Followers

Thursday, September 15, 2022

රුවන්වැලි මහාසෑය

 

රුවන්වැලි මහාසෑ



රුවන්වැලි මහාසෑයේ ධාතු ගර්භය නිර්මාණය කෙරෙන්නේ ප්‍රධාන නිර්මාණ ශිල්පියාගේ අදහසකට අනුව. ජලය පිරවූ පාත්‍රයක මතුපිටට තව ජලය ස්වල්පයක් ගැසූ කළ උඩට මතුවී එන දිය බුබුලක ආකාරයෙන් තමයි සෑයේ හැඩය නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ ධාතු ගර්භය ඇතුළේ රනින් නිමකළ බෝධි වෘක්ෂයක් තැන්පත් කරල තියෙනවා. බෝධීන් වහන්සේගේ නැගෙනහිර දිශාවෙන් රනින් කරවූ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරල තියෙනවා. ඒ පිළිමයට අවටින් විවිධ දෙවිවරුන්ගේ රූප නිර්මාණය කරලා ගර්භය මුදුනේ ආකාශයක ස්වරුපය දිස්වෙන්න හිරු, සඳු සහ තාරකා අන්දවා තිබෙනවා. ඒ වගේම බුද්ධ ඉතිහාසයේ විවිධ අවස්ථා නිරුපණය කෙරෙන චිත්‍ර ගර්භය පුරාව සිතුවම් කරලා තියෙනවා.

ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය පවතින තාක්කල් නොනිමී දැල්වෙන සුවඳ තෙල්පිරි පහන් මේ ගර්භය ඇතුළේ තිබෙන බවත් පැවසෙනවා. ගර්භයට ආලෝකය ලබාදෙන්න දහස් ගණනින් මැණික් වර්ගත් ගර්භය ඇතුළේ ගොඩගසා තිබෙන බව කියවෙනවා.

මේ ධාතු ගර්භයේ තැන්පත් කිරීමට ධාතු වැඩමවීමේ ක්‍රියාව පැවරෙන්නේ ෂඩ් අභිඥාලාභී සෝණුත්තර නම් රහතන් වහන්සේට. ඒ උන් වහන්සේ පෙර භවයකදී බුදුන් වහන්සේ ඉදිරිපිටදී කරපු ප්‍රාර්ථනාවක ප්‍රතිපලයක් විදිහට. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදු සිරුරේ ඉතිරිවන ද්‍රෝණ අටක්වූ ධාතුන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් ලංකාදීපයේ ඉදිකරන මහාසෑයේ තැන්පත්කිරීමටම වෙන්කෙරිලා රාම ග්‍රාමයෙහි කෝලිය රජුන් විසින් සත්කාර කරනු ලබනවා. ඉන්පස්සේ ඒ ධාතූන් වහන්සේලා නාගලොවට ලැබිලා නාරජුන් විසින් වන්දනා, පුද සත්කාර කිරීමෙන් පසුවයි ලංකාවට ලැබෙන්නේ. ධාතූන් වහන්සේලා තැන්පත් කරන මහා උත්සවයට පැමිණි දෙවිවරුන් සහ බ්‍රහ්මයන් දරා සිටින දිව්‍යමය ඡත්‍රයන් දැක අධික ප්‍රීතියට පත් දුටුගැමුණු රජු ධාතූන් සහිත රන් කරඬුව ගර්භය මධ්‍යයේ තැන්පත් කර ලංකාරාජය බුදුසසුන වෙනුවෙන් පරිත්‍යාග කරන බව ප්‍රකාශ කළ බව කියවෙනවා.

6. දුටුගැමුණු රජුගේ අභාවය

 

නමුත් අවාසනාවකට මේසා ක්‍රