හැඳින්විය හැකි ය. නූතන සමාජයේ කුහක බව කෙතරම් උත්සන්න වී තිබේ ද යත්; ගුණාදරී මරණාසන්නව කෙඳිරි ගාද්දී ඇයගේ ඥාති පුත්‍රයකු වන නන්දෝරිස් ඇයගේ නිවෙසෙහි අත්තිවාරම හාරා එහි ඇති ගෙවුඩ මැණිකක් සොයාගනී. නන්දෝරිස් මේ සඳහා සැලැසුම් කරන අතර ඔහුට ගුණාදරීගේ ජීවිතය තඹ දොයිතුවකට වටින්නේ නැත. ධනේශ්වරය මිනිසාගේ චින්තනය කොයිතාක්දුරකට දූෂ්‍ය කර තිබේ ද? මනංසිඤ්ඤො ද නිලමේට පිහියෙන් ඇන මරා දැමීම මේ කතාවේ එන සුවිශේෂ සිද්ධියෙකි. දූෂිත බලවේග විනාශ කිරීම සඳහා ප්‍රභූ පැලැන්තියට එරෙහි බලවේග එම පරිසරයෙන්ම නැගී සිටිනු ඇත. එය ද ඉතිහාසය විසින් පසක් කරනු ලබන සත්‍යතාවකි.

මාණික්කාවත ප්‍රබන්ධය තුළ තවත් කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් තිබේ. ඒවා ලේඛකයා විසින් ගොඩනඟාගන්නා ලද කුසලතා ලෙස හඳුනාගත හැකි ය.

(I) කතාව නිදහසේ ගලා යෑමට ඉඩ දෙයි.

(II) කතුවරයාගේ උපදේශන හා බරපතළ විග්‍රහ නැත.

(III) කතාවට හා පසුබිමට ගැළපෙන අපූරු භාෂාවක් යොදා ගනී.

මස්ඉඹුල ඉතා ශක්තිමත් හා අව්‍යාජ කතාවස්තුවක් ගොඩ නඟන අතර ඊට ගැළපෙන අපූරු භාෂා රටාවක් භාවිත කරයි.



ආදරයේ උතුම් රත්නයයි ඈ

 

යසෝදරා දේවිය



අද ගවේෂා තුළින් බෞද්ධ සාහිත්‍යයේත්, සිංහල සාහිත්‍යයේත් විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සළකන යසෝදරා දේවිය පිලිබඳව සටහනක් තැබීමට සිතුනි. යසෝදරා දේවිය මා දුටු ලොව විශිෂ්ඨතම කාන්තා චරිතය ලෙස සඳහන් කළොත් එය නිවැරදි ය. යසෝදරා පෙරදිග  කාන්තාවගේ පරමාදර්ශයයි. බිරිඳක මවක ලෙස සිංහළ සාහිත්‍යයේ සහ බෞද්ධ සාහිත්‍යයේ හමුවන විශිෂ්ඨතම කාන්තා සළකුණ ඇයයි. ආදරය, විරහව, ඇතුළු සියළු දුක්ඛ සංතාපයන්  සඳහා ජීවිතයට ගත හැකි හොඳම නිදසුන යසෝදරාවන්ගේ චරිතයයි.  යසෝදරාවන් පිළිබඳව මහායාන බුදු දහම තුළ සහ ථේරවාදී බුදු දහම තුළ පවතින්නේ මත දෙකක් වුවදමා මෙහිදි සඳහන් කරන්නේ ථෙරවාදි බුදු දහමේ හමුවන යසෝදරාවෝ පිලිබඳවයි.

සුප්‍රබුද්ද රජුගේ දියණිය යසෝදරා: 

සිදුහත් කුමරුගේ අග බිසව; යසෝදරා දේවිය , රාහුල මාතා, බිම්බා දේවි, භද්දකච්චායනා කුමරි, සහ ගෝපා යන නම් වලින් බෞද්ධ සාහිත්‍යයේ හැඳින්වූවා ය. ඇය සුප්‍රබුද්ද රජුගේ දියණියයි. සිදුහත් කුමරුට සොළොස් වියේදී විවාහයක් කර දීමට කල්යල් එළඹි විට සුද්දෝදන රජු විසින් සිදුහත් කුමරුගේ අදහස් විමසා බැලීය. ඒ මොහොතේ කුමරු විසින් විවාහ වීමට තෝරා ගන්නා කාන්තාව විසින් සපුරාලිය යුතු කරුණු  රැසක්  ඉදිරිපත් කර තිබුණ බව අසිරිමත් බුදු සිරිතෙහි විස්තර වේ. සිදුහත් කුමරු සමග විවාහ වීමට නම්,

01.     උසස් වංශයෙන් හා කුල පරපුරෙන් යුක්ත වීම සහ උසස් නව යොවුන් තරුණ
          වියෙන්ද රූ සපුවෙන් මෙන් ම  විශේෂ ගුණ සමුදායෙන්ද යුක්තවීම

02.     රූමත් වුවද  තම රූ සපුව ගැන ආඩම්බර නොවිම.

03.     ඇගේ මව හා සොහොයුරියන් ජීවත්ව සිටීම.

04.     සත්‍යවාදී බව, මුදිතාව, පරිත්‍යාගශීලී බව  සහ සුපරීක්ෂාව යන ගුණාංගයන්ගෙන්   
           සමන් වීම.

05.     අපකීර්තිය, සදොස් බව, නපුරු බව, අහංකාරය හා අනුන්ගේ යසස නො ඉවසීම
          ආදී අවගුණ ඇය තුළ නො තිබීම.

06.     උඩඟුකම මෙන්ම නිවට පහත් බවද ඇය තුළ නො තිබීම.

07.     දිවිහිමියෙන් පතිවත රැකිය යුතු අතර සිහිනෙන්වත් අන් තැනැත්තෙකු නො පැතීම.  

08.     පසිඳුරන් පිනවීමෙහි ඇබ්බැහි නොවිම.

09.     ලද දෙයින් සතුටු විය හැකි කෙනෙකු වීම.

10.     අනුන්ගෙන් ඉල්ලිමට පුරුදු නොවීම.

11.     නැටුම්, ගැයුම් , වැයුම්, බැලිම යෑම පුරුද්දක් නොවීම.

