Followers

Thursday, September 29, 2022

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය

නව මාධ්‍ය ,සමාජ මාධ්‍ය සහ සමාජය
අප මේ වන විට පරිගණක යුගයකට පැමිණ ඇතැයි ඇතැමෙක් කියති. අප දැන් තොරතුරු යුගයක ජීවත් වන්නේ යැයි තවත් අයෙක් අයෙක් කියති. අප සිටින්නේ තොරතුරු සන්නිවේදන යුගයක ඇයි තවත් පිරිසක්ඟේ මතයයි. කෙසේ වෙතත් පසුගිය සමය තුල දී ලෝකය තුළ තොරතුරු ගලනය සහ සන්නිවේදනය සුවිශාල වෙනස්කම් සිදු වී තිබෙනවා. විශේෂයෙන් පසුගිය දශකයේ පමනක් ලෝකයේ තුළ තොරතුරු ගලනය සහ සන්නිවේදනයේ සිදු වූ වෙනස්කම් අති ප්‍රබලය. එහිදි සමාජ වෙබ් අඩවි සඳහා විශේෂ තැනක් හිමිවේ. සමාජ වෙබ් අඩවියක් යනු නව මාධ්‍යයේ කොටසකි.නව මාධ්‍ය යැයි කියනු ලබන්නේ සරල අර්ථයෙන් පැවසුවහොත් ඩිජිටල් ක්‍රමවේදයක් අනුගමණය කරමින් සන්නිවේදනය කෙරෙන ඕනෑම මාධ්‍යයකි. මාධ්‍ය සංයුක්ත තැටි චන්ද්‍රිකා රූපවාහිනී, අන්තර්ජාලය, ජංගම දුරකතනය මේ ආදිය ඩිජිටල් ක්‍රමයක් භාවිත වන නව මාධ්‍ය වශයෙන් ගණන් ගනු ලැබේ.

 

