Followers

Thursday, December 15, 2022

ඡායාරූ ගමන්මග

 ඡායාරූ ගමන්මග

 අද අප භාවිතා කරන අධි තාක්ෂණික කැමරාව සිය හැකියාවන් අත්පත් කර ගැනීමට එය ඉතා දිගු ‌‌ෙඑතිහාසික කඩයිම් රාශියක් පසුකර පැමිණ ඇතග ඡායාරූපකරණයේ නියුතු මෙන්ම නියැලීමට බලාපොරොත්තුවන ඔබ ඡායාරූප කරණයේ ඉතිහාසය පිළිබද යම් අවබෝධයක් ලබා සිටීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයකි.

 ඡායාරූප ශිල්පය බිහිවීම සඳහා සෘජුව හා වක්‍රව හේතුපාදක වූ විද්‍යාත්මක සොයාගැනීම් හා දාර්ශනික මතවාද පිළිබඳ ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිවයන්නකිග මෙහි දී ආලෝකය හා එහි හැසිරීම් පිළිබඳ කර ඇති නිරීක්‍ෂණ හා දක්වා ඇති මත මෙහි මූළිකත්වය ගනීග එයින් දැනට ඇති වඩාත් පැරණි දාර්ශනික අදහස් ප්‍රකාශනය ලෙස සැලකෙන්නේ ක්‍රිග පූග 4 වන සියවසේ ජීවත්වූ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් විසින් නිරීක්‍ෂණය කරන ලද්දකි

මෙහි දී ඔහු විසින් කාමරයක එක් පසෙක බිත්තියේ ඇති සිදුරක් තුළින් ගමන් කරන ආලෝකය මගින් හිරුගේ ඡායාවක් අනෙක් පස බිත්තියේ සටහන් කරන බව දක්නා ලද අතරල එය තවදුරටත් විග්රහහ කර බැලීමේ දී එම සිදුරේ ප්ර මාණය අනුව සෑදෙන ඡායාවේ තියුණු බව වෙනස් වන බව ද සඳහන් කර ඇත.

එමෙන් ම ආලෝකයේ හැසිරීම පිළබඳ ප්‍රථම වරට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කර ඇත්තේ චීන ජාතික මො-ට්සු නම් පඬිවරයා වන අතරල ක්‍රයගවග 950 දී පමණ අරාබි ජාතික අල් හසන් පඬිවරයා ද මේ පිළිබඳ අදහස් දක්වා ඇතග ඔහු විසින් ආලෝකයේ පරාවර්තනය හා වර්තනය පිළිබඳව හා මිනිස් ඇසේ ක්‍රයාකාරීත්වඅය පිළිබඳව පැහැදිලි කරන ලදීග අල් හසන් පඬිවරයා තමාගේ ධචඑසජි නම් පොතේ ආලෝකය මෙන් ම මිනිස් ඇස මගින් රූප තැනීම ආදිය පිළිබඳව ඉතා දීර්ඝ විස්තර විවිධ චිත්‍ර සටහන් ද උපයෝගී කරගනිමින් දක්වා ඇත.

මින් පසුව ක්‍රග වග 13 වන සියවසේ දී ඉංග්‍රිසි ජාතික භෞතික විද්‍යාඥ රොජර් බේකන් නම්වූ පූජකවරයා ද ආලෝකය මගින් තනන පිළිබිඹු ගැන පර්යේෂණ පවත්වා ඇති අතරල අඳුරු කුටියක් තුළ ඇතිවන ඡායාව කැඩපතක් මගින් උඩු යටිකුරු කිරීමටත් ඔහුට හැකි වී තිබේ.

ඉන් අනතුරුව 15 වන සියවසේ දී ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී ලියනාඩෝ ඩාවින්චි :ඛැදබ්රාද ෘ්ඩසබජස* ද ආලෝකයේ හැසිරීම පිළිබඳව මෙන් ම මිනිස් ඇසෙහි ක්‍ියාකාරීත්වය පිළිබඳවත්ල එය පදනම් කරගනිමින් කැමරා ඔබ්ස්කියුරාවේ ක්‍රයාකාරීත්වය පිළිබඳවත් ඔහුගේ ක්‍දාැං ්එක්බඑසජමිනම් වූ සටහන්වල දක්වා ඇතග එමෙන් ම අල්පෙනෙත්ති සිදුරු කැමරාවේ :ඡසබයදකැ ක්‍්පැර්* පළමු සැලැස්ම ද ඩාවින්චි විසින් ඉදිරිපත් කරන ලද්දකි.

ඩාවින්චිගෙන් පසුව 16 වන ශත වර්ෂයේ මැද භාගයේ දී පමණ ගිරෝලමෝ කාදනෝ :ඨසරදක්පදක්‍්රා්බද* නමැත්තා පළමු වරට කැමරා ඔබ්ස්කියුරාවේ කුඩා සිදුර වෙනුවට ද්වි උත්තල කාචයක් සවි කරන ලද අතරල එමගින් ලබා දෙන ඡායාවේ තියුණු බව වැඩි විය.


ඉන් වසර කීපයකට පසුව 1569 දී විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු වන ඩැනියෙල් බාර්බරෝ  කැමරා කාචය හා කාච විවරය පිළිබඳව ඉතා වැදගත් පර්යේෂණ කීපයක් සිදුකරන ලද අතරල එහි දී කාච විවරයේ ප්‍රමාණය කුඩා කරන විට ඇතිවන ඡායාවේ ගුණාත්මකභාවය ඉහල නැංවෙන බව පෙන්වා දී ඇතග එමෙන් ම ඒ අනුව අරමුණුවල පර්යාලෝක බව වෙනස්වන ආකාරය ඔහුගේ ඛ් ඡර්එසජ් ෘැකක් ඡැරිචැඑඑසඩ් නම් පොතෙහි පැහැදිලි කර ඇත.

මින් අනතුරුව ඡායාරූප ශිල්පය කෙරෙහි වැදගත් විද්‍යාත්මක සොයා ගැනීමක් සිදු කරන ලද්දේ 18 වන සියවසේ දී ජර්මානු ජාතික රසායන විද්‍යාඥ ජොහාන් ෂුල්ස්  විසිනිග එනම් ආලෝකය මගින් රිදී ලවණ කළු පැහැ ගැන්වෙන බව ඔහු විසින් පර්යේෂණාත්මකව පෙන්වා දෙන ලදීග මින් පෙර පිළිගෙන තිබූ මතය වූයේ එය සිදුවන්නේ වාතය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් බවයි

ඉන් අනතුරුව ආලෝක සංවේදීතාව පිළිබිඹු තැනීම සඳහා යොදාගැනීම පිළිබඳ පර්යේෂණ කළ අයෙකු ලෙස බ්‍රිතාන්‍ය මැටි භාණ්ඩ නිපැයීමේ පරම්පරාවකින් පැවත එන තෝමස් වෙජ්වුඩ් හැඳින්විය හැකි යග මැටි භාණ්ඩ මත විවිධ මෝස්තර සටහන් කිරීම සඳහා ඔහුගේ පියා වූ ජොෂියා  කැමරා ඔබ්ස්කියුරාව යොදාගෙන තිබූ අතරල 1800 දී පමණ තෝමස් රිදී ලවණ ගැල්වූ කඩදාසි යොදාගෙන එවැනි රටා සටහන් කිරීමේ පර්යේෂණවල නිරත වී ඇතග ඔහුගේ මිතුරෙකු වූ රසායන විද්‍යාඥ හම්ප්රි ඩේවි  රිදී නයිට්රේට්වලට වඩා රිදී ක්ලෝරයිඩ් ආලෝකය කෙරෙහි වඩා සංවේදී බව පැවසීමෙන් පසු ඒවා යොදාගෙන ද පර්යේෂණ පවත්වා ඇතග ඔහු විසින් දුර්වල ප්රෙතිබිම්බ සටහන් කරගෙන ඇතත් ඒවා ස්ථාවර කිරීමේ ක්රතමවේදයක් නොතිබූ බැවින් ස්ථිර පිළිබිඹු සටහන් කරගැනීමට නොහැකි වී ඇතග එනම් එම පිළිබිඹු ආලෝකයට නිරාවරණය වීමෙන් පසු සම්පූර්ණයෙන් දැවී කළු වී ඇතග 1805 දී තෝමස් වෙජ්වුඩ් මිය යෑමෙන් පසු ඔහුගේ පර්යේෂණ පිළිබඳව හම්ප්රිහ ඩේවිබ්රිූතාන්යෙ රාජකීය විද්‍යා ආයතනයට වාර්තා කිරීමෙන් පසු එහි ශාස්ත්‍රීණය වාර ප්‍රකාශනයෙහි ඒ පිළිබඳ ලිපියක් පල වී ඇත.

මෙම කාල වකවානුවේ ම ප්‍රංශ ජාතික ජෝසෆ් නිසිෆෝර්  ද තමන් විසින් සකසා ගත් ආලෝක සංවේදී බිටුමන් ඔෆ් ජුඩියා නම් රසායන ද්‍රව්‍යා යොදාගනිමින් පිළිබිඹුවක් සටහන් කරගැනීමේ පර්යේෂණවල නිරත වී ඇත.

1823 දී පමණ බිටුමන් තැවරූ වීදුරු තහඩුවක් මත අශ්ව රුවක් සහිත කැටයම් සිතුවමක් තැබූ ඔහු එය පැය කිහිපයක් ඉර එළියට නිරාවරණය වීමට තබා පසුව එය ලැවෙන්ඩර් තෙල් යොදාගෙන සෝදා හරින ලදීග එහි දී ස්ථාවර පිළිබිඹුවක් සටහන් කරගැනීමට ඔහු සමත් වියග මෙම පර්යේෂණ දිගින් දිගට ම සිදු කළ ඔහු පසුව කැමරා ඔබ්ස්කියුරා සමග ද බිටුමන් තැවරූ සින්ක් සහ පිව්ටර් තහඩු යොදාගෙන පර්යේෂණ සිදු කර ඇත.

එවැනි පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස 1826 දී පැය 8 ක අනාවරණ කාලයකින් අනතුරු ව තම කාමරයෙන් එපිට දර්ශනයක් සහිත ලොව පළමු සේයාරුව නිර්මාණය කිරීමට ඔහු සමත් වියග ඔහුගේ මෙම ක්‍රයාවලිය හිරු එළියෙන් පිළිබිඹු තැනීම යන අර්ථය දෙන හීලියෝග් ලෙස නම්කර තිබුණි.

නීප්ස්ගේ සමකාලීන ප්‍රංශ ජාතික පර්යේෂකයෙකු වූ ලුවී ජාක් මැන්ඩේ ඩැගියුරේ ද ආලෝකය යොදාගනිමින් රූප ග්රෂහණය කිරීමේ පර්යේෂණවල නිරත වූවෙකිග ඔහුට මුල දී ආලෝකය මගින් රූපයක් සටහන් කරගත හැකි වුවත් එය යම් කාලයක් තුළ මැකී යෑම නවත්වාලිය නොහැකි වූ අතරල පසුව නීප්ස් සමග එක්ව තවදුරටත් පර්යේෂණවල නිරත වීමට ඔහු කටයුතු කළේ යග ඒ අනුව නීප්ස්ගේ අභාවයෙන් පසු ඔහුගේ පුත්‍රගයා සමග එකතුව එම ක්රනමය වැඩිදියුණු කරමින් අනාවරණ කාලය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගැනීමටත්ල ලැබෙන පිළිබිඹුව ස්ථාවර කරගැනීමටත් ඩැගියුරේ සමත් විය.

එම විද්‍යාත්මක පිරිසැකසුම් කිරීමේ ක්‍රමවේදය තමාගේ නමින් නම් කළ අතර එයිඩැගියුරෝ ක්‍රමය’ :ෘ්ටමැරරුදඑහචැ* ලෙස හඳුන්වන ලදීග මෙම ක්‍රමය මගින් අනාවරණ කාලය විනාඩි 4 ක් දක්වා අඩුකර ගැනුණු අතරල පසුව එය විනාඩි 1 ක් දක්වා අඩුකර ගැනීමට හැකි විය.

ඩැගියුරෝ ක්‍රමයේ දී රිදී ආලේපිත තඹ තහඩුවක් මත පිළිබිඹු සටහන් කරගනු ලබයිග එහි දී ඔහු මුලින් රිදී ඔප දමා අයඩින් ආලේප කර ආලෝකයට සංවේදී මතුපිටක් නිර්මාණය කළේ යග ඉන්පසු එම තහඩුව කැමරාවකට දමා මිනිත්තු කිහිපයක් අනාවරණය කරනු ලබන අතරල පසුව රූපය ආලෝකයෙන් පින්තාරු කිරීමෙන් පසුවල රිදී ක්ලෝරයිඩ් ද්‍රාවණයකින් තහඩුව සෝදාහරිනු ලබයිග මෙම ක්‍රියාවලිය මගින් ආලෝකයට නිරාවරණය වුවත් වෙනස් නොවනල කල්පවත්නා රූපයක් නිර්මාණය කළ අතර එය ඡායාරූපකරණයේ නව මංපෙත් විවර කරන ලදී.

මිනිස් රුවක් සහිත ලොව පළමු ඡායාරූපය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ ද ඩැගියුරේ හට වේග 1838 දී ප්‍රංශයේල පැරිස් නගරයේල බුලවාර්ඩ් වීදියේ ගන්නා ලද ඡායාරූපයක තම පාවහන් ඔපදැමීම සඳහා නොසෙල්වී ටික වේලාවක් රැඳී සිටින පුද්ගලයෙකු සටහන් වී අති අතරල මිනිසුන් හා අශ්ව රථ මෙන් ම වෙනත් චලනය වන අරමුණු මෙහි සටහන්ව නැත්තේ අනාවරණ කාලය විනාඩියක් පමණ වූ නිසාවෙනි. 

1839 ජනවාරි මස ප්‍රංශ විද්‍යා ඇකඩමියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවල 1839 අගෝස්තු 19 දින ඡායාරූප නිර්මාණය කිරීම පිළිබඳ පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස මෙමිඩැගියුරෝ ක්‍රමය’ ප්‍රසිද්ධියට පත් කරන ලදීග එම පැසුරුම් ක්‍රියාවලිය පැහැදිලි කරමින් භාෂා 6 කින් ග්‍රන්ථයක් ද එළිදක්වා ඇති අතරල එම ක්‍රමය ලොව පුරා ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වී ඇත. මේ අනුව පුද්ගල ආලේඛ්‍ය ඡායාරූපගත කිරීම වඩාත් ජනප්‍රිය වී ඇති අතරල විනාඩියක කාලයක් නොසෙල්වී සිටිය හැකි ආකාරයෙන් හිස හා ශරීරය රැඳවිය හැකි ආසන පවා නිපදවා තිබිණිග 1850 වන විට නිව්යෝර්ක් නගරයේ පමණක් ඩැගියුරෝ ක්‍රමය භාවිත කරන චිත්‍රාගාර 70 කට අධික ප්‍රමාණයක් ක්‍රියාත්මක වී ඇත.

1835 දී ටැල්බට් නව අත්හදාබැලීම් සිදුකරමින් රිදී ලවණ ද්‍රාවණයක් යොදාගෙන කඩදාසි ආලෝකයට සංවේදී කර එම කඩදාසි ආලෝකය මගින් අනාවරණය කළේ යග එහි දී පසුබිම කළු බවට පත් වූ අතරල අරමුණු අළු පැහැයේ ප්‍රභේදවලින් දක්නට ලැබුණිග මෙය සෘණ රූපයක් වූ අතරල එම කඩදාසි සෘණඵලක යොදාගෙන ස්පර්ෂ මුද්‍රණ ක්‍රමය මගින් ආලෝකය සහ සෙවනැලි නැවතත් නොපිට හරවා සවිස්තරාත්මක ධන මුද්‍රණයක් නිර්මාණය කළේ යග මෙම පිළිබිඹු සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් මේස ලුණු මගින් ස්ථාවරණය කළ හැකි බව සොයාගත් ටැල්බට් 1841 වන විට කඩදාසි සෘණඵලක ක්‍රියාවලිය නිවැරදිව ක්‍රමවත්ව සිදු කළ අතරල එයිලස්සන රූපය’ සඳහා ග්‍රීක භාෂාවෙන් පැවසෙනිකැලෝටයිප්’ :ක්‍්කදඑහචැ* ලෙස නම් කළේ යග 1844 වන විට තමාගේ චිත්‍රාගාරයක් ආරම්භ කළ ටැල්බට්ල ඔහුගේ ඡායාරූප නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය පැහැදිලි කරමින් ඡැබජසක දf භ්එමරු නමින් ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත්කර ඇතග පසුව ඔහු නූතන ඡායාරූප ශිල්පයේ පියා යන විරුදාවලියට ද හිමිකම් කියනු ලැබීය.

ඉංග්‍රීසි ජාතික මූර්ති ශිල්පියෙකු වූ ෆ්‍රෙඩ්රික් ස්කොට් ඡායාරූප ශිල්පයේ මීළඟ වැදගත් සොයාගැනීම සිදු කළ තැනැත්තා ලෙස හැඳින්වේග 1851 දී ආචර් තෙත් ඡායාරූප තහඩුව:උැඑ චක්එැ* නිර්මාණය කළ අතරල ඇලෙනසුළු කොලෝඩියන් ද්‍රාවණයක් භාවිත කරමින් ඔහු වීදුරු මතුපිට ආලෝක සංවේදී රිදී ලවණ ආලේප කළේ යග වීදුරු වීම නිසා මෙම තෙත් තහඩුව කඩදාසිවලට වඩා ස්ථාවර හා සවිස්තරාත්මක මෙන් ම ඉහළ ගුණාත්මක බවක් ඇති කළේ යග පැසුරුම් කිරීමෙන් පසු ලැබෙන වීදුරු සෘණඵලකය වියලාගත් පසු ඉතා ඝන තත්වයේ පැවතීම මගින් අවශ්‍ය මුද්‍රණ පිටපත් ලබාගැනීම වඩාත් පහසු විය.

ආලෝක සංවේදී ද්‍රව්‍ය වීදුරු තහඩු මත ආලේප කළ හැකි විමෙන් ඡායාරූපකරණය සැලකිය යුතු ලෙස දියුණු වියග කෙසේ වෙතත්ල රසායනික අඳුන වියළීමට පෙර තෙත් තහඩු ඉක්මනින් අනාවරණය කර විකාශනය කළ යුතු වියග මේ සඳහා අඳුරුකුටියක් අවශ්‍ය වූ අතරල විශේෂයෙන් ක්ෂේත්‍රය තුළ ඡායාරූප ගැනීමේ දී ජංගම අඳුරුකුටියක් රැගෙන යෑමේ අවශ්‍යතාවක් මතු වියග නමුත් ලැබුණු පිළිබිඹු වඩාත් පැහැදිලි තත්වයේ පැවතීම හේතුවෙන් මෙම ක්‍රමය ඡායාරූප ශිල්පීන් අතර බෙහෙවින් ජනප්‍රිය වියග ක්‍රිමියන් යුද්ධය හා ඇමරිකානු සිවිල් යුද්ධය වාර්තා කිරීම සඳහා මෙම තෙත් තහඩු භාවිත කර ඇති අතරල ජුලියා මාග්‍රට් කැමරන් වැනි නිර්මාණාත්මක ආලේඛ්‍ය ඡායාරූපකරණයේ නියැලී සිටි ශිල්පීන් හා ශිල්පීණීන් ද මෙම තෙත් තහඩු ක්‍රමය මගින් උසස් නිර්මාණ බිහිකර ඇත.

තෙත් තහඩු ක්‍රමයට විකල්පයක් ලෙස වියලි තහඩු ක්‍රමයක් හඳුන්වාදීමට ඉංග්‍රීසි ජාතික වෛද්‍යවරයෙකු වූ රිචඩ් ලීච් මැඩොක්ස්  1871 දී සමත් වියග ජෙලටින්වල දියකරගත් කැඩ්මියම් බ්‍රෝමයිඩ් සහ රිදී නයිට්රේට් වීදුරු මත ආලේප කිරීමෙන් සෘණඵලක දල එම මිශ්‍රණය ම ඝන කඩදාසි මත ආලේප කිරීමෙන් මුද්‍රණ ද ලබාගත හැකි වීම මෙම ක්‍රමයේ වාසියක් වියග මුල දී අනාවරණ කාලය මඳක් වැඩි වුවත්ල පසුව තත්පරයෙන් කොටසක් වැනි ඉතා සුළු කාලයක දී නිවැරදිව අනාවරණය කිරීමේ හැකියාවක් ලැබීමත් සමග මෙම ක්‍රමය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරී ගියේ යග වීදුරු පටල තහඩු අවශ්‍ය ප්‍රමාණයක් ගබඩා කර තබාගැනීමට හැකි වීමත්ල පසුව වෙනත් ශිල්පීන් ලවා පැසුරුම් කිරීමේ හැකියාවත් මේ සඳහා බොහෝ සෙයින් බලපෑවේ යග එමෙන් ම ලොව පුරා මෙම වියලි තහඩු නිපදවීමේ කර්මාන්ත ශාලා ද බිහි වූ අතරල පසුව කොඩැක් කැමරා සහ පටල රෝල් නිර්මාණයේ යෙදුණු ජෝර්ජ් ඊස්ට්මන් ද මුලින් වියලි තහඩු නිපදවීමේ කර්මාන්තයේ නියැලී ඇතග මෙම ක්‍රමය ජනප්‍රිය වීමත් සමග විවිධ ප්‍රමාණයේ පටල තහඩු මෙන් ම කුඩා ප්‍රමාණයේ අතේ ගෙන යාහැකි කැමරා මාදිලි ද නිපදවීම ආරම්භ වී ඇත.


Tuesday, December 13, 2022

එක ‘මීනා’ ද?

 

එක ‘මීනා’  ද?

       සාහිත්‍ය මාසය වෙනුවෙන් තවත් සාහිත්‍යයට අදාළ කරුණක් ගැන පවසන්නයි, මේ සැරසෙන්නේ. සිංහල සාහිත්‍යයේ ප්‍රථම නවකතාව කුමක් ද? සයිමන් ද සිල්වාගේ ‘මීනා’ ද? ඇල්බට් ද සිල්වාගේ ‘විමලා ද? ඇල්. අයිසෙක් ද සිල්වාගේ ‘පවුල් දෙක’ ද? පියදාස සිරිසේනගේ ‘ජයතිස්ස සහ රොසලින්’ ද? 

සිංහල නවකතාවේ පුරෝගාමීන් තොම්සන් ඒ වැන්දබෝනා ලියූ කෘතිය


නවකතාව යන වචනයට ඉංග්‍රීසියෙන් යොදන novel යන වදන බිඳී ආවේ ඉතාලි බසෙහි එන novella යන වදනෙහි අග අකුරු දෙක හැළීමෙනි. එහි අරුත ‘නව’ හෙවත් ‘අලුත්’ යන්නය. ඒ යුගයේ ජනයා අතර භාවිත වූයේ ජන කතා ය. නැත්නම් ජාතක කතා ය. ජනප්‍රවාදයේ එන කටින් කට යන කතා වෙනුවට කිසිම් අයෙකු විසින් අලුතින් ම නිර්මාණය කරන ලද කතා සඳහා අවශ්‍ය වෙනස, මේ ‘නව’ යන වදනෙන් හැඳින්විණ. එහෙත් අපේ රටේ ලේඛකයන් ඒ මුල් කාලයේ දී අලුතින් සිතා ලියන ඒ කතා හැඳින්වූයේ ‘අමුතු කතා’, ‘සමය කතා’, ‘කතා වස්තු’ නැත්නම් ‘රස කතා’ කියාය. නවකතා යන ඉංග්‍රීසි වදන අනුව සන්නාමයක් යොදා අලෙ‍‍වියට ආවත් ඒවා සත්‍ය වශයෙන් ම ඒ නාමයෙන් හැඳින්විය හැකිද යන්න ඒ කාලයේ පවා විචාරකයන්ට ප්‍රශ්නයක්ව තිබුණේය. 

19 සිවයවසේ මුල්භාගයේ දී ලියවුණු නවකතා බොහෝ ආගමික ප්‍රචාරය හා සමාජ ශෝධනය අරමුණු කර ගෙන ලියූ ඒවා විය. ඒ යුගයේ ජනප්‍රිය නවකතාකරුවකු ලෙසට නමක් දිනා ගෙන සිටි පියදාස සිරිසේන ගැන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඔහුගේ ‘සිංහල නවකතා ඉතිහාසය හා විචාරය’ යන කෘතියෙහි මෙසේ දක්වා තිබේ. ‘නවකතා වශයෙන් සිරිසේන මහතාගේ රචනාවල අගයක් නැත. ඔහු කලාකරුවකු නොව සමාජ සංස්කාරකයෙක් ය’ එතුමාගේ මේ අදහසට එවකට ලංකා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා මහාචාර්යවරයා වූ ඊ. එෆ්. සී. ලුඩොවයික් එකඟ නොවූ අතර ඔහු දක්වා තිබුණේ එකල පැවති සමාජ, ආර්ථික, දේශපාලන තත්වයන් සැලකිල්ලට නොගෙන එම කෘති විචාරයට ලක් කිරීම වැරදි සහගත බව ය. 

ඉංග්‍රීසියෙන් පළ වූ ප්‍රථම නවකතාව ලෙස සැලකෙන්නේ 1719 දී ග්‍රන්ථද්වාරයෙන් නිකුත් වූ ‘රොබින්සන් කෲසෝ ය. එහි කතුවරයා ඩැනියෙල් ඩිෆෝ ය. සිංහලෙන් නවකතාවක් පළ වූයේ අවුරුදු 200කට පසුවය. 1943 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් ඉංග්‍රීසියෙන් පළ කරන ලද Modern Sinhalese Fiction කෘතියෙන් ද ‘මීනා’ ප්‍රථම සිංහල නවකතාව බව තහවුරු කර තිබේ. ඒ වාගේම මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ද එතුමාගේ ‘සිංහල සාහිත්‍ය වංශය’ කෘතියේද ‘මීනා’ ගැන ඒ ආකාරයේ සඳහනක් ඇත. මහාචාර්ය ආරිය රාජකරුණා ද ඒ මුල් යුගයේ ප්‍රබන්ධ අතර ‘මීනා’ ප්‍රථම නවකතාව ලෙස සැලකිය හැකි සාධනීය ලක්ෂණවලින් සමන්විත බව පෙන්වා දී ඇත. 
මීනා නව මුද්‍රණයක කවරය


අලුත්ගමගේ සයිමන් ද සිල්වා ‘මීනා’ නවකතාව ලියා පළ කෙළේ 1905දී ය. ඩිමයි අටෙන් එක ප්‍රමාණයෙන්, පිටු 124කින්, ඩිමයි කඩදාසියේ මුද්‍රණය කළ ඒ පොත මිල කළ තිබුණේ ශත 50කට ය. ශ්‍රී ලංකෝදය මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද එහි ප්‍රකාශක ලෙස දැක්වුණේ ඒ.ඒ.අයි. ද සිල්වා ය. 

1905 ජූලි 18 වැනිදා ‘මීනා’ ගැන විචාරයක් ‘ටයිම්ස් ඔෆ් සිලෝන්’ පුවත්පතේ පළ කරනු ලැබීය. එය එහිදී හඳුන්වා දී තිබුණේ ද The first Sinhalese Novel යනුවෙනි. 1905 ජූලි 18 වැනිදා ‘සරසවි සඳරැස’ පුවත්‍පතේ ද මීනා ගැන විචාරයක් පළ වී තිබේ. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල නවකතාව ලෙස සැලකෙන ‘මීනා’ කෘතියෙහි කතාව කෙටියෙන් මෙසේය. හමුදාවේ සේවය කළ අබ්දුල් නමැති මැලේ ජාතික තරුණයා විවාහ වූයේ ලෙන්චිනා නම් කාන්තාවක සමගයි. ඔවුන් ලද දියණිය මීනායි. මීනා රූමත් තරුණියක බවට පත් වූ පසු මේ යුවළ ඇයත් කැටුව ගම්පොළ පදිංචියට යන අතර එහිදී ඔවුන් දිවි සරි කර ගත්තේ හොර සූදු පිටියක් පවත්වා ගෙන යමිනි. එහි සූදු ක්‍රීඩාවේ යෙදෙන්නට එන අයට සංග්‍රහ කරන්නට සිදු වන්නේ තරුණ මීනාට ය. ඇය ඒ කාරිය ඉටු කරන්නේ තම ආරක්ෂාව සඳහා මැහැලියක ලෙස වෙස්වලා ගෙනයි. දිනක් සූදු පිටියේ දී මහා කෝලාහලයක් හට ගනියි. ඒ අතර එක තරුණයෙක් මීනා ඔසවාගෙන කැළෑ වදියි. තවත් තරුණයෙක් ඒ පසුපස යයි. මුල් තරුණයා ඔහුට ඉඩ දී මීනා අත්හැර යයි. පසුව ඩැනී නැමැත්තාගේ පෙම්වතිය බවට පත් වන මීනා ඔහුගෙන් ද වෙන් වී පවුලිස් නැමැත්තකු හා විවාහ වෙයි. මෙහි කතාව ගෙතී ඇත්තේ මීනා, ඩැනී හා පවුලිස් යන තිදෙනාගේ ත්‍රිකෝණාකාර ප්‍රේම සම්බන්ධතාව මත ය. 
2000 දී සයිමන් ද සිල්වා වෙනුවෙන් නිකුත් කළ මුද්දරය

‘මීනා’ කෘතියෙන් වසරකට පසු, එනම් 1906 දී, පියදාස සිරිසේනගේ ප්‍රථම නවකතාව වූ ‘ජයතිස්ස සහ රොස්ලින්’ පොතක් වශයෙන් නිකුත් වුවද එය මුලින් ම කොටස් වශයෙන් පළ වී ඇත්තේ ඔහු කර්තෘ පදවිය දැරූ ‘සිංහල ජාතිය’ පුවත්පතෙහි ය. ඒ 1904 සිට ය. සයිමන් සිල්වාගේ දෙවන නවකතාව වූ ‘තෙරේසා’ පළමු වූයේ 1906 දී ය. 

සිංහල ප්‍රබන්ධ කතා සාහිත්‍යයට පදනම වැටුණේ 1866 දී ‘රුවන්මල්දම’ සඟරාවට ඇල්. අයිසෙක් ද සිල්වා ලියූ ‘වාසනාවන්ත පවුල සහ කාලකණ්ණි පවුල’ යනුවෙන් කොටස් වශයෙන් ලියන ලද නවකතාවෙනි. එය පසුව ‘පවුල් දෙක’ නමින් පොතක් වශයෙන් පළ විය. ඉන්පසු බෙන්තර ඇල්බට් සිල්වා ද අමුතු කතා හෙවත් ගද්‍ය ආඛ්‍යාන පොත් හතරක් ප්‍රසිද්ධ කර ඇත. ඒ කතා ඔහු සිංහලෙන් අමුතු කතා කියා හඳුන්වන ගමන් ඉංග්‍රීසියෙන් හඳුන්වා ඇත්තේ ‘Novel’ කියා ය. ඒත් ඒවා සත්‍ය වශයෙන් ම නවකතා කියා හැඳින්විය නොහැකි ය යනු විචාරකයන්ගේ අදහස ය. මෙයින් පසුව 1905 දී අලුත්ගමගේ සයිමන් ද සිල්වාගේ ‘මීනා’ පළ වූයේ ද ඇල්බට් සිල්වා මෙන් Meena – A Novel by A. Simon de Siva යන ඉංග්‍රීසියෙන් යෙදූ වගන්තියක් සමග ය. මීනාට පෙර මුලින් ම ඇල්බට් සිල්වාත් කන්නන්ගර නම් දේවගැතිවරයාත් ‘Novel’ කියා හඳුන්වමින් කතා ඉදිරිපත් කළ ද නවකතාවක හැඩතල වඩාත් හොඳින් ප්‍රකට වූයේ ‘මීනා’ කෘතියෙනැයි යන්න සාහිත්‍යය පිළිබඳ විශේෂඥ විචාරකයන්ගේ මතය වේ. 

අලුත්ගමගේ සයිමන් ද සිල්වා උපන්නේ 1874 නොවැම්බර් 14 වැනිදායි. ඔහු මාතර සාන්ත තෝමස් විදුහලේ අ‍ාදි ශිෂ්‍යයෙකි. එකල පැවති ක්‍රමයට අනුව ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබූ ඔහු පසුව පිරිවෙන් ඇසුරෙන් සිංහල, පාලි ඉගෙන ගත්තේය. 1895 දී ඔහු ලිපිකරුවකු වශයෙන් රජයේ සේවයට බැඳුණේ ය. ඒ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට ය. රජයේ සේවය හොඳින් ඉටු කළ ඔහු උසස් වීම් ලබා විවිධ තනතුරු දැරූ හෙබවූවා පමණක් නොව භාණ්ඩාගාරයේ වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදලේ ලේකම් තනතුරේ ද වැඩ කිරීමට සමත් විය. 

සයිමන් ද සිල්වා ගැන ඔහු ලියූ නවකතා ඇතුළු නිර්මාණ කීපය ගැන හැරෙන්ට වෙනත් විස්තර අපුකට ය. කළුතර වස්කඩුවේ සේරසිංහ මහත්මිය හා විවාහ වූ ඔහුට දියණියන් දෙදෙනෙකු හා පුතුන් දෙදෙනෙකු සිටි බව සඳහන්ය. බොරැල්ලේ කොටා පාරේ ෆෙයාර්ෆීල්ඩ් උද්‍යානයේ ‘මීනා කොටේජ්’ හී පදිංචිව සිටි ඔහු වයස අවුරුදු 48ක්ව සිටියදී 1922 සැප්තැම්බර් 23 වැනිදා හෘදයාබාධයකින් මියගිය බව ඔහු පිළිබඳ ගවේෂණයක යෙදුනු අමල් යශෝමන් ජයසිංහ නම් ලේඛකයා ලියූ ලිපියක දත්වා තිබේ. ඒ අනුව ඔහු මිය ගොස් අදට හරියට ම අවුරුදු 98කි. 

Monday, November 28, 2022

කළු දිය පොකුණ

 කළු දිය පොකුණ





අද අපි කතා කරන්න යන්නේ මිහින්තලේ යන බොහෝ දෙනෙකුට බලන්න යන්න ඕනෙම සුවිශේෂි පොකුණක් ගැන කියන්න.

ඒ නමින් කළු දිය පොකුණයි. මිහින්තලා පුජා භුමියේ පිහිටා ඇති පොකුණු අතර කළු දිය පොකුණට හිමිවන්නේ සුවිශේෂීත්වයකි. පොකුණෙහි ඇති ජලය කළු පාටට පෙනෙන නිසා තමා එයට කළු දිය පොකුණ යන නම ලැබිලා තියෙන්නේ.

කඳු වලින් වටවී වන අරණක් මැද පිහිටීම මෙන්ම අඩි 60, 70 පමණ ගැඹුරකින් පිහිටීම මෙහි පතුල කළු ගල් තලාවක් වීම වැනි කාරණා නිසා මේ පොකුණෙහි දිය කළු පාට වෙලා තියෙනවා. මෙහි පතුලේ ජල කර්ණිකා පිහිටා ඇති බව සඳහන්

දැනට මඩෙන් වැසී තිබුණ ද අතීතයේ අලංකාර පොකුණකි… ඉතිහාස කතා පිරික්සීමේ දී එක්තරා පොහෝ දිනක කළු බුද්ධරක්ඛිත හිමියන් කළු දිය පොකුණු සමීපයෙහි ඇති තිඹිරිය ගසක් යටට වී කාල කර්ම සුත්‍රය දේශනා කල බවට විශ්වාස කෙරෙනවා. මිස්සක පව්ව අභියස නිහඬ වන අරණක පිහිටි කළු දිය පොකුණ මිහින්තලයෙ යන බැතිමතුන්ට සමහර විට අමතක වනවා ඇති.