12.     සිත කය වචනය පිරිසිදුව ආගමික වතාවත් වල යෙදීම.

13.     සිය බාල සොහොයුරා සහ නැන්දණිය කෙරෙහි තම යුතුකම් ඉටු කිරිම.

14.     හිතවතුනට හිතවත්බවත්, දැසි දසුනට ප්‍රසන්න බව දැක්වීම.

15.     සැමියාට පසුව නින්දට යාම  සහ සැමියාට පළමුව අවදි විම.

16.     මවක මෙන් ගෘහ පාලන කටයුතු කිරිම.

17.     නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර හදාරා තිබීම.

18.     ලේඛන කලාව මෙන්ම කාව්‍ය කරණයෙහි දක්ෂ වීම  

සිදුහත් කුමරු මෙවැනි කරුණු බිරිඳකගෙන් අපේක්ෂා කරන ලද්දේ විවාහ විමට අකමැත්තෙන් සිටි නිසා බව සැලකිය හැකි බව බෞද්ධ සාහිත්‍යය පෙනවා දෙයි. තවද ඒ සියළු ලක්ෂණවලින් හෙබි කාන්තාවක සිටිය නොහැකි යැයි සිදුහත් කුමරු අපේක්ෂා කරන්නට ඇති බව ද බෞද්ධ සාහිත්‍යයේ සදහන් වේ. ඒ නිසා සිදුහත් කුමරුගේ විවාහය සුද්දෝධන රජු විසින් අමතක කරනු ඇතැයි බලාපොරොත්තු වූ බවද එහි සඳහන් වේ.  අනෙක් අතට බෞද්ධ කාන්තාවක සතුව ඒ ගුණය පවතී යන්න එකළ ඉන්දීය සමාජය තුළ තිබෙන්නට ඇති බව මට සිතේ.

සිදුහත් කුමරුගේ ස්වයංවරය

ඉහත දකුවන ලද සුදුසුකම් ඇති කුමරියක සොයා ගැනීමට සුද්දෝධන රජතුමා කටයුතු කළේය. ඒ අතරම රාජ දූතයන් යවා කුමරියක සෙවීය. මේ සඳහා රජු විසින් ස්වයංවර උත්සවයක්ද පිළියෙල කලේය. ‍එසේ  ඉදිරිපත් වූ කිඹුල්වත් පුර ශාක්‍ය කමරියන් නියමිත දිනයේදී මගුල් උයනට පැමිණෙන ලෙස නියෝග කර තිබූ බවත්, එසේ පැමිණෙන කුමරියන් හට සිදුහත් කුමරු අතින්  තෑගි පිරිනමන බවද ප්‍රසිද්ධ කරන ලදි.

ඒ අනුව ස්වයංවර උත්සවය සඳහා පැමිණි ශාක්‍ය කුල කුමරියෝ ස්වර්ණාභරණයෙන් සැරසී දහස් ගණනින් මගුල් උයනට රැස් වූ බවත්,  එහි දී සිදුහත් කුමරු විසින් ඒ සියළු කුමරියන්ට අගනා තෑගි පිරිනැමූ බවත් බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. 
එහෙත් අවසානයට පැමිණි කුමරියට දීමට තෑග්ගක් ඉතිරි නොවූයෙන් සිදුහත් කුමරු තම ගෙළ බැඳිරන් පඳනාව ගලවා කුමරිය කර පැළඳ වූ අතර, සිදුහත් කුමරු තම ඇඟිල්ලෙහි වූ මුදුවද ගලවා  කුමරියගේ ඇඟිල්ලේ පැළඳුවේය. ඒ සිදුහත් කුමරුගේ සහ යසෝදරාවන්ගේ සංසාරික ආදරයේත් බැඳීමේත් පළමු හමුවීමයි.

සිදුහත් කුමරුගේ ශිල්ප දැක්වීම

යසෝදරාවන් කෙරෙහි  සිදුහත් කුමරු දැක්වූ ඒ විශේෂත්වය නිසා සැළකිලිමත් වූ සුදොවුන් රජු සුප්පබුද්ධ රජුගේ දියණිය විවාහ කර දීමට යෝජනාකර දූතයන් යැවූ අතර  සිදුහත් කුමරු ශිල්ප නොදත් අයෙකු ලෙස සැළකිම නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප විය. මේ නිසා  රජු වහා ශිල්ප සංදර්ශනයක් සූදානම් කළ අතර ඒ සඳහා ශාක්‍ය කුමාරවරු පන්සියයක් සහභාගී වූ බව ද දැක්වේ. මේ අවස්ථාවේදී අනෙක් කුමාරවරු අතරින් සිදුහත් කුමරු විශේෂ ශිල්ප දැක් වූයෙන් යසෝදරාවෝ සිදුහත් කුමරු හට සරණ පාවා දෙන ලද බව සඳහන් වේ.

මේ ආකාරයෙන් යසෝදරාවෝ දීර්ඝ සංසාර චාරිකාව පුරාත්, අවසන් ආත්ම භවයෙහි සිදුහත් කුමරුගේ අග බිසව ලෙසත් තම සෙනෙහබර ස්වාමියා කෙරෙහි දැක් වූයේ අප්‍රමාණ පති භක්තියකි.

සිදුහත් කුමරු ගිහිගෙය හැර ගොස් කෙස් කපා තවුස් වෙසින් පැවිදිව කසා වත පොරවා සිටින බව ඇසූ යසෝදරාවෝ ද සිය දිගු කෙස් කළඹ කපා සිනිඳු කසී පට පිළි  හරදා රළු පට පිලී හැන්දාය.

තවුස් වෙසින් සිදුහත් කුමරු  එක් වේලක් වළඳන බව ඇසූ ඕ තොමෝ රාත්‍රී ආහාරය නො ගෙන සිටියාය. එතෙක් වැළඳූ රන් තැටි අත හැර රළු මැටි 
 බඳුනක සිය ආහාරය ගත්තා ය. සිදුහත් තවුසාණෝ මල්මාල නො පළඳින බව අසා ඇයද මල් නො පැළඳුවාය. සුවඳ විලවුන් ගැල්වීම  ඉවත දැමුවාය.