සමාජ මාධ්‍ය යනු නව මාධ්‍යයේ කොටසක් වන අතර සමාජ මාධ්‍ය වල අති විශේෂිත ලක්ෂණ වන්නේ අන්තර් ක්‍රියාකාරී ගුණයයි. සමාජ මාධ්‍ය සඳහා මනා නිදසුනක් ලෙස ෆේස්බුක් වෙබ් වෙබ් අඩවිය පෙන්වා දීමට පුළුවන. අයකුට ෆේස්බුක් භාවිතා කරමින් බොහෝ දෙනකු සමග එකවර සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබේ. එනම් එය අන්තර් ක්‍රියාකාරී ගුණයෙන් යුක්තය. ඒ අනුව ෆේස් බුක් යන සමාජ මාධ්‍ය මෙන්ම නව මාධ්‍යයක් වන නමුත් සෑම නව මාධ්‍යක්ම සමාජ මාධ්‍යයක් නොවේ. නිදසුනක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය ගතහොත් ඒ නව මාධ්‍යයකි. එහෙත් එය සමාජ මාධ්‍යක් වශයෙන් ගණන් නොගැනේ. ඊට හේතුව වන්නේ පුවත්පතක් මෙන් හුදෙක් කියවීමෙහි මූලික අර්ථය වීම සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය මෙහි අන්තර් ක්‍රියාකාරී ගුණයක් නොතිබීමයි. නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ දී යහපත් ප්‍රතිඵල මෙන්ම අයහපත් බලපෑම ද ඇති බව පසුගිය කාලය මුළුල්ලේ ම දැක ගැනීමට හැකියාව ලැබී ඇත .යහපත් ලක්ෂණ සලකා බැලීමේදී නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අද අධ්‍යාපනික මෙවලමක් වශයෙන් ද මෑත භාගයේ දී ඉතා ප්‍රයෝජනවත් වී ඇත. බොහෝ කාර්යාල පර්යේෂණ ආයතන, තොරතුරු මධ්‍යස්ථාන, අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල ආදිය නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අද වන විට ලෝකය පුරා ශීඝ්‍රයෙන් භාවිත කරනු ලබයි. දීර්ඝ කාලයක් ශ්‍රමය වැය කර ගැනීමට තිබූ කාර්යයන් පහසුවෙන් ඉටුකර ඉටුකරගැනීමට නව මාද්‍ය තුලින් හැකිවී තිබේ. ඊමේල්, සංයුක්ත තැටි,ඩීවීඩී, ෆ්ලෑෂ් ඩ්‍රයිව් ආදී නව මාධ්‍ය තුලින් එක් මොහොතකින් ලෝකය පුරා තොරතුරු හුවමාරු කර ගැනීමට හැකි තත්ත්වයක් දැන් උදා වී ඇත.
තොරතුරු යාවත්කාලීන වීමේ වේගය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. කිසියම් ලේඛන හෝ දත්ත පද්ධතියක් නැවත නැවතත් පිටපත් කර ගැනීමේදී නව මාධ්‍ය හඳුන්වාදීමත් සමග විශාල පහසුවක් ඇති වී තිබේ. දීර්ඝ ලේඛන වුවද සංයුක්ත තැටියකට ගබඩා කොට අවශ්‍ය පිටපත් සංඛ්‍යාවක් නිර්මාණය කර ගැනීම කෙතරම් පහසු කාර්යයක් වී ඇද්දැයි අද වන විට නව මාධ්‍ය භාවිතයෙන් ද පෙන්වා දිය හැක. ඊට අමතරව පුද්ගලයන් අතර විවිධාකාර සම්බන්ධතා පවත්වා ගැනීමට නව මාධ්‍ය භාවිතයට ගනී. පවුල්වල සාමාජිකයන් මිතුරන් අතර මෙන්ම ව්‍යාපාරික සබඳතා සඳහා ද මාධ්‍ය බෙහෙවින් වැදගත් වේ. ලොව පුරා වෙසෙන මිනිසුන් සමග ඒ මොහොතේ ම සම්බන්ධතා පවත්වා ගැනීම දැන් ඉතා සරල කරුණක් වී තිබෙනවා. ඊට අමතරව ඡායාරූප ගීත සහ වීඩියෝ හුවමාරු කරගැනීම ද ක්ෂණික ව සිදු කළ හැකිය. වීඩියෝ මගින් පෞද්ගලික මෙන්ම රාජකාරි සංවාද සඳහා පහසුකම් සපයන මෙවලමක් බවට ද නවමාධය පත්වී ඇත. එසේම වාණිජමය අවශ්‍යතා සඳහාද නව මාධ්‍ය යොදා ගැනීමක් සිදු කරනු ලබයි. වෙබ් අඩවි තුලින් භාණ්ඩ ප්‍රචාරය කර ගත හැකිය. ෆේස්බුක්, යූටියුබ්, ට්විටර් වැනි වෙබ් අඩවි වාණිජ අරමුණු වෙනුවෙන් මේ වන විට ඉතා හොඳින් යොදා යොදාගනිමින් පවතී. ලෝකේ ඕනෑම ස්ථානයකට මුදල් යැවීමට,බැංකු ශේෂය දැන ගැනීමට, කොටස් ගනුදෙනු සඳහා ද නව මාධ්‍ය නැති බැරි තත්ත්වයක් බවට පත්වී තිබේ. නව සහ සමාජ මාධ්‍ය වල ඇති අඩුපාඩුවක් වන්නේ තොරතුරු අවභාවිතය යි.

 

බොහෝ විට ෆේස්බුක් වැනි සමාජ ජාලාවල මෙවැනි තොරතුරු අවභාවිත වීම විශාල වශයෙන් වාර්තා වී තිබේ. ඊට අමතරව යූටියුබ්. ගූගල් ප්ලස් ආදී වූ සෑම සමාජ මාධ්‍ය ජාලයකම තොරතුරු අවභාවිත වීමේ අවදානම අඩු හෝ වැඩි වශයෙන් සිදුවේ. ලංකාවේදී ෆේස්බුක් භාවිතය සම්බන්ධ ගැටලු රාශියක් උද්ගත වූ බව පසුගිය කාලසීමාවේදී බොහෝ දෙනෙකුට දැකගැනීමට ලැබිණ. වර්තමානයේ වන විට වන විට ලෝකයේ ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට ෆේස්බුක් පත් වී ඇති අතර ඒ මිනිසාගේ එදිනෙදා ජීවිතයට ඇතැම් අවස්ථාවලදී අහිතකර ලෙස බලපා තිබේ. පෞද්ගලික ජීවිතයේ සංවේදී තොරතුරු හෙළිදරව් වීම මුලින්ම නැගෙන චෝදනාවයි. කිසියම් අයෙකුගේ පෞද්ගලික ජීවිතයට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමේ අදාළ පුද්ගලයා විසින් පමණක් නොවේ ෆේස්බුක් ඔහුගේ හෝ ඇයගේ මිතුරු මිතුරියන් විසින් දේ සිදු කෙරේ. නිදසුනක් ලෙස ඡායාරූපයක් ටැග් කිරීම කළ හැකිය.ෆේස්බුක් කෙරෙහි නැගෙන අනෙක් චෝදනාව වන්නේ ඒ නිකරුනේ මිනිස් ජීවිත විනාශ කර දමන්නක් බවයි. ඇතැම් පිරිස් ෆේස්බුක් වෙත ඇබ්බැහි වීමෙන් දිනයේ වැඩ කළ හැකි කාලයේ බොහෝ ප්‍රමාණයක් ෆේස්බුක් වෙනුවෙන් වැය කරති.ඇතැම්විට රාජකාරි ස්ථානවල එදිනෙදා ක්‍රියාවලියටද බලපෑම් එල්ල කිරීමක් එය හරහා සිදුවේ. මෙහි ඊළඟ ගැටලුව නම් එහි ලියා පදිංචි වී සිටින භාවිතකරුවන්ගේ තොරතුරු පරිගණක හොරු විසින් තෝරා ගනු ලැබීමයි. ඇතැම් පරිගණක දත්ත සොරා ගන්නේ ෆේස්බුක් ලෙස සියයට සීයක් සමානව පෙනී යන ව්‍යාජ වෙබ් අඩවිය ඔස්සේය. අන්තර්ජාලය ඔස්සේ අපහස උපහාස සිදුකිරීම සහ පුද්ගල චරිතය ඝාතනය වැනි දෑ ද සමාජ මාධ්‍ය වලින් ඇතිවන අයහපත් බලපෑම් ය. ඇතැම් පුද්ගලයෝ ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යති.

 

ඕනෑම අයෙකුට ඕනෑම තරම් ව්‍යාජ ගිණුම් සකස් කර ගැනීමේ හැකියාවක් ඇති බැවින් විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටළුවක් ඇතිවීම සමාජ මාධ්‍යවල තවත් අයහපත් ලක්ෂණයකි. මීට අමතරව සංවිධිත අපරාධ සඳහා ද සමාජ මාධ්‍ය යොදා ගැනේ. නිදසුනක් ලෙස ඇතැම් අන්තවාදී සටන්කාමී සංවිධාන වල මත වාද ප්‍රචාරය කිරීම සඳහා ෆේස්බුක්, ට්වීටර්, යූටියුබ් වැනි සමාජ වෙබ් අඩවි සාර්ථක ලෙස යොදා ගත් බව පසුගිය කාල වකවානුව තුල අපට දක්නට ලැබුණි. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් එල්ල එල්ල වන අනෙක් චෝදනාව නම් ඒ තුළින් භාෂාව මනා සැකැස්මකට තර්ජනය එල්ල වන බවයි. එසේම භාෂාව සඳහා කෙටි යෙදුම් යෙදීම ඔස්සේ ඒ තුළින් වඩාත් සාරගර්භ සංකල්ප ගුණය ගැනීමට ඇති හැකියාව තර්ජනයට ලක්වන බව ඇතැම් විශ්ලේෂකයන්ගේ අදහසයි. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය තුළින් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට පුද්ගලයාට හැකිවේ.ඒ තීරණය වන්නේ සමාජ මාධ්‍ය හා නව මාධ්‍ය පුද්ගලයා භාවිතයට ගන්නා ආකාරය අනුවයි.ඉතා විශිෂ්ට කාර්යයන් රැසක් සිදු කර ගැනීමට හැකියාව ලැබෙන මෙම නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය අ නිසි ලෙස ප්‍රයෝජනයට නොගැනීමට අප වගබලාගත යුතු ය.

1 comment:

ඡායාරූ ගමන්මග

  ඡායාරූ ගමන්මග  අද අප භාවිතා කරන අධි තාක්ෂණික කැමරාව සිය හැකියාවන් අත්පත් කර ගැනීමට එය ඉතා දිගු ‌‌ෙඑතිහාසික කඩයිම් රාශියක් පසුකර පැමිණ ඇතග ...