කළු දිය පොකුණ කේතුවක් අනෙක් අතට හැරවූවාසේ පිහිටීමකින් සමන්විත වන බවද කියවෙනවා.. කළුදිය පොකුණ ආරාම සංකීර්ණය හතරවන කාශ්‍යප රජතුමා(ක්‍රි.ව 898-916) විසින් ධම්මරුචික නිකායික භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිකරන ලද”හදසුණ්හ” විහාරය විය හැකි බව අනුමාන කරයි.

මෙහි යන ඔබ ශබ්ද කරන්නේ නැතුව අවට සුන්දරත්වය නරඹන්න. පොකුණ දෙසට ගමන් කිරීමේදී ඔයාලට මුලින්ම හමු වන්නේ දේවානම්පියතිස්ස රජු විසින් රහතන් වහන්සේලා සඳහා පිළිසකර කර ඇති ශූන්‍යාගාරයි. ස්වභාවික පරිසරයට අනුව නිම කරන ලද මේ පොකුණ මධ්‍යයේ සීමා මාලකය දැක ගන්න පුලුවන්.

පොකුණට දකුණු දෙසින් කාලබුද්ධරක්ඛිත හිමියන් බණ දෙසූ කලුගල් අසුන ද ජන්ඨාගරයද පොත් ගුලද ඔබට හමුවෙනවා… මිහින්තලා පුද බිමටම ඇති එකම ජන්ඨාඝරය මෙය වීම විශේෂත්වයක්.

කලුදිය පොකුණ පත්ලේ රාවණ රජු සෑදූ සිර කුටි තිබුණා ද?

මිහින්තලය කලුදිය පොකුණ ගැන සදහන් වන ඇතැම් ජනප්‍රවාද කරුණු අතර කියැවෙන්නේ මෙහි ගැඹුර අඩි එකසිය හැත්තෑවක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් වන බවය.ඇතැම් තොරතුරු අතර සදහන් වන්නේ මෙහි පතුල කේතුවක කනපිට ගැසූ හැඩයක් ඇති බවය. නමුත් මෙතෙක් කාලයකට මෙහි කිමිදී ගැඹුර මැන බැලූ කිසිවකු ගැන නම් සදහනක් නොමැත. තවත් කියැවෙන දෙයක් නම් ලංකාව තුල පවතින වායැයි සදහන් බල කේණ්ද්‍ර අතරින් මෙයද එක් බලකේණ්ද්‍රයක් බවය.

අතීතයේ රාවණා මහ රජුන් සක්වලත් සමග සම්බන්ධ වීමට මෙම ස්ථානය යොදාගත් බවත් බොහෝ ප්‍රවාද අතර සදහන් කරුණකි.

බොහෝ අවස්ථාවල රාවණයන් වෙනත් සක්වල හා සිදුකල යුද්ධ වලදී පැරදුනු සේනාවන් අතරින් ජීවග්‍රහයෙන් අල්වා ගත් සතුරන් මෙහි ගෙනැවිත් මෙම කලුදිය පොකුණ පතුලේ ස්ථාපිත කර තිබූ සිර කුටි වල ඔවුන් රදවා තැබූ බවටත් තවත් ඇතැම් කතාවල සදහන් වනවා. මේවා තාර්කිකව හෝ මොනයම් ආකාරයෙන් ඔප්පුකල නොහැකි හෝ පිලිගත හෝ නැති ප්‍රවණතාවයක් ඇතත් අදද ජීවත් වන වැඩිමහලු ගැමියන් මේ හා සමාන මත පල කරයි. එමෙන්ම මෙම පොකුණ සිව්කොන පතුලේ විශාල රන් ඇතුන් සතර දෙනෙකුගේ පිළිම රදවා ඇති බවටත් ගැමි ප්‍රවාද අතර සදහන් වනවා.

ඒ හා සම්බන්ධ වන අනෙක් මතය නම් මෙම පොකුණ පතුලෙ ඇති උමගක් මාතලේ දක්වා සම්බන්ධව තිබූ බවයි ඒ සම්බන්ධ අනෙක් මාතලේ අනෙක් කෙලවර ස්ථානයේද සක්වල දොරටුවක් පිහිටා ඇතිබව කියැවේ. එසේම කලුදිය පොකුණ නරඹන ඕනෑම කෙනෙකුට දැකගත හැකි දෙයක් නම් පොකුණ වටේට පිහිටුවා ඇති ආසන මේවා භාවනායෝගී වැඩවසන ස්වාමීන්වහන්සේලා සදහා සකසා ඇත එයිනුත් එක් තැනක පිහිටුවා ඇති එක් ආසනයක් කාළබුද්ධ රක්ඛිත තෙරුණ් වහන්සේ භාවනා යෝගීව සිටීමට යොදාගත් බවත් එහිදී උන්වහන්සේත් මෙම ස්ථානයේදී සිට සක්වලයන් හා සම්බන්ධ වී ඇති බවත් ප්‍රවාද අතර සදහන්. උන්වහන්සේ එකල රාජගිරි ලෙනේ වැඩවසන අතර භාවනා කටයුතු සදහා මෙහි පැමිණි බව සදහන්. තවත් සදහන් කරුණක් වන්නේ අදද මෙකී ඉහත සදහන් කල ආසනය කිසිවකුට වාඩිවී භාවනායෝගීව සිටින්නට ඉඩ ලබා නොදෙන ඇතැම් බලවේගයක් මෙහි පවතින බවයි.එමෙන්ම මෙම භූමිභාගයට අයත් කොටසක් වන” සක්මන ” කොටසේත් නොයෙකුත් ප්‍රශ්ණාර්ථ ගත සිදුවීම් කලකට පෙර සිදුව ඇති බවට ඇතම් තොරතුරු පල වනවා.

මෙහි ඇති ඇතම් ස්ථාන අසල චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීම් පවා ඇති කරවන බව සදහන් අද වනවිටත් විදෙස් පරීක්ෂකයන් මේ අවට කැලෑ ප්‍රදේශ තුල යම් යම් පර්යේෂණ කටයුතු වල නියැලෙන බව සදහන් වනවා. බොහෝ විට ලංකා බිමේ සක්වල දොරටු හා කතා කරන විට නිතැතින්ම සදහන් වන සීගිරිය හා රන්මසු උයන යන නම් අතරට මෙම කලුදිය පොකුණ ස්ථානයද සදහන් කිරීමට පුලුවන්. විද්‍යාවෙන් ඔප්පු කල නොහැකි බොහෝ නොවිසදුනු අභිරහස් අතර හෙළ ඉතිහාසයේ සිට අද වනතුරුත් රහස් ගිලගෙන නිසලව බලා සිටින තවත් මේ බිමේ බලකේණ්ද්‍රයක් වන කලුදිය පොකුණ හෙටත් ඒ රහස් ගිල ගෙන නිසොල්මනේ සිටින බවට සැකයක් නැත.

සටහන - පුරාණ හෙළ වංශය

ඇත්තටම බැලුවොත් අද අප සමරන්නේ නටබුන්ව ගිය ඒ අතිතය ක්.. නමුත් අපේ වර්තමාන පරපුර මේ ප්‍රෟඩ අතීතය පිළිබඳව ලොකු වැටහීමක් නෑ.

මේ තැන් අපේ උරුමයන්.. මේවා විනාශ නොකරන්න වගබලා ගන්න කියලා අපි ඔයාලගෙන් ඉල්ලනවා. අතීතයේ මහ රහතුන් ඔබ මොබ ඇවිද ගිය බන භාවනා කල මෙම බිමේ අදටද අතීතයේ බොහෝ රහස් සගවා ගනිමින් කළු දිය පොකුන නිසලව බලාසිටී...

මිහින්තලේ බටහිර බෑවුම් පාමුල පිහිටා ඇති එය පොකුණු අතරින් විශාලතම පොකුණ වේ. බොහෝ විද්වතුන් විශ්වාස කරන්නේ කළුදිය පොකුණ යනු IV වන මහින්දගේ පුවරු වල සඳහන් පැරණි පොරෝදිනි පොකුණ විය හැකි බවයි. කළු දිය පොකුණ, වචනාර්ථයෙන් පරිවර්තනය කර ඇත්තේ කළු ජල තටාකය යන්නයි. අසල්වැසි වනාන්තරවල සහ කඳුකරයේ ගස්වල සහ ගල්පරවල අශෝභන ප්රතිබිම්බවලට ගෞරවයෙන් මෙම නම පරිණාමය වූ බවත්, දවසේ බොහෝ අවස්ථාවලදී එහි විස්තරයට සත්ය වන බවත් පැවසේ. පොකුණ වටා ඇති හොඳින් සැලසුම් කර ඇති ගොඩනැගිලි සංකීර්ණය, සමහර ගොඩනැගිලි හරහා දිවෙන කෘතිම දිය අගල් සහිත දියුණු හයිඩ්‍රොලික් ශිෂ්ටාචාරයකට සාක්ෂි දරයි. නාන නිවාස, ගොඩනැගිලි තුළ වැසිකිළි. පොකුණ වටා ස්තූපයක්, උපෝසථඝරයක් හෝ පොහොය ගෙයක්, භික්ෂූන් වහන්සේලාගේ හැසිරීමට හෝ හැසිරීමට අදාළ යම් යම් පුද පූජා පැවැත්වීම සඳහා නියමිත කාල පරාසයන් තුළ රැස් වූ ගොඩනැඟිල්ල, චංකාමන පථය, සක්මන් කිරීම සඳහා සක්මන් මළුව, පරිවෙන සහ පාදඩ, නේවාසික ආරාමයක නටබුන් ඇත. සෛල ජන්තා ඝර, නාන කාමරය සහ වච්ච කුට්ටි වැසිකිළිය.

ඒ ආසන්නයේ මඳ අවපාතයක තිබී හමු වූ ලෙන් වාසස්ථානයක් කැපී පෙනේ. විශාල ගල් පර්වතයක් යට ඉතා සුවපහසු ලෙස සිරවී ඇති අතර, සාමාන්‍ය ගඩොල් සහ බදම වෙනුවට සිනිඳු ග්‍රැනයිට් ස්ලැබ් සහ ගඩොල් එකට මිශ්‍ර කර සංවෘත බිත්ති සාදයි. සමහර විද්වතුන් විශ්වාස කරන්නේ මෙය ඇති නාන පොකුණකට සම්බන්ධ නාන නිවසක් වන අතර එය දැන් රොන්මඩ දමා ඇති බවයි.

මිහින්තලේ කළුදිය පොකුණ (කළු දිය තටාකය) නටබුන්





Monday, November 21, 2022

සුපිරි පාපන්දු තරුව

 

  ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ



ලොවක් වසඟයට පත්කළ පාපන්දු ක්‍රීඩකයා ඔහුම වෙයි. ඔහු පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය. පෘතුගීසි ජාතික මේ ක්‍රීඩකයා හට මුළු ලෝකයම වගේ ආදරය කරන්නේ ඔහු පාපන්දු පිටියේදී අසාහය දක්‍ෂතා පෙන්වන දක්‍ෂයකු නිසාම නොවේය. ඔහුගේ ඇවතුම් – පැවතුම් සහ හැසිරීම් රටාව ඇතුළු රොනාල්ඩෝගේ ජීවිතය වෙතින් ගත හැකි හොඳ දේ බොහෝ නිසාය. ලෝ ප්‍රකට ෆෝබ්ස් සඟරාව ඇතුළු වාණිජමය පුවත් පළකරන අනෙකුත් සඟරා සඳහන් කරන පරිදි ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා වන්නේ මේ කඩවසම් රොනාල්ඩෝය.

2021 වසරේ ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු මෙලෙසින් මුල්තැනට පැමිණ සිටින්නේ, පාපන්දු ක්‍රීඩකයකු ලෙස හරි හම්බ කරන මහා ධනස්කන්ධය නිසා නොවේ. ලෝක පාපන්දු පිටියේදී- පාපන්දු ක්‍රීඩාව වෙතින් ධනය උපයන ක්‍රීඩක ලැයිස්තුවේ තවමත් ඔහු සිටින්නේ, ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීට පසු පසිනි. එසේ වූවද ලොව ධනවත්ම ක්‍රීඩකයා ලෙස මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පසුකර යාමට ලයනල් මෙසීට තියා අනෙකුත් සුපිරි තරුවලට නොහැකි වී තිබේ. එසේ නම්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක පාපන්දු තරුව, ලෝකයේ ධනවත්ම චරිතයක් වූයේ කෙසේද? ඉරිදා ලංකාදීපය ගෙන එන ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙනුවෙන් අද අප විස්තර කරන්නේ, මෙම අසාහාය ක්‍රීඩකයාගේ ව්‍යාපාර ගැනය.

මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලොව ධනවත්ම පාපන්දු ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ, පාපන්දු පිටියෙන් හම්බ කරන මහා ධනස්කන්ධයට වඩා වූ ධනයක්, වෙළෙඳ දැන්වීම් වලට පෙනී සිටිමින්, සහ ඔහු සතු ව්‍යාපාර මගින් උපයන නිසාය. ඒ අතරින් සමහර ව්‍යාපාර ඔහුගේ තනි අයිතියට අයත් ඒවාය. තවත් ව්‍යාපාර හවුල් ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන ඒවාය. එසේ නම් ඒ ව්‍යාපාර මොනවාද? ඒ ගැන දැන ගැනීමට පෙර අපි මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන විස්තර දැන ගනිමු.




ඔබට මතකද පසුගියදා ඔහු පෙනී සිටි රූපවාහිනී වැඩසටහනකදී ලෝ ප්‍රකට ‘කොකාකෝලා’ නාමය ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා, කොකා කෝලා සමාගමට සිදුවූ පාඩුව කොකාකෝලා බීම හොඳ නැතැයි ඔහු පැවසූ නිසා මිලියන ගණනක ජනතාවක් රොනාල්ඩෝ අනුගමනය කරමින් කොකා කෝලා බීම අත්හැරීම හේතුවෙන් කෝලා සමාගමට එලෙසින් මිලියන ගණනක පාඩුවක් සිදුවිණැයි පුවත් පළවිණි. මේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝකයේ කෙතරම් නම් ජනප්‍රිය තරුවක්ද යන්න මැන ගැනීමට ඒ හොඳටෝම ප්‍රමාණවත්ය. ඕනෑ නම් කොකා කෝලා වෙ​ෙළඳ ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඔහුට ඩොලර් මිලියන ගණනක ගිවිසුමකට එක්වීමට ඉඩ තිබිණි. එහෙත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩො හෙවත් ‘සීආර්7’ (CR-7) යනු ප්‍රතිපත්ති මත කටයුතු කරන සුපිරි තරුවකි. වතාවක අපි ඉරිදා ලංකාදීපයෙහි ඔහුගේ ජීවිතය ගැන සටහනක් පළ කළෙමු. අද ඉන් එහාට ගිය රොනාල්ඩෝ හෙවත් ‘CR-7’ ගේ ව්‍යවසායක ජීවිතය මොනවගේද කියා බලමු.

‘සී-ආර්’ ගේ සම්පූර්ණ නම වන්නේ, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඩස් සැන්ටෝස් ඇවෙයිරෝය. 1985 පෙබරවාරි 5 වැනිදා පෘතුගාලයේ දූපතක් වන මැඩෙයිරාහි ෆන්චාල් යනු මේ සුපිරි තරුව උපන් ස්ථානය වේ. හරියටම කිවහොත් සාවෝවේද්රෝ යනු ඔහු උපන් ස්ථානයට කියන නාමයයි. ජෝස් ඩිනීස් ඇවෙයිරෝ ක්‍රිස්ටියානෝගේ පියාය. මරියා ඩොලර්ස් ඩස් සැන්ටොස් ඔහුගේ මවය. ක්‍රිස්ටියානෝගේ පවුල එකල වත්පොහොසත්කම් තිබූ පවුලක් නොවීය. තාත්තා කටයුතු කළේ නගර සභාවේ උද්‍යානකරුවකු සහ පාපන්දු පිටියේ ආම්පන්න භාරව කටයුතු කළ පුද්ගලයකු ලෙසය. මව ඉවුම්- පිහුම් කටයුතු වලට දක්‍ෂ වූවාය. වැඩිමහල් පුතු සහ දියණියන් දෙදෙනකු ක්‍රිස්ටියානෝට පෙර පවුලට එක්ව සිටි අතර ක්‍රිස්ටියානෝ, පවුලට එක්වූයේ හතරවැනි හෙවත් පවුලේ බඩපිස්සා ලෙසය. එලෙසින් ඉපදීම එකතකට අරුමයකි. ඊට හේතුව නම් ක්‍රිස්ටියානෝගේ පවුල එකල දිවි ගෙවුවේ දැඩි ආර්ථික අපහසුතා මැද්දේය. ඒ මදිවාට ලැබූ සොච්චම ඔහුගේ පියා වියදම් කළේ බීමටය. බේබදුකමින් ඉහවහා ගිය සැමියාගෙන් තවත් දරුවකු පිළිසිඳ ගෙන ඇති බැව් දැනගත් මරියා දරුගැබ නැති කර ගන්නට උත්සාහ කළේ, දරිද්‍රතාවයෙන් පෙළීම නිසාමය. එහෙත් මේ දරුවා ලෝකයට අයිති නිසා ස්වභාවධර්මය එය වළක්වා ඇතැයි අපට විශ්වාස කළ හැකිය. පුංචි රොනාල්ඩෝ හට තාත්තා රොනාල්ඩෝ යන නම තැබුවේ එවකට ඇමෙරිකානු ජනාධිපතිවරයකුව සිටි ​රොනල්ඩ් රේගන් කෙරෙහි දැක්වූ ආසාව නිසාය.

එනම් රොනාල්ඩොගේ පියා, නළුවකුව සිටි රොනල්ඩ් රේගන්ගේ ප්‍රියතම රසිකයකු විය. රොනාල්ඩෝ යනුවෙන් නම් තැබීමට හේතුව ලෙස සඳහන් වන්නේ, ඒ හේතුවය. දරිද්‍රතාවයෙන් පෙළී සිටි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඇතුළු ඔහුගේ සහෝදරියන් දෙදෙනා සහ අයියා හට කුඩා කාලය ගත කිරීමට සිදුවූයේ, අඩු ආදායම්ලාභීන් සඳහා පල්ලියේ වෙන්ව තිබූ ස්ථානයක සිටය. එකල කෑම-බීම්-ඉදුම්-හිටුම් ලැබුණේ පල්ලියෙනි. එදා ඔහු ඇතුළු සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා දිවි ගෙවුවේ එක් කාමරයකය. එය කාමරයක් කියනවාට වඩා පුංචිම කූඩුවක් යැයි සඳහන් කළ හැකිය. බේබදුකම තිබුණද තාත්තාගේ මග පෙන්වීම නිසා ‘සී.ආර්.’ පාපන්දු පිටියට අවතීර්ණ වූයේ වයස අවුරුදු 10ට පෙරදීය. ඉගෙනීමට එතරම් දක්‍ෂතා නොපෙන්වූ අතර, පංතියේ කට්ටි පැනීම වෙනුවෙන්, ගුරුතුමිය ක්‍රිස්ටියානෝගේ මව ගෙන්වා පුතුගේ නොසැලකිල්ල ගැන කීවාය. මේ සියල්ලට හේතුව හෘදයේ අසමාන්‍ය ස්පන්දනය නිසා යැයි ඔහුගේ මව්පියන්හට දැන ගන්නට ඉඩ ලැබිණි. ඉන්පසුව වයස 15 දී ක්‍රිස්ටියානෝ හට හෘද සැත්කමකට මුහුණ දීමට සිදුවූ අතර, එය සාර්ථක වූවා පමණක් නොව යළිත් පාපන්දු පිටියට ඇවිත්, වැඩ පෙන්වීමට ඔහුට අවස්ථාව උදාවිය.

වයස අවුරුදු 16 දී රටේ තරුවක් වූ ‘සී.ආර්.’ වයස අවුරුදු 18දී යුරෝපයේ ප්‍රකට පාපන්දු ක්‍රීඩා සමාජයකට එක්වූයේ ඩොලර් මිලියන 22කට ආසන්න ගිවිසුමකට අනුවය. ස්වකීය දිවිය රනින් සහ රන්කහවණු වෙතින් ස්වර්ණ-වර්ණ වෙන්නට පටන් ගත්තේ එතැන් සිටය. තවත් වසර දෙකක් ගිය පසු, ඉතාලියේ ජුවෙන්ටස් පිලට ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු ගිවිසුම්ගත වූයේ ඩොලර් මිලියන 133ක මුදලකටය. මේ විදියට යුරෝපයේ මැන්චෙස්ටර් යුනයිටඩ්, රියල් මැඩ්රිඩ් හා කලින් කලට ගිවිසුම් ගතව ලැබූ මුදල ඩොලර් මිලියන ගණනින් ඔහුගේ වත්කම් වලට බැරවුණි. නමුත් ඊට වඩා මුදලක්, උපයන්නට ඔහුට හැකිවූයේ, ලෝ ප්‍රකට වෙළෙඳනාම යටතේ, ප්‍රචාරණ, ප්‍රවර්ධන දැන්වීම්වලට පෙනී සිටීම නිසාය. පාපන්දු පිටියේ ශූරයක වූ ‘සී.ආර්.’ නිරූපණයට සුදුසු වඩාත් හැඩකාරයකු වූයේ කඩවසම් පෙනුම නිසාමය. අඩි හයකුත් අඟල් දෙකක් උසැති වූ ‘සී.ආර්.’ හට ඇත්තේ හොලිවුඩ් නළුවකුට එහා ගිය පෙනුමකි.

‘සී.ආර්. 7’ වූ හැටි

ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ හට ‘CR7’ යන නාමය ලැබුණේ, මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හා එක්වීමත් සමගය. පාපන්දු ක්‍රීඩාවේදී යම්කිසි කණ්ඩායමකට හෝ රටට ක්‍රීඩා කරද්දී ‘අංක 7’ පිළිගැනෙන්නේ වාසනාවන්ත අංකයක් ලෙසය. එමෙන්ම කණ්ඩායමේ දක්‍ෂතම ක්‍රීඩකයකු හට එම අංකය හිමිවේ. මැන්චෙස්ටර් යුනයිටඩ් හා එක්වීම සමග ‘අංක 7’ සඳහන් ජර්සිය ලැබුවේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝය. එතැන් සිට බොහෝ දෙනා ඔහු නම් කළේ ‘CR7’ යන කෙටි නාමයෙනි.

‘CR 7’ වෙළෙඳනාමය යටතේ ඇති ව්‍යාපාර.

‘සී-ආර් 7’ (CR7) යන කෙටි නාමය ක්‍රිස්ටියානෝ රෝනාල්ඩෝ හට කෙතරම් නම් ගැලපීද යත්, එය වෙළෙඳ නාමයක් බවට පත්විණි. ඉනික්බිතව ‘CR 7’ යටතේ, විලාසිතා ලෝකයට අනර්ඝ විලාසිතා පෙළක් හඳුන්වාදීමට මේ සුපිරි ක්‍රීඩකයා හට හැකිවිය. ඒ යටතේ යට ඇඳුම් විලාසිතා, සපත්තු, ජීන්ස් (කලිසම්), පිරිමි අත්බෑග්, කොලෝන් ආදී නිෂ්පාදන ඇතුළත්ය. ‘CR 7’ ඩෙනිම් ජීන්ස් සඳහා ඇති ඉල්ලුම ඉතා ඉහළය. ‘CR 7’ බ්ලැන්කට් නිපදවන්නේ ‘ඩෙනාලි’ නාමය සමග ඒකාබද්ධ විලාසිතා නිෂ්පාදනයක් ලෙසය. බ්‍රිතාන්‍යයේ බ්‍රිටිෂ් විලවුන් සමාගම හා එක් වූ ඊඩන් ෆර්ෆියුම් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ෆ්‍රැග්රාන්ස් නමින් එළි දැක්වූ ‘විලවුන්’ වලට ඇත්තේද ඉහළ ඉල්ලුමකි.