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු ඇයගේ රූ සපුව දුටු  ශාක්‍ය කුමාරවරු විවාහ යෝජනා එවූ  නමුත් ඔවුනට වචනයකින් පවා කිසිවක් නො කියා ගිහිගෙයි තනිවම වාසය කළා ය.

සත් වසකට පසුව  බුදු හිමියන්ට හමුවූ යසෝදරාවෝ..
රාහුල කුමරු උපන් දිනයේ සිදුහත් කුමරු ගිහිගෙයින් නික්ම ගිය පසු ඇය නැවත් සිදුහතුන් දුටුවේ මහාභිනිෂ්ක්‍රමණයට  හත් වසරකට පසුව බුදු රජනානන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරා ගෙයින් ගෙට පිඬු සිඟා වඩින ගමනේදී ය.

සුද්දෝධන රජු බුදුරදුන් තම මාළිගයට වැඩමවා දන්දී යසෝදරාවන්ගේ ගුණ කියා ඇයගේ ගෙට වැඩම කරවිය. 

යසෝදරා‍වන්ගේ ගෙට බුදුරදුන් වැඩම කළ මොහොතේ  ඇය ගෙවුණු වසර හත පුරා විඳි විරහ දුක් කියමින් බුදුහිමියන්ගේ දෙපා අල්වාගෙන  බොහෝ වේලාවක් ඉකි බිඳිමින් හඬා වැලපුණා ය.

බොහෝ දුර  අනේක ජාති සංසාරේ පටන් තමන් වහන්සේ සමග සසරෙහි  එක්ව පැමිණි යසෝදරාවෝ තමන් වහන්සේට විවිධ ආත්ම භවයන්හි දී උපකාර වූ අයුරු සිහිකළ බුදුන් වහන්සේ  යසෝදරාවන්ට ඇයගේ දුක නිවෙන තෙක් හඬා වැළපෙන්නට ඉඩ දී නිහඬවම වැඩ සිට ඇයගේ සිතෙහි උපන් දුක සහ ශෝකය නිවි යන සේ චන්ද කින්නර ජාතකය දේශනා කළහ.

බුදුහිමියන් චන්ද කින්නර ජාතකය තුළින්  දුටු යසෝදරා..
බුදුහිමියන් එක් සංසාරයක යසෝදරාවන් සමග  ලේන කුලේ  සිට සසර පුරා සැරිසරමින් අන්තිම භවය තෙක් පැමිණි අයුරු ඡන්ද කින්නර ජාතකය මගින් ගෙන හැර දැක් වූහඑහිදී දශරථ ජාතකයෙහි රාමා සහ  සීතා නමින් විවාහව පතිවෘත්තාව  ආරක්ෂා කළ සැටි විස්තර කළහ.

ඒසේම චුල්ලසුතසෝම ජාතකයෙහි සුතසෝම රජුගේ චන්ද්‍රා දේවිය ලෙසත්, මහාජනක ජාතකයෙහි මහාජනක රජුගේ සීවලී දේවිය ලෙසත්, දිවි ගෙවූ අතර, ඛණ්ඩහාල ජාතකයෙහි චන්දු කුමරු මරා යාගයක් කිරිමට සූදානම් වූ මොහො‍‍තේ චන්ද්‍රා දේවිය ලෙසින් බෝසතුන්ගේ දිවි ගලවා ගත් ආකාරයත් දැක් වූහ. සිවි ජාතකයෙහි ස්වර්ණාකර දේවිය ලෙසද, මනෝජ ජාතකයෙහි සිංහ ධේනුව ලෙසද, ආදිත්‍ය ජාතකයෙහි සමුද්‍ර විජයා ලෙසද,  පැමිණි සංසාර ගමනෙහි චන්ද කින්නර ජාතකයෙහි චන්ද කින්නරී ලෙස බෝසතුන්ගේ දිවි ගලවාගත්  අකාරය  සඳහන් වේ.

මේ අයුරින් කුස ජාතකයෙහි පබාවතිය ලෙසද, උම්මග්ග ජාතකයෙහි අමරා දේවිය ලෙසද, වෙස්සන්තර ජාතකයෙහි මන්ද්‍රි දේවිය ලෙසද උපත ලැබූයේ යසෝදරාවන් ම ය.
යසෝදරා ස්ථිවිරියන් පිරිනිවනට වැඩමවීම 

යසෝදරා ආපදානයෙහි විස්තර වන ආකාරයට  රාහුල මාතාවෝ දිගු සංසාර චක්‍රයෙහි විවිධ අවස්ථාවන්හිදී  බෝසතුන්ගේ දිවි ගලවා ගනිමින් සහ ආරක්ෂා කරමින් අවසන් ආත්ම භවය දක්වා පැමිණ බුදුහිමියන් ඉදිරියෙහි පැවිදිව සැත්තෑ අටවන වියෙහි  එක් දිනක අලුයම් වේලෙහි බුදු රදුන් සහ යසෝදරා රහත් ස්ථිවිරියන් වහන්සේද එකම දිනයේ පරිනිර්වාණයට වැඩම වන බව යසෝදරාවෝ දිවැසින් දුටුහ.

යසෝදරාවෝ එයින් මිහිතලය මහත් කම්පාවක් වනු ඇතැයි සිතා බුදුන් වහන්සේගේ පරිනිර්වාණයට දෙවසරකට පෙර නිවන් මගට පිවිසීමට තීරණය කර එදිනම ඒ  පරිනිර්වාණ දිනයේද අවසන් වරට බුදුන් පා කමල වැඳ සසර පුරා වූ ගමන් මගෙහි තමන්  අතින් යම් වරදක් සිදු වූයේ නම් එම සියළු වරදට පව් කමා කර දෙන ලෙස බුදුහිමියන්ගෙන් ඉල්ලා සිටි බවත්, ඒ මොහොත වන විටත් ඇය සියළු කෙළෙසුන් නසා සිත දියුණු කර රහත්ව ඇති බව දිවැසින් දුටු බුදු රදුන් යසෝදරා රහත් ස්ථවිරියන්ගේ  ඉල්ලීම වස් සියලු පව් කමා කළහ. අනතුරුව බුදු හිමියන්ගේ ඉල්ලිම පිට  මුළු මහත් කාන්තා සමූහයාට ආදර්ශයක් වන සේ යසෝදරාවන්ගේ ප්‍රාතිහාර්යය දක්වන ලෙස ඉල්ලා සිටි බවත් අනතුරුව යසෝදරාවෝ බුදු හිමියන් සහ අසූහාරදහසක් රහතුන් වහන්සේලා ඉදිරියේ   සෘද්ධීන් දක්වා එදින රාත්‍රියෙහි පරිනිර්වාණයට පත් බවත් යසෝදරා ආපදානයෙහි සඳහන් වේ.

මේ තරම් දිගු කාලයක් සසරෙහි යසෝදරාවන් තුල තිබූ අප්‍රමාණ පති භක්තිය ද,  ඇයගේ අධිෂ්ඨානශීලී බවද, සිල්වත් බවද, කැපවීමද, මෙහිදි වැදගත් වේ.

නූතන සමාජයේ කාන්තාව සහ යසෝදරා චරිතය:
ආසියානු  සමාජය තුළ කාන්තාව දුවක , බිරිඳක, මවක, සොහොයුරියක ලෙසින් සිය යුතුකම් ඉටු කිරිමේ විශිෂ්ඨ ආදර්ශය යසෝදරාවන්ගේ පරමාදර්ශී චරිතයෙන් ලැබි ඇත. තම රූප ශෝභාවට වඩා යසෝදරාවන්ගේ චරිතය ආදර්ශය ජිවිතයට සම්බන්ධ කර  උදාර මාතෘත්වයට  පිවිසෙන නූතන කාන්තා පරපුර සමස්ථයක් ලෙස ගත් කල්හි යසෝදරාවන්ගේ ආදරයේ පරමාදර්ශය  මිනිස් සමාජයට විශිෂ්ඨ ආදර්ශයක් සපයයි. එහෙයින්ම ආසියාතික සියළු කාන්තාවෝ ආදරයේ පරමාදර්ශය වූ යසෝදරාවන්ම යැයි මට සිතේ. ෴

මේ සටහන ලිවීමේදී  පහත සඳහන් කෘති මූලාශ්‍ර කරගන්නා ලදි.

01.     බුද්ධ චරිතය - මහාචාර්ය සුචරිත ගම්ලත්,
02.     යසෝදරාපදානය (ආපදාන පාලි )
03.     යසෝදරාවත ( සිංහල ජන කවියේ මූලාශ්‍ර )
04.     යසෝදරා ආපදානය සහ යසෝදරාවත - පූජ්‍ය මීගොඩ පඤ්ඤාලෝක හිමි

Wednesday, October 5, 2022

අපේ පැරණි සටන් කලාව

අපේ පැරණි සටන් කලාව 

 

අංගම්පොර
 අංගම් පොර සටන් කලාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළයේ ජීවත්වෙච්ච යක්ෂනාගදේවරාක්ෂ යන ජනවර්ග පොදුවේ අසුරයන් (සුර අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා මෙම සටන් ක‍්‍රමය භාවිත කරන්නට විය. ක‍්‍රමයෙන් වර්ධනය වූ අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක‍්‍රමණයට එරෙහිව යොදාගන්නට ඇත.



අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණ රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කරනු ලැබ ඇති වෛද්‍ය ග්‍රන්ථ තුළින්ද පැහැදිලි වෙයි. රාවණ සහ අංගම් ශාස්ත‍්‍රය අතර සම්බන්ධය කෙතරම් ප‍්‍රබලද කියතොත් අදටත් අංගම් ශිල්පීන් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සඳහා මල්පැලක් සකස් කොට රාවණ ස්තෝත‍්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි. මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක‍්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන් කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂා කරන්නට උපරිමයෙන් දායක විය.





අංගම් යනුවෙන් හඳුන්වන්නේ ශරීරයයි. පොර කියන්නේ සටනයි. නිරායුධව (හිස්) සිරුරෙන් කරනු ලබන සටන අංගම්පොර යනුවෙන් හඳුන්වයි. ආයුධ සහිතව කරනු ලබන සටන ඉලංගම් ලෙස හඳුන්වනු ලබයි. අංගම් ශිල්පයේ ප‍්‍රවීණයකු වීම සඳහා මෙම කොටස් දෙකට අමතරව මායා අංගම් ලෙස හැඳින්වෙන ගුප්ත කොටසද ඉගෙනගත යුතු අතර සම්පූර්ණ අංගම් සටන් කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයකුට තම ජීවිතකාලය මදිය. එසේ වන්නේ මෙම ශිල්පයේ ඇති තියුණු බව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත‍්‍රය පිළිබඳ දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන් ක‍්‍රමවලදී එතරම් සාර්ථක ලෙස භාවිත වන්නේ නැත. සිංහල සටන් ක‍්‍රමය අනුව නිලවලට පහරදෙන ක‍්‍රම රැසක් දැකගත හැකිය.

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක්ඉවසීමක් ප‍්‍රගුණ කළ අය වෙති. එය ඔහුට ලැබෙන්නේ බුදු දහම අතින්ය. අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය. ඔහු තම ශක්තිය විදහාපෑම සඳහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි. හිසෙන් පොල් පැලීමපොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීමඇත් දළයක් පොලොවේ වළලා තනි අතින් ඇද ගැලවීමපොලූ අට කැඞීමකුළු හරක් මෙල්ල කිරීමවිශාල ගල්ගස් කඳන් ඈතට විසි කිරීමපොල් ගසට පයින් ගසා පොල් කැඞීමපුවක් ගෙඩිය ඇඟිලි දෙකෙන් අල්ලා පොඩි කිරීමමිනිසුන් දහ පහළොස් දෙනා සමග තනිව සටන් කිරීමඇස්අතපය බැඳගෙන සටන් කිරීම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපෑමට කරනු ලබයි.