‘CR 7’ අවන්හල්

‘සී.ආර්. 7’ අවන්හල් ක්ෂේත්‍රය අවතීර්ණ වූයේ ලෝ ප්‍රකට ටෙනිස් ශූර- රෆායෙල් නඩාල්, ලෝ ප්‍රකට දැල්පන්දු ක්‍රීඩක පාවෝ ගැසොල් සහ ලෝ ප්‍රකට ගායකයකු වන එන්රික් (ඉග්ලේෂියස්) සමග එක්ව Grupo Mable Capital සමාගම බිහි කිරීමත් සමගය. ඒ යටතේ සේලා (Zela) නමින් ස්පාඤ්ඤයේ lbiza හි සහ ලන්ඩනයේ අවන්හල් ස්ථාපිත කර තිබේ.

ශාරීරික යෝග්‍යතා ස්ථාන

CR 7 නාමය යටතේ 2016 දී ක්‍රන්ච් ෆිට්නස් හා එක්ව ‘CR 7 ක්‍රන්ච් ෆිට්නස්’ නමින් ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් සඳහා ස්ථානයක් ස්ථාපිත කළ අතර, ඔහුගේ අරමුණ එම ‘ෆිට්නස් සෙන්ටර්ස්’ ශාඛා ජාලයක් ලෙස ව්‍යාප්ත කිරීමය. කොහොමටත් ‘මැඩ්රිඩ්’ නගරයේදී මෙම ස්ථානයට ඇත්තේ විශාල ඉල්ලුමකි.

පෞද්ගලික ගුවන්යානා

2017 දී ගල්ෆ්ස්ට්‍රීම් (Gulfstream) නමින් ජෙට් යානයක් මිලදී ගත්තේ ඩොලර් මිලියන 20ක මුදලකටය. එය අහසේ පාවෙන මාළිගයක් බඳුය. තමාගේ පෞද්ගලික පරිහරණය සඳහා එය මිලදී ගත්තද ‘CR’ එය ගමන්යාම සඳහා නිතර භාවිත නොකරන නිසා, ධනකුවේරයින් සඳහා සංචාර යාම පිණිස කුලී පදනමට ලබා දීමට සැලැස්වීය. එයින් විශාල ආදායම් ලබන බවද සඳහන් වේ.

කේශාලංකරණය සඳහා චිකිත්සාගාරයක්

‘CR 7’ හෙවත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තම පෙම්වතිය වන ජෝර්ජියානා රොඩ්රිගුස් හට සුපිරි කේෂාලංකරණ චිකිත්සාගාරයක් පෘතුගාලයේදී ස්ථාපිත කර දුන්නේය. Insparya fucuses නම් වූ එහි ශාඛා කීපයක් තිබේ.

මේ සියල්ල වෙතින් ලබන මහා ධනස්කන්ධයට අමතරව ඉහත සඳහන් කළ ආකාරයෙන්, ‘සී-ආර්’ අතිවිශාල ධනයක් උපයන්නේ වෙළෙඳ දැන්වීම් හා නිරූපණ කටයුතු වලිනි. ලෝ ප්‍රකට ‘Nike’ නාමය යටතේ නිරූපණය සඳහා ඔහු ගිවිසුම් ගත වූයේ, ජීවිත කාලය සඳහාමය. ඒ වෙනුවෙන් ලද මුදල ඩොලර් බිලියනයකි. ‘CR 7’ නමින් ‘Nike’ සමාගම 2017 දී පාවහන් නිෂ්පාදනයක් හඳුන්වා දුන් අතර, උණුකැවුම් ලෙස එය අලෙවි විය.
වතාවක වෙන්චර්ස් ක්‍රීඩා සමාජය ඔහුගේ නමින් ‘ජර්සිය’ක් නිෂ්පාදනය කළ අතර, පැය 24කදී ජර්සි 5,20,000ක් අලෙවි විණි. ඒ මගින් ලද මුදල ඩොලර් මිලියන 63ක් පමණ විය. මේ අයුරින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට විවිධ ඉසව් ඔස්සේ ලැබෙන ආදායම ඉතා ඉහළය. හරියටම ඒ ගැන වාර්තා නොවූවද, ඔහු සතු සමස්ත ආදායම ලෙස මෙම වසරේ සඳහන් වූයේ ඩොලර් මිලියන 500ක් ලෙසය.

ලබන ආදායම්වලට අනුව බදු ගෙවීම් පැහැර හරින ලදැයි යන්න විටෙක ඔහුට එලල් වූ චෝදනාය. ඒ කෙසේ වෙතත්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු අත දිග හැර සමාජ සත්කාර සඳහා මුදල් පරිත්‍යාග කරන පරාර්ථකාමී චරිතයකි. ළමා ලෝකයේ බොහෝ කටයුතු සඳහා විශාල ලෙස මුදල් පරිත්‍යාග කරන තරුවකි.

පවුල් ජීවිතයට කැමති CR

වත්මන් ලෝකයේ ඕනෑම අංශයකදී සුපිරි තරුවක ලෙස පස්වැනියට පොහොසත් ස්ථානයේ පසුවන CR හෙවත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු පවුල් ජීවිතයට වඩාත් කැමති චරිතයක් වග සඳහන් වේ. ඔහුගේ පෙම්වතිය, නැතහොත් විවාහ නොවූවද ඔහු එකට දිවි ගෙවන්නේ, සුරූපී ​ජෝර්ජියානා රොඩ්රිගුස් සමගය. දරුවන් 4 දෙනෙකුට මේ දෙදෙනා හිමිකාරීත්වය දරයි. කනිෂ්ඨ රොනාල්ඩෝ හෙවත් CR ගේ පුංචි පුතුද තාත්තා මෙන් පාපන්දු ක්‍රීඩාවට දක්‍ෂයකු වග දැනටමත් ඔප්පු කර හමාරය.

දනට-පිනට කැමති ‘CR සිරුරේ’ පච්ච කොටා නැත්තේ ලේ දන්දීම නිරන්තරයෙන් සිදු කරන බැවිනි.
‘මැඩ්රිඩ්’ නගරයේ මිලියන 14ක් වටිනා මන්දිරයක් ඔහු සතු අතර, 2017 දී පමණ ඔහු සතුව සුපිරි මෝටර් රථ 20ක් තිබිණි. ලැම්බෝර්ගිනි, ෆෙරාරි, මර්සිඩීස් බෙන්ස්, රෝල්ස් රොයිස් ඇතුළු ලෝ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන ඊට ඇතුළත්ය. එහි වටිනාකම ලෙස සඳහන් වූයේ ඩොලර් මිලියන 5කි.

නිව්යෝර්ක් නගරයේ ට්‍රම්ප්ටවර්හි ඔහු සතු මන්දිරයෙහි වටිනාකම ඩොලර් මිලියන 20කට ආසන්නය.
මෙම ලෝක තරුව ගැන තව තවත් බොහෝ විස්තර කිව හැකිය. සුපිරි ජීවිතයක් ගත කරන අතරේ, සමාජය ගැන පරාර්ථකාමීව හිතන නිසා, සමාජය පෙරලා ඔහුට ආදරය කරන බව පෙනේ. සැබැවින්ම CR යනු සැබෑම තරුවකි.




 

ලොවක් හඳුනන හැරී පෝටර් කතා මාලාවේ නිර්මාතෘවරිය

J.K Rowling

 (amp.thisisinsider.com) J.K Rowling හැරී පෝටර් ග්‍රන්ථ මාලාවේ හයවෙනි ග්‍රන්ථය අතැතිව.

ඇය ලොවක් හඳුනන හැරී පෝටර් කතා මාලාවේ නිර්මාතෘවරියයි. ඇය එක දිනකින්, එක් වසරකින් ජීවීතය සාර්ථක කරගත් කාන්තාවක් නොවන අතර තම තරුණ ජීවිතයේ සිට කම්කටොලු ගණනාවකට මුහුණ දෙන්නට ඇයට සිදු විය. ජීවිතයේ බොහෝ අවස්ථාවන්හි දී පරාජයට පත් වුනු කාන්තාවක් වන ඇයගේ විශේෂත්වය වන්නේ අතීත පරාජය වීම්, බිඳවැටීම් තුළ ජීවත් නොවී ඉදිරියට ගමන් කළ අයෙකු වීමයි. අතීත සිදුවීම් තුළ ජීවත් වෙමින් පසුතැවෙමින් ජීවත් වූවා නම් ඇය කිසිම දිනක මෙතරම් ධනවත්, ලොවම හඳුනන ආදරය කරන තැනැත්තියක වන්නේ නැත.

ග්‍රන්ථකරණයේ ආරම්භය

හැරී පොටර් කතාමාලාව ඇයගේ එක් කෘතියක් පමණක් වන අතර එය මගින් ඇයව තම වෘත්තීය තුළ බිලියන පතිනියක වුනු පළවන කාන්තාව බවට පත් කිරීමට සමත් විය. නමුත් ජයග්‍රහණය කරා ඇය පැමිණි ගමන රතු පලසක් මතින් පැමිණි සුන්දර අත්දැකීමක් නම් නොවේ. ඇයගේ සිතට මෙම කතාමාලාව පැමිණි විගසම ඇය ලිවීම ආරම්භ කරනු ලැබුවත් හදිසියේම තම මවගේ වියෝව හේතුවෙන් ඇය  තම ග්‍රන්ථයේ කටයුතු නවත්වා දැමූ අතර, තම මවගේ වියෝව ඇයට දරාගත නොහැකිව විසාදියෙන් පෙළුණු අතර කලක් යනතුරු පසුතැවීමෙන් කල් ගෙවුවා ය. ඇයව වචනයකින් හෝ දිරි ගැන්වීමට කිසිදු කෙනෙක් සිටියේ නැත.

කම්කටොළු සමඟ ඇය පැමිණි ගමන

කාලයත් සමඟ ඇය ගුරු වෘත්තියට අවතීර්ණ වීමට පෘතුගාලයට යන්නේ තම සිත තුළ පවතින දුක් කම්කටොලු මඟහරවා ගෙන යථා තත්ත්වයට පත්වීම සඳහාය. එහිදී හැරී පොටර් කතාමාලාවේ පළමු ග්‍රන්ථයේ වැඩකටයුතු නැවතත් ආරම්භ කළ අතර, එහි අවුරුද්දක කාලයක් ඇය ඉංග්‍රීසි භාෂාව උගන්වමින් ගුරුවරියක් ලෙස සේවය කළාය. නැවතත් ඇය එංගලන්තය වෙත පැමිණෙන විට තම පළමු ග්‍රන්ථයේ අත් පිටපත ලියා අවසන් කරන ලදි. මීළගට ඇත්තේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමයි. නමුත් ඇය බලාපොරොත්තු වූ පරිදි ප්‍රකාශකයන් ඇයගේ අත් පිටපත භාර ගත්තේ නැත. සියළු දෙනාම ඇයගේ ග්‍රන්ථය ප්‍රතික්ෂේප කළ අතර, ඇය තම ග්‍රන්ථය පිළිබඳව පැවතී විශ්වාසය අඩු විය.

www.goalcast.com

ඉන්පසු ඇය විවාහපත් වූ අතර විවාහ දිවියත් කෙටි කලකින් අවසන් විය. ඇය නැවතත් බිළිඳියක් සමඟ ලොව තනි විය. විරැකියාවෙන් සහ විසාදියෙන් දිගින් දිගටම පෙළුනත් ඇය ආපන ශාලාවන්හි සේවයෙහි නිරත වන අතරම නැවතත් ඇයගේ ග්‍රන්ථ රචනය ආරම්භ විය. නැවතත් ඇය තම ජීවිතය හා බිළිඳියගේ ජීවිතය සාර්ථක කර ගැනීම සදහා ප්‍රකාශකයන් හමුවට ගියත් ප්‍රකාශයන් දොළොස් දෙනෙකු විසින් ඇයගේ නිර්මාණය සෘජුවම ප්‍රතික්ෂේප කරන ලද අතර,ඇයගේ ලියුම් පෙට්ටිය ප්‍රතික්ෂේප කිරීමේ ලිපිවලින් පිරි තිබුණි.