යටත්විජිත තහනමට ලක්වීම


මේ අයුරින් සිංහලයාගේ සටන් කලාව අධිරාජ්‍යවාදීන් බියගැන්වූ නිසාම අංගම් සටන්කරුවන් විනාශකරන්නට විවිධ උපක‍්‍රම යොදා ඇත. 1818 දී ගැසට් නිවේදනයක් මගින් අංගම් සටන් ලංකාව පුරාම තහනම් කිරීමට බි‍්‍රතාන්‍යයන් පියවර ගත්තේය. එ නිසාම ක‍්‍රමයෙන් අංගම් පුහුණුව සිංහලයා වෙතින් ඈත් වන්නට විය. අංගම් සටන් මගින් ඈත්වන්නට අකමැති වූ සිංහලයන් වනගතව එය ආරක්ෂාකරගත් අතර මෙනිසා අදටත් එය සුරක්ෂිතව පවතී. සටන් පරපුරේ මුතුන් මිත්තන් තම මහත්තාආරච්චි පරම්පරා නාමය සමග ඇති සම්පූර්ණ නම අගට පෙරේරා” යනුවෙන් යොදා ගැනීමට සිදුවිය.








මර්දනය

ඉංග‍්‍රීසියෙන් රේඛා ක‍්‍රියාවලිය කෙතරම්ද කියතොත් එහි එක් අවස්ථාවක් ඉතිහාසයේ මෙසේ සඳහන් වේ. අවුරුද්දක් පමණ කාලය තුළ පැවති මේ කැරැුල්ලෙන් සිදුවූ අලාභ හානි මෙ පමණය කිව නොහැක. සිංහලයෝ 10000 කට වැඩි ගණනක් මිය ගියහ. මියගිය ඉන්ගිරිසි භටයන්ගේ නියමිත ගණනක් ඇති බවක් නොපෙනෙන නමුත් ලෙඩවී මඩකළපුවට ගෙනගිය 173 දෙනකුගෙන් 114 දෙනකුම මියගිය බව සඳහන් වේ. ඉන්දියාවෙන් ගෙන්වන ලද 7000 ක් භටයෝ කැරැුල්ලට සම්බන්ධ වූහ.

සැබෑ සටන් ශිල්පීන් තවදුරටත් ඉතිරිව සිටින්නේද යන්න  ඕනෑම අයකුට නැගෙන ප‍්‍රශ්නයකි. අවුරුදු 300 කට ආසන්න කාලයක් පූර්ණ තහනමකට ලක්ව තිබූ මෙම ශිල්පය තහනම් යුගයේදී නීති විරෝධී ලෙස යටත්විජිත පාලනය විසින් තැන තැන මරා දැමූ සටන් ශිල්පීන්ගේ ඉතිහාසය ඇසූ වත්මන් සමාජය එවැනි තීරණයකට එළැඹීම පුදුමසහගත නොවේ. එසේ වුවද අදටත් නොනැසී මෙම ශාස්ත‍්‍රය පවත්වාගෙන පැමිණි පරම්පරාවන් රාශියක් ලංකාවේ සිටින බවට ලිඛිත හා ලිඛිත නොවන සාක්ෂි දක්නට ලැබේ. ඉතාමත්ම අප‍්‍රසිද්ධව මෙම කලාව පවත්වාගෙන එනු ලබන ශිල්පීය පරම්පරා බොහෝ විට අදටත් නර්තන සම්ප‍්‍රදා හා බද්ධව මෙය පවත්වාගෙන යයි. කෙසේ වෙතත් මේ වන විට ප‍්‍රසිද්ධියේ කරළියට පැමිණ ශාස්ත‍්‍රයේ අනාගතය වෙනුවෙන් පෙනී සිටින කොරතොට අංගම්පොර සටන්කරුවන් මෙහිදී අමතක කළ නොහැකිය.

කොරතොට අංගම්පොර සම්ප්‍රදාය

අදින් වසර 33000කට පමණ පෙර ලක්දෙරණේ ඉපිද සුරාසුර යුද්ධය ජයග‍්‍රහණයට මුල්වූ කතරගම මහසෙන් නම් සෙන්පතියාගෙන් පැවත එන්නේ යැයි සැලකෙන කොරතොට අංගම්කරුවෝ මෑත ඉතිහාසයේ දී මුල්ලේරියා සටනට මූලිකත්වය දී ගම්වර තානාන්තර ලත් ගෞරවාන්විත සම්ප‍්‍රදායකි. අදටත් ඔවුන් ඔවුන්ගේ සම්ප‍්‍රදාය රැුකගෙන නොනැසී පවත්වාගෙන යයි.
අංගම්පොර කලාවේ විවිධාකාර ආයුධ රාශියක් ඇති අතර එතුණු කඩුව” නම් වූ ආයුධ විශේෂ තැනක් ගනී. කසයක හැඩය ගත් මෙම ආයුධය තියුණු මුවහත් ඇති නම්‍යශීලී ලෝහ පළු 32 කින් යුක්ත වෙයි. අංගම්පොර සටන් කලාව හා බැඳුනු ආයුධ අතර සමූලඝාතන ආයුධයක් වන මෙය වඩා දියුණු හා සංකීර්ණ සටන් හරඹ සඳහාදෑතට දෙකක් භාවිත කරයි. මෙම ආයුධ භාවිතයට ඉතාම ඉහළ පුහුණුවක් අවැසිය. මන්ද ප‍්‍රතිවාදියා හට එල්ල කරන පහරක් නියමාකාරයෙන් සිදුනොවුනහොත් එය තමන් හටද මාරාන්තික පහරක් විය හැකි බැවිනි. එබැවින් මෙම ආයුධය අත්දැකීම් ඇති ප‍්‍රවීන සටන් ශිල්පීන් භාවිත කරයි.
තවද අංගම් කලාව හා බැඳුනු තවත් ආයුධ අතර හෙළ කඩුවටද විශේෂ තැනක් හිමිවේ. මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍යය ලෙස නිර්මාණය කරනු ලබයි. සාමාන්‍යයෙන් කඩුවක දිග ශිල්පියාගේ අතෙහි දිගට සමාන වෙයි. පලිහ යනු කඩුව හා එක්ව භාවිත කරන තවත් ආයුධයකි.
ශ්‍රී ලාංකීය ජාතික උරුමයක් බඳු මෙම අංගම්පොර සටන් කලාව නැවත මෙරට ජනප‍්‍රිය කරවීමටමුල් ගුරු පරම්පරාවල වර්තමාන සාමාජිකයන් දැඩි වෙහෙසක් ගනී. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප ඔවුන්ට කෘතඥ පූර්වකව ස්තුතිවන්ත විය යුතුය. තරුණ අංගම්පොර සටන් ශිල්පියකු වශයෙන් සිය උරුමය අනාගත පරපුරට දායාද කිරීම උදෙසා දැඩි කැපවීමකින් හා උත්සහයකින් තම චාරිත‍්‍ර වාරිත‍්‍ර ඇවතුම් පැවතුම් සියල්ල කැටි කොට ගනිමින් අජන්ත මහන්තාරච්චි මහතා කරන කැපවීම හෙට දිනයේ අපට ආවේණික වූ අංගම් ශිල්පයේ රැක ගැනීම වෙනුවෙන් උදාර මෙහෙවරක් වනු ඇත.







අංගම් හොරු

අංගම් හොරු යනු...

අංගම්පොර නැමැති උත්තරීතර සටන් ශිල්පය ඉතිහාසයේ කවරකමදාකවත් ක්‍රීඩාවක් නොවීය. එය රටජාතිය හා ආගම සමඟ ප්‍රතිබද්ධවූ ‍‍ගරු ගාම්භිර වූ පූජිත සම්ප්‍රදායකි. මෙය අද්‍යතනය වන තෙක්ම ඉතාමත් රහසිගතව පරදේශක්කාර‍යින්ගේ අනේකවිධ කෙනෙහිලිකම්වලට භාජනය වෙමින් පාරම්පරිකව ආරක්ෂා කර ගෙන පැමිණි අතර ඉතාමත් රහසිගත මට්ටමේ පැවතුනකි. මෑත කාලීන දඬුබස්නාමානය (අංගම්පොර සටන් ශිල්පය ගැන කියවෙන්නක් වුවද අංගම්පොර සටන් ශිල්පය භාවිතා නොවෙන ටෙලි නාට්‍යයකි) වැනි ටෙලි නිර්මාණ නිසා මේ රටේ අංගම්පොර ශිල්පය පිළිබඳව සමාජ කතිකාවතක් ගොඩ නැගෙන්නට පටන් ගත්තේ ය. නමුත් එයින් සැබෑ අංගම්පොර ශිල්පයට හෝ ශිල්පීන්ට වූ සුගතියක් නැත. එයින් සැබෑවටම සිදුවන්නේ මුදල් වෙනුවෙන් තම මාපියන් වුවද විකුණනදකුණු ඉන්දියානු දෙමළ සටන් ශිල්ප හදාරන ලද්දවුන් කිහිපදෙනෙක් ඔවුන් අංගම්පොර ශිල්පීන් ලෙස ඉදිරිපත්වීරූපවාහිණී හා වෙනත් මාධ්‍ය දඩයමක් සිදුකරමින් තම බඩවියත රැක ගැනීමට පටන්ගැනීම පමණි.




අංගම් හොරු හඳුනාගන්නේ කෙසේද?

අද සමාජයට තිබෙන බරපතල ගැටළුවක් වන්නේ මෙම අංගම්පොර ශිල්පීන් යයි කියා ගන්නා පුද්ගලයන් අතුරෙන් සැබෑ අංගම්පොර ශිල්පියා හදුනා ගන්නේ කෙසේද යන්නයි. ඒ සඳහා පහත සඳහන් කරුණු ලක්ෂණ මතින් සමාජයට තීරණය කළ හැකි යයි අප විශ්වාස කරමු.
සැ.යු.
මෙම කරුණු වලට අමතරව වෙනත් කරුණු තිබේනම් ඒවා අප වෙත ඉදිරිපත් කිරීමට මෙම ක්ෂේත්‍රය සම්බන්ධව විදග්ධ පරීක්ෂණයන් කළ අයට හෝ සාම්ප්‍රධායික ශිල්පීන්ට අප අවස්ථාව ලබා දෙන්නෙමු. විරෝධතා ද ඉවසනු ලැබේ.

· සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ ගම්වරනම්බුනාමහා ඉතිහාස කෘතිවලින් (මහාවංශයරාජාවලිය ආදී) ඔවුන් ලබාගෙන ඇති ඓතිහාසාත්මක සාක්ෂි නොමැති වීම.

· සිංහල බෞද්ධයින් හැර වෙනත් අයට මෙම ශාස්ත්‍රය ඉගැන්වීම හා වේලාපත්කඩ පරීක්ෂණයක් සිදු නොකිරීම.

· සමාජ සම්මත පහත් කුලවලින් පැවත එන පරම්පරාවක් වීම.(එවන් පිරිස්වලට ඉතිහාසයේදී මෙම ශාස්ත්‍රය උගන්වා නැති නිසා)

· වෙනත් සටන් ශාස්ත්‍රයක් ප්‍රගුණ කිර තිබීම.

· ඉතිහාසය පිළිබඳ ස්ථීර විඥානය නොමැතිවීමපැරණි පොත පත අධ්‍යනය නොකිරීමසිංහල භාෂා ඥානය නොමැතිවීමපැරණි අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංග පිළිබඳ අනවබෝධය ආදි ලක්ෂණ.

· පරම්පරාවට ලැබී ඇති අවිආයුධපැරණි ලියකියවිලිපුස්කොලපොත් ආදිය සතු නොවීම.

·අන්‍යාගමික්යින්ට හා පරදේසක්කාරයින්ට (විශේෂයෙන් යුරෝපියන්ට හා ද්‍රවිඩයන්ට   හා මුස්ලිම් ජාතිකයන්ට) මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීම.

·රටජාතිය හා බෙෘද්ධාගම පිළිබඳ දැඩි බැඳීමක් නොපැවතීම හා සෘජුව සිංහල ජාතිය හා බෙෘද්ධ ආගම පිළිබඳව කතා කිරීමට බිය වීම හෝ එසේ කිරීමේ ආකල්පමය දැක්මක් නොමැතිවීම.