නොපසුබට උත්සාහය හරහා ජයග්‍රාහී මාවතට පිවිසීම

මෙම සිදුවීම්වලින් පසු ඇය Bloomsbury ප්‍රකාශයන් හමුවට ගොස් එහි සංස්කාරක ඉදිරියේ අසුන්ගෙන තම අත්පිටපත කියවීම ආරම්භ කළ අතර, එක පුංචි අමුත්තියක් ඇයගේ මෙම අපූර්වත්වයෙන් පිරුණු කතාන්දරය ආශාවෙන් අසා සිටියාය. මෙම පුංචි අමුත්තිය සංස්කාරකගේ අට හැවිරිදි පුංචි දියණියයි. මෙම කුඩා දැරිය අවසන් පිටුව දක්වා කතාව කියවන ලෙස ඉල්ලා සිටියේ මහත් ආශාවෙනි. ඔවුන් ඇයගේ ග්‍රන්ථය භාරගත් නමුත් සංස්කාරකගේ කුටියෙන් පිටවන ඇය තම සිත්හි තබා ගත්තේ වෙනත් රැකියාවක් සොයාගත යුතු බව සහ තවදුරටත් ළමා ග්‍රන්ථ රචනා කිරීම මගින් තම ජීවිකාව ගෙන යා නොහැකි බවය. නමුත් ඇයගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත්වීමත් සමඟම සියල්ල වෙනස් විය.මෙතෙක් කල් ඇයගේ මෙම අපූරු මායා ප්‍රබන්ධය අසාර්ථක ග්‍රන්ථයක් ලෙස ප්‍රතික්ෂේප කළ සියලු දෙනා වැරදි බව ඔප්පු විය.

(quotlr.com) (පුද්ගලයෙකුගේ අනන්‍යතාවය හඳුනා ගැනීමට ඔහු හෝ ඇය සතු හැකියාවන්ට වඩා තෝරා ගැනීම් උපකාරී වන බවට ඇය කළ ප්‍රකාශයක්)

මෙම ග්‍රන්ථ මාලාව තුළින් ඇමරිකන් ඩොලර් මිලියන හාරසියයක් ද, අවසන් චිත්‍රපටය හරහා ඇය ඇමරිකන් ඩොලර් මිලියන හාරසිය හැත්තෑ හයක් ඉපයූ අතර මෙම කතාමාලාව භාෂා හැත්තෑ තුනකට පරිවර්තනය විය. එහි පිටපත් මිලියන ගණනක් අලෙවි විය. මෙම පිටපත් අලෙවිය හරහා ලද ඇයගේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන විස්ස ඉක්මවයි.

(tayteh.blogspot.com) හැරී පොටර් ග්‍රන්ථ මාලාව

ඇයගේ චරිතය තුළින් නොපසුබට උත්සාහය නොඅඩුව දක්නට ලැබෙන අතර, බාධක සහ කම්කටොලු අමතක කර ඇය ඉදිරියට ගියේ නොමැති නම් ඇය අසාර්ථක කාන්තාවක් වේ.යම් පුද්ගයෙකු යම් දෙයක් කිරීමට සිහින දකිනවා නම්, එයට දැඩි ලෙස ඇලුම් කරයි නම්, දිගින් දිගටම පරාජයට පත් වුනත්, ප්‍රතික්ෂේප වුවත් ඒ ප්‍රතිෂේපවීම් සහ පරාජයට පත්වීම්වලට ඔබව පරාජය කිරීමට ඉඩ නොදෙන්න. ජීවිතයේ අමාරු සමයක් ඔබ ගත කරමින් සිටී නම් අසාර්ථක වීම් නොමැතිව ජීවත්වීම අපහසු අතර ඒ හේතුවෙන් කැපවීම අත් නොහරින්න. දිනයක ඔබ වාර්තා බිඳ දමමින් විශිෂ්ට පුද්ගලයෙකු වනු ඇත. ලෝකවාසී සියළුම කාන්තාවන්ට මෙම අගනා කාන්තා චරිතය ආදර්ශමත් වන අතර දෙමව්පියන්ගෙන් වෙන්වීම, විවාහය අසාර්ථක වීම, දරුවන් සමඟ ලොව තනිවීම මත ජිවිතයේ කාන්තා ඔබට පවතින බලාපොරොත්තු, අභිලාෂයන් අත්හැරීම කළ යුතු නැත. ශ්‍රී ලංකාව තුළත් ජිවිතයේ අවාසනාවන්ත සිදුවීම් හමුවේ ජීවිතය හැර යාමට, අතීතය පිළිබඳව පසු තැවෙමින් සිටින කාන්තාවන් බහුල ය. ඇයගේ සාර්ථකත්වයේ කතාව මගින් එවන් කාන්තාවන්ට ආදර්ශයක් සපයනු ලබයි.

කවරයේ පින්තූරය: beinspiredchannel.com

මූලාශ්‍ර

01.google.com

Friday, November 4, 2022

හෙළ විශිෂ්ට අපූරු නිමැවුම

 


පෞඪ ඉතිහාසයකට නෑකම් කියන සිංහල දේශයේ තවත් අභිමානී උත්තුංග පියමන්තලාවක් වන සීගිරිය සිංහල චිත්‍ර කලාවේ ද , වාස්තු විද්‍යා හා ගෘහ නිර්මාණ ශිල්පයේ ලොව අටෙවනි පුදුමයට පාත්‍රවන්නට තරම් උතුම් ලද මහා කලා ගාරයකි. අපේ වංශ කතාවලට අනුව සීගිරි කතා පුවත ගොඩ නැගෙන්නේ සිගිරියේ නිර්මාතෘවරයා වූත් දුක්මුසු අවසානයකට භාජනය වන පළමු වන කාශ්‍යප රජු වටා ය. මෙම මහා කලාගාරය පිහිටා තිබෙන්නේ කොළඹ- ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් 9ක් පමණ උතුරු දෙසට යන විට ය. සීගිරිය මාතලේ දිස්ත්‍රික්කෙය් උතුරු දිග තැනිතලාවේ දකුණු සීමාවෙහි මලය රට කඳු පාමුලට කිට්ටුව ඉනාමලුව කෝරලයේ ශේෂ කඳු පංතියක් ලෙස පිහිටා ඇත. මෙම පර්වතය තැනිතලාවේ සිට අඩි 600ක් පමණ ඉහළට නැග සිටී. දිගින් කි: මී: 3ක් ද, පළලින් කි:මී:1ක් ද, පමණ වන සීගිරිය තෙය් මුදුනේ විශාලත්වය අක්කර 3කි. ගල් හා ගෙඩාල් සංයුක්ත අතිශෝභමාන වූ මෙම ගෘහ නිර්මාණ සංකීර්ණය ක්‍රි:ව: 5වන සියවස අගභාගයේ දී ඉදි කෙරිණි. මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරියේ තේජෝබල පරාක්‍රමයෙන් වැඩ සිටින්නේ ශක්තිමත් යෝධයෙක් බව මොනවාට පිළිබිඹු කරමිණි.

ප්‍රධාන අවධි

  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.3-ක්‍රි.පූ.5 දක්වා)
  • කාශ්‍යප යුගය (ක්‍රි.පූ.475-497 දක්වා)
  • පසු කාශ්‍යප යුගය (ක්‍රි.ව.6-13 දක්වා)
  • අප්‍රකට යුගය (ක්‍රි.ව.13-17 දක්වා)
  • මහා නුවර යුගය (ක්‍රි.ව.17-19 දක්වා)
  • නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා)

 
තද පැහැයෙන් යුතුව ක්ෂිතිජය සිප ගනිමින් උතුරට නෙරා යන මහා පව්ව පාමුල අතිශය ප්‍රතාපවත් ව වැදහොත් සිංහරාජයෙකුගේ විලාසෙන් නිමවා ඇති හෙයින් මෙයට සිංහගිරිය හෙවත් සීගිරිය යන නාමය පටබැඳුණි. සිංහරාජ තෙම් සැතපුම් ගණනක් ඈතට විහිදෙන බියමුසු හැඟිමක් දැනවුවත් සිංහරූපය දැකීමෙන් එහි ගිය පැරැන්නන් තරම්ම නුතන යුගයේ මුල් ම පුරා විද්‍යාඥයන් ද, වශීකෘත වු බව 1898 දී ඒච්.සී.පී.බෙල් මහතා ප්‍රකාශ කර ඇත. දැනට ශේෂ ව ඇතත් සිංහයාගේ බාහු යුගලය පමණක් වුව ද කෙනකු තුළ ප්‍රතාපය හා බලය පිළිබද අපුරු හැඟිමක් දැන වීමට ප්‍රමාණවත් බව කැටපත් පවුරේ ලියු මේ ගීයෙන් පැහැදිලි වේ.

  දක්නට ලැබෙන ලක්ෂණ

  • පර්වත මස්තකයේ තිබෙන රජ මාළිගාව
  • ගඩොලින් තැනූ සිංහයාගේ රූපය
  • පර්වත ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි ලලනාවන්
  • සීගිරි කැටපත් පවුර

________________________________________________________

පුරා විද්‍යාත්මක නටඹුන් හා විශේෂ ලක්ෂණ

 

සීගිරිය, දිගුකල් ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී (සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වූ පර්වතයකි. ඇල හාත්පස පිහිටි තැනිතලාවෙන් ඉහළට නැගුණු එය ඕනෑම පැත්තකින් සැතපුම් ගණනාවක් ඈතට දිස්වේ. පර්වතය වටා තිබෙන තැන්නෙන් එක්වරම ඉහළට නැගුණු අධික බෑවුමකින් යුක්ත ගොඩනැගිල්ලක් මත එය පිහිටා ඇත. පර්වතය මීටර් 370 ක් උස වන අතර සෑම පැත්තකින්ම ප්‍රපාතාකාරය. බොහෝ ස්ථාන පාදම ලෙසට නෙරා ඇත. අන්ඩාකාර දිගු ආරක්ෂක හැඩයෙන් පහළට ක්‍රමිකව දිවෙන බෑවුමක් ඇත.
ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. පර්වතයේ සමතලා මතුපිට මාළිගාවක නටඹුන් තිබේ. මැද හරියේ තිබෙන සමතලා බිමෙහි සිංහ ද්වාරයක්ද කුරුටු ගී තිබෙන කැටපත් පිහිටා ඇත. පහළ මාළිගාව පර්වතයේ පහළ බෑවුම හේත්තු වන්නට නිර්මාණය කරන්නේ දිය අගල් තාප්ප හා උද්‍යාන පර්වත පාමුල සිට මීටර් සිය ගණනක් දුරට විහිදී ඇත. මෙම භූමිය මාළිගාවකින් හා බලකොටුවකින් යුක්තය. දැනට තිබෙන ප්‍රමාණවත් නටඹුන් වලින් එය නිර්මාණය කළ අයගේ විශිෂ්ඨ හැකියාව හා නිර්මාණශීලිත්වය පිළිබද අගනා හැගීම් එය නැරඹීමට පැමිණෙන අයගේ සිතෙහි ජනිත කරවයි.
සීගිරි භූමි සැළැස්ම පළමු සහශ්‍රයේ නාගරික සැලසුම් කරණයේ අනර්ඝ උදාහරණයක් ලෙස සීගිරි නිර්මාණය දැකිය හැක. භූමි සැළසුම ඉතාමත් අලංකාර සහ සුක්ෂ්‍යම ලෙස සකස් කරන ලද්දක් ලෙස සැලකේ. සැලසුම් සකස් කිරීමේදි ජ්‍යාමිතික සැළසුම් සහ අවට පිහිටි ස්වාභාවික වස්තූන්ගෙන් පිහිටීම පිළිබදව ඉතා හොදින් නිරීක්ෂණය කර සංයෝග කර ගැළපීම් හා නොගැලපීම් සංකල්පය එක් කොට ඇති බව පෙනේ. පර්වතය බටහිර දෙසින් තිබෙන උද්‍යාණය රාජකීයන් උදෙසා සුදුසු ලෙස සකස්කර ඇත. උද්‍යානයෙහි ජලය රදවා තබා ගන්නා ව්‍යුහය නිර්මාණය කර ඇත. ඒවා සකස් කිරීමේදී පොලව යටින් දිවෙන ජල පීඩන ක්‍රමයක් යොදා ගෙන ඇති අතර මෙයින් සමහරක් අදද ක්‍රියාත්මක මට්මේහි තිබේ. පර්වතයට දකුණින් මිනිස් අතින් නිම කළ ජලාශයකි. මෙවැනි ජලාශ මීට පෙර ශ්‍රී ලංකාවේ වියළි කලාපයෙහිද බොහෝ සෙයින් ප්‍රයෝජනයට ගැනුණි. සීගිරි බිමට පිවිසෙන ස්ථාන වල දොරටු පහකි. ඒවා අලංකාර ලෙස නිමවා ඇති බටහිර දොරටුව රාජකීයන් උදෙසා වෙන්කර තිබුණා යැයි විශ්වාස කළ හැක.
_______________________________________________________