·හෙළ (යක්ෂදේවනාග හා සිංහ ගෝත්‍රික) දේහ ලක්ෂණ සතුවීම නොවීම. මෙය හදුනාගැනීම ඉතා අසීරු වන  නමුත් මනා පෙෘර්ෂයක් නොමැතිවීමසෘජුව කතා කිරීම නොකිරීම (දැඩි අවස්ථාවාදී වීම)මනා හික්මීමක් නොතිබීමහරක්මස් අනුභව කිරීමපන්සිල් ආරක්ෂා නොකිරීමතේජාන්විත ලීලාවක් සතු නොවීම වැනි ලක්ෂණ
සැ.යු. හම කළු හෝ සුදු වීම දේහලක්ෂණයක් නොවේ

·මෙම සටන් ශාස්ත්‍රය ක්‍රීඩාවක් ලෙස සැලකීම හා එය පාරම්පරික සම්ප්‍රදායක් ලෙස නොසැලකීම.

·පෝස්ටර්බැනර්කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා දීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් වීම.

· මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම.


·වෙනත් සාම්ප්‍රදායික (ඉන්දීයද්‍රවිඩචීන) ඇඳුම් පැලඳුම් භාවිතා කිරීම හා ඉන්දියානු හෝ වෙනත් රටවල භාවිතා වන ආයිත්තම්සංගීත භාණ්ඩආයුධ ආදිය භාවිතා කිරීම.




සැබෑ අංගම්පොර සටන් සම්ප්‍රදායන් හා ශිල්පීන් හඳුනාගන්නේ කෙසේද?


මෙම බ්ලොක්කරණයේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික නිවැරදි සටන් ශාස්ත්‍රය හදාරන හා එය දිවි හිමියෙන් අද වන තුරු පවත්වාගෙන පැමිණි සටන් ශිල්පීන් කවුරුන්දැයි හෙලි කිරීම නොමැතිනම් ඔවුන්ට ප්‍රචාරණයක් ලබා දීම නොවේ. එසේම අප මෙහිදී පැවසිය යුත්තක් වන්නේ අප පාරම්පරික ශිල්පීන්ට එය එලෙසම පවත්වාගෙන යාමට ඉඩදීම යනු ඔවුන්ගේ විශ්වාසයට අනුව ඔවුන්ව හැකිතාක් දුරට ඔවුන්ගේ රහසිගතභාවය පවත්වාගෙන යාමට උදව් කිරීම මිස ඔවුන්ව මෙම හොරුන් ගොඩට ගෙන දමා ඔවුන්ද මෙම විවෘත්ත ආර්ථිකයේ තවත් විත්තිකරුවෙකු බවට පත් කිරීම නොවේ.
එමනිසාවෙන්ම අප මෙම බ්ලොගය තුළින් සැබෑ පුද්ගලයින් පෙන්වීම හෝ ඔවුන්ම වාණිජකරණය කිරීම සිදු නොකරන්නේ යයි දිවුරා ප්‍රකාශ කරමු. මෙය ඇතැමෙක් තර්ක කළ හැක්කේ එසේ ඔවුන්ව සඟවා තැබීමෙන් මෙම ශාස්ත්‍රය තවදුරටත් හානියට පත් වනවා යයි කියා ය. නමුත් අංගම්පොර සටන් ශිල්පය යනු පාරම්පරික සිංහල බෙෘද්ධයන්ගේ රහස්‍ය භාවගත ශාස්ත්‍රයක් වන බැවින් එහි රහස්‍ය භාවය තුළ එයට ලැබෙන ආරක්ෂාව එය ප්‍රසිද්ධ කිරීමෙන් නොලැබෙන නිසාවෙනි. තවත් අතකින් ඔවුන්ගේ ඉතිහාසය හා සාම්ප්‍රධායික බැඳීම් අප මෙහිලා හෙලි කළහොත් මෙම හොරුන් හෙට දවසේ එම කරුණු පිටපත් කොට තමන්ගේ ඉතිහාසයක් නිර්මාණය කර ගන්නවාට කිසිඳු සැකයක් නැත.
නමුදු සැබෑ ශිල්පීන් හඳුනා ගැනීමේදී ඔවුන්ගේ නීතිරීති හා සම්ප්‍රධායන් පහත පරිදි සඳහන් ‍කරමු.

සැ.යු.
මෙම කරුණු අංගම්හොරුන්හට පිටපත් කර හෙට දවසේ තම වාසියට හරවා භාවිතා කිරීම උදෙසා නොවේ.
·සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ ගම්වරනම්බුනාමහා ඉතිහාස කෘතිවලින් (මහාවංශයරාජාවලිය ආදී) ඔවුන් ලබාගෙන ඇති ඓතිහාසාත්මක සාක්ෂි පැවතීම.

· සිංහල බෙෘද්ධයින්ට පමණක් මෙම ශාස්ත්‍රය වේලාපත්කඩය අනුව ඉගැන්වීම.

·පැරණි රදල කුලයකින් අද වෙන තුරු පවතින පරම්පරාවක් වීම (පහත් කුලවල පිරිස්වලට ඉතිහාසයේදී මෙම ශාස්ත්‍රය උගන්වා නැති නිසා)

·වෙනත් කිසිඳු සටන් ශාස්ත්‍රයක් ප්‍රගුණ නොකිරීම හා මෙම ශාස්ත්‍රය දිවිහිමියෙන් ආගමානුකූලව හා ශාස්ත්‍රානුකූලවනකත් ශාස්ත්‍රයට අනුව පමණක් තම ශිෂ්‍යයින්ට ඉගැන්වීම. (තම පරම්පරාවෙන් පිට ශාස්ත්‍රය දීම හෝ නොදීම අදාල නොවේ)

·ඉතිහාසය පිළිබඳ ස්ථීර විඥානයපැරණි පොත පත අධ්‍යනය කර තිබීමසිංහල භාෂා ඥානයපැරණි අධ්‍යාපන ක්‍රමයේ මූලිකාංග පිළිබඳ අවබෝධය ආදි ලක්ෂණ සතු වීම.

·පරම්පරාවට ලැබී ඇති අවිආයුධපැරණි ලියකියවිලිපුස්කොලපොත් ආදිය සතු වීම හා ඒවා ආරක්ෂා කිරීම.

·අන්‍යාගමික්යින්ට හා පරදේසක්කාරයින්ට (විශේෂයෙන් යුරෝපියන්ට හා ද්‍රවිඩයන්ට හා මුස්ලිම් ජාතිකයන්ට) මෙම ශාස්ත්‍රය ප්‍රගුණ කිරීමෙන් වැලකී සිටීම.

·රටජාතිය හා බෙෘද්ධාගම පිළිබඳ දැඩි බැඳීමක් පැවතීම හා සෘජුව සිංහල ජාතිය හා බෙෘද්ධ ආගම පිළිබඳව කතා කිරීම.

·හෙළ (යක්ෂදේවනාග හා සිංහ ගෝත්‍රික) දේහ ලක්ෂණ සතුවීම. මෙය හදුනාගැනීම ඉතා අසීරු වන  නමුත් මනා පෙෘර්ෂයසෘජුව කතා කිරීමමනා හික්මීමක් තිබීමහරක්මස් අනුභව නොකිරීම (බොහෝවිට නිර්මාංශික වීම)පන්සිල් ආරක්ෂා කිරීමතේජාන්විත ලීලාව වැනි ලක්ෂණ තිබීම.
සැ.යු. හම කළු හෝ සුදු වීම දේහලක්ෂණයක් නොවේ

·මෙම සටන් ශාස්ත්‍රය ක්‍රීඩාවක් ලෙස නොසැලකීම හා එය පාරම්පරික සම්ප්‍රදායක් ලෙස ගරු ගාම්භීරව පවත්වාගෙන ඒම.

·පෝස්ටර්බැනර්කටවුට් හා වෙනත් මාධ්‍ය මගින් ප්‍රචාරණ ලබා නොදීම හා එමඟින් පැමිණෙන ඕනෑම අයෙකුට ශාස්ත්‍රය ඉගැන්වීමට සූදානම් නොවීම.

· මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා නොකිරීම.

·සාම්ප්‍රදායික ඇඳුම් පැලඳුම් භාවිතා කිරීම හා ඉන්දියානු හෝ වෙනත් රටවල භාවිතා වන ඇඳුම් ආයිත්තම්සංගීත භාණ්ඩආයුධ ආදිය භාවිතා නොකිරීම.

සැ.යු. සාම්ප්‍රදායික ඇදුම් පැලඳුම් ආදිය පිලිබඳව අප හට කිව හැකි කරුණු අල්ප ය. එයට හේතුව ‍එම නම් පවා හෙට දවසේ පිටපත් කිරීමට සූදානම් අංගම්හොරුන් බිහිවී සිටින නිසාවෙනි.


නිල ශාස්ත්‍රය

 සම්පුර්න අංගම් සටන්කලාව ඉගෙනගැනීමට එක් පුද්ගලයෙකුට තම ජීවතකාලය මදිබව අංගම් ශිල්පීන් පවසන්නේත් මෙම ශිල්පයේ ඇති තියුණුබව නිසාමය. මෙහිදී ඉතාවැදගත් වෙන්නේ නිල ශාස්ත්‍රය පිළිබද දැනුමයි. මෙම නිල කලාව අනෙක් සටන්ක්‍රම වලදී එතරම් සාර්ථක ලෙස භාවිතවන්නේ නැත. සිංහල සටන්ක්‍රමය තුල නිලවලට පහරදෙන ක්‍රම රැසක් දැකගත හැකිය.ඒ අතර

  • නිළ අල්ලා පහරදීම.
  • එවෙලේම මරනය ගෙනදෙන නිළ පහර
  • නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
  • නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
  • ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
  • සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
  • සුව වීමට කල්ගතවන රෝග සදහා නිළපහරදිම.
  • මළ මුත්‍රා පහවිමට නිල ඇල්ලීම.


ආදී වසයෙන් සිරුරේ නිළ බලාපහරදීම අංගම් සටන්කලාවේ ඉතා වැදගත් ලක්ෂණයකි.

අංගම් සටන්කරුවකු තුල කපුටාගේ ඇසත් , මොනරාගේ කනත් , වදුරාගේ පැනිල්ලත් , කොටියාගේ ගමන්විලාසයත් , වලසාගේ බදාගැනිමත් යන සියල්ල එකවර සිදුවිය යුතුය.

අංගම් සටන්කරුවා යනු මනා හික්මීමක් , ඉවසීමක් ප්‍රගුණකරණලද අය වෙති.එය ඔහුට ලැබෙන්නේ බුදු දහම තුලින්ය . අංගම් සටන්කරුවාගේ ශක්තිය පුදුම සහගතය . ඔහු තම ශක්තිය විදහාපෑම සදහා විවිධ අභ්‍යාසවල නිරතවෙයි.

හිසෙන් පොල් පැලීම , පොල් ගෙඩිය උඩවිසි කර දෙපළුවෙන්න පා පහර ගැසීම ; ඇත් දලයක් පොලොවේ වලලා තනි අතින් ඇද ගැලවිම ; පොලු අට කැඩීම ; කුළු හරක් මෙල්ල කිරීම ; විශාල ගල් , ගස් කදන් ඈතට විසි කිරිම ; පොල් ගසට පයින් ගසා පොල් කැඩීම ; පුවක් ගෙඩිය ඇගිලි දෙකෙන් අල්ලා පොඩි කිරීම ; මිනිසුන් දහ පහලොස් දෙනා සමග තනිව සටන් කිරීම ;ඇස්, අතපය බැද‍ගෙන සටන් කිරිම ආදිය මොවුන් විසින් තම ශක්තිය විදහාපැමට සිදුකරනු ලබයි.

නමුත් සිංහලයාගේ මෙම දක්ෂතා අද දක්නට නොමැත . අංගම් සටන්කළාව පරිහානියට පත්වෙන්නේ යුරෝපීය ආක්‍රමණයත් සමගය . අවුරුදු 500 ක් පුරා සිංහලයන් සමග බටහිර ජාතිකයන් කළ සටනත් සමග සිංහල සටන් කරුවන් අභාවයට පත්වූ අතර යම් තරමින් ආරක්ෂාවී ඇත.

උපුටනයකි .......

ඡායාරූ ගමන්මග

  ඡායාරූ ගමන්මග  අද අප භාවිතා කරන අධි තාක්ෂණික කැමරාව සිය හැකියාවන් අත්පත් කර ගැනීමට එය ඉතා දිගු ‌‌ෙඑතිහාසික කඩයිම් රාශියක් පසුකර පැමිණ ඇතග ...