සීගිරිය සංස්කෘතික කෞතුකාගාරයක්

  • ක්‍රි.ව.5 වන සියවෙස් පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම
  • ඉන්ජිනේරු විද්‍යාව
  • ජල තාක්ෂණය
  • ගෘහ නිර්මාණ ශිල්පය
  • කලා ශිල්ප හා සාහිත්‍ය

 නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්

සීගිරිය නැගී බැලීමට ඇති සිංහ ස්වාමියා සිතේ ආශාව සපුරමින් බැලීමි. ඉන් පසු පර්වතයේ රන්වන් කතුන් බැලීමේ ආශාව ද නැති විය. යන්න මෙම කවියේ අදහසයි. තව ද මෙම වාස්තු විද්‍යාත්මක කලාව සදහා පැරණි මිසර හෝ පර්සියන් උද්‍යානවල දක්නට ඇති ජ්‍යාමිතික හෝ සුසන්ගත සැලසුම් ක්‍රම මූලික සිද්ධාන්ත ලෙස භාවිත කර ඇත. මේසා විශාල පර්වතය මත මාළිගා සංකීර්ණයක් ඉදිකිරිම සදහා ගඩොල් රැගෙන ආ සැටි ද පුදුම සහගත ය. මලුපෙත් ගර්භාගාර, සන්නිපාත ශාලා, අතරින් ගෙඩාළුමය පැතිකඩ හා ගල් පොකුණු රැසකින් වට වූ ශෛලමය සිංහාසනය විස්මයෙන් සිත අලලන සුළු ය. සීගිරිය නම් වු මහා වාස්තු විද්‍යාත්මක සැලසුම්කරණ වික්‍රමයේ හදවතත්, කේන්ද්‍රස්ථානයත් වූයේ මේ මාළිගාවයි. ගල මුදුනේ අක්කර තුන හමාරක බිම් ප්‍රමාණයක් වසා ගෙන ඇති මේ සුවිසල් මාළිගය රාජ්‍ය බලයත්, මිනිස් ශ්‍රමයත් කැටි කොට පිළිබිඹු කරන කදිම ස්මාරකයකි. තව ද මාළිගයේ අගය තීව්‍ර කරමින් ඉදිරියට දිවෙනා ශිලා උද්‍යාන, දිය අඟල් හා බුබුළු නඟමින් පතිත වන දියමල් කැලකින් සැලසුම් ලද මේ මහා නිර්මාණය ලොවට කියා පාන්නේ සීගිරි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ කෞෂල්‍යත් විසිතුරු චින්තනයත් ය.මේ දර්ශනීය උද්‍යාන අතීතයේ ඒක් යුගයක තුරු පෙළින්, මල් ගොමුවලින් හා පස් පියුමෙන් සැදි රාජකීය ජීවිතයේ කාන්තියෙන් හා කෙළි දොළින් ජීවමාන වුන නන්දන උද්‍යානයක් විය. සීගිරිය ලෝ පතළවන්නට එහි ඇති උද්‍යාන කලාව මෙන් ම බිතු සිතුවම් ද මා හැඟි උපකාරයක් ලබා දේ. අව් වැසිවලින් උවදුරුවලට පත් නොවී බිතු සිතුවම් කෝෂයේ සුරැකී ඇති මේ සිතුවම් එක් වකවානුවක පර්වතයේ බටහිර දෙසට වන්නට බිත්තිය පුරා වූයේ කස්සප රජුගේ අන්තඃපුර ලලනාවන් යැයි හැදින්වීමට ඇතැම් වියතුන් උත්සහා දරා ඇත. නමුත් මේ බිතු සිතුවම්වලට වස්තු විෂය වන්නේ අප්සරාවන් හෙවත් දිව්‍යාංගනාවන් ය. මහාචාර්ය සෙනරත් පරණවිතාණයන් පවසන අන්දමට අප්සරාවන් සංකේතාත්මකව වළාකුළු හා විදුලි කෙටීම නිරූපණය කරණ බවත් ය. නමුත් දුරාතීතයේ සීගිරිය නැරඹීමට පැමිණි විනෝදකාමීන්ට පෙනන්නේ සුන්දර වනිතා පෙළකගේ සිතුවම් ලෙසට ය. මෙම සීගිරි සිතුවම් සමකාලීන දකුණු ආසියානු චිත්‍ර සම්ප්‍රදායන්ට ආවේණික සම්භාව්‍ය චිත්‍ර කලාවේ විශිෂ්ට ශ්‍රි ලාංකික නිර්මාණ ශෛලියක් පෙන්නුම් කරයි. තව ද සීගිරියේ ඉතිරි ව ඇති විශේෂ මතක සටහන්වලින් එකක් වන්නේ බිතු සිතුවම්වලට පහළින් කැටපත් පවුර වසා සිටින ගී සමුහයා ය. මෙම ගී "සීගිරි ගී"නම් වේ. මෙම ගීවලින් පෙනී යන අන්දමට දිවයිනේ සෑම පෙදෙසකින් ම පැමිණි කලාකාමීන්ගේ විනෝද නිකේතනයක් බවට සීගිරිය පත් ව තිබූ බව පැහැදිලි වේ. ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා කාශ්‍යප රජතුමා සීගිරිය ආලකමන්දාවක් කොට කුවේරයා මෙන් දේවත්වයක් ආරෝපණය කර ගෙන සිටි බව ප්‍රකාශ කරයි.

________________________________________________________

සීගිරි ගී

            

ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී ‍‍බොහොමයක් අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.
මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.


1.
එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී
2. ස්වස්ති-
පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.
3.
සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
(දෙ‍කෙ)ස ලුනෙත්.
4. ගීය
නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්
විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි
අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.
5. ගීය
සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො
මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)
සෙන් බොදෙවල ලයු ගී.
56. ගීය
ස්වස්ති
තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්)
නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම්
තොප සුර බව.
64. ගීය
ස්වස්ති
අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද
නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි.
103. ගීය
කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්(ව)යි (සිත්) නොමු සී
106. ගීය
……….ල සමන ගී
සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත්
මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන්
190. ගීය
යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී
ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය
සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප
අත්මය් වුයු
334. ගීය
ස්වස්නනනති අග්බොය්මි ලීමි
නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය්
සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන්
492. ලීය
මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ
කවෙක් හින්දෙ ලී
(මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත
දක්නා සෙ ගෙති
86. ගීය
නො(ව)න්නොද පුලුදු හුණබජ් නො වරග්න(හ්)
නොසිටිය වෙ දී හැද සමුන්ද කළ පුන්සන්ද උදෙස
306. ගීය
(‍ෙ)මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා
කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා
නැඟි ඇති බලනට -බැලැමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි -බලන රිසිව බෙය

සීගිරිය මුද්දරයක් ලෙස ප්‍රවාරය වීමසංස්කරණය

සිගිරි ගලේ මුද්දර කථාව ආරම්භ වන්නේ වර්ෂ 1938 දීය. ඉංග‍්‍රීසි පාලනය පැවැති එකල ප‍්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල ප‍්‍රථමයෙන් මුද්දරයක පසුබිම සරසමින් සිගිරි ගලේ මුද්දර ජීවිතය ආරම්භ කරයි.
ඉන්පසු 50, 60, 80 දශක වලදී ශ්‍රී ලංකාවේදී ද ඉන්දියාව, එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදී ඇත්තේය. එදා සිලෝන් වල ශත දහයට මිලකර ඇත නමුත් මුද්දරය අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට පමන මිලකර ඇත.

ප්‍රංශයේ භාවිතයසංස්කරණය

සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට මිල කර ඇත්තේය එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් නොවැම්බර් මස 12 වෙනිදා ප‍්‍රංශ තැපැල් පොලට නිකුත් කළේය. මෙම මුද්දරයේ ඇති ලෝක පූජීත පසුබිමත් එහි නිර්මාන ශිල්පියත් ලොව පිලිගත් විශේෂ එකතුවක්වීම සීගිරි මුද්දරය ප‍්‍රංශයේ මෙන්ම ලෝකයේ සුවිශේෂි ස්ථානයක් හිමිකර ගත්තේය.
අවුරුදු 69ක් වයැසැති ප‍්‍රංශ ජාතික ජෝන් පෝල් වෙරෙට් ලෙමැරිනියෙර් මෙම සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරයේ නිර්මාණකරුවාය. ප‍්‍රංශ මුද්දර ලෝකයේ මුද්දර පියෙක් ලෙස ප‍්‍රංශ ජනතාවගේ බුහුමනට ලක්වූ ඔහුගේ නිර්මාණයක් වීමී ඉහත මුද්දරයට විශේෂ ස්ථානයක් හිමිවීමට හේතු කාරනා වුයේය.
සැරසීම හා කලා ශිල්ප විද්‍යාව පිලිබඳ ප‍්‍රංශයේ සුප‍්‍රසිද්ධ විද්‍යා පීඨයක්වූ පැරීසියේ එස්තියෙන් විද්‍යා පීඨයේ උසස් අධ්‍යාපනය අවසන් කල ඔහු 1977 දී ප‍්‍රංශයේ තැපැල් හා විදුලි සංදේශ පර්යේෂණ ආයතනයේ සේවයට එක්වුයේය.
ඔහුගේ ඇගිලි තුඩින් හැඩ ගැන්වූ සිගිරි බළකොටුව ඇතුලත් මුද්දරය ජාත්‍යයන්තර යුනේස්කෝ ලාංඡනය සහිතව ප‍්‍රංශ මුද්දර ලෝකයට එක්වුයේය.
පැරිස් අග නගරයේ පිහිටි ජාත්‍යයන්තර යුනේස්කෝ මුලස්ථානයේදි ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ප‍්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ විශේෂ උත්සවයක් ද ඒ සදහා පැවැත්වුනි. අද ප‍්‍රංශයේ තැපැල් මළු සිගිරි බළකොටු ආරක්ෂාව ඇතිව ලොව වටා සැරිසරති
.

ඡායාරූ ගමන්මග

  ඡායාරූ ගමන්මග  අද අප භාවිතා කරන අධි තාක්ෂණික කැමරාව සිය හැකියාවන් අත්පත් කර ගැනීමට එය ඉතා දිගු ‌‌ෙඑතිහාසික කඩයිම් රාශියක් පසුකර පැමිණ ඇතග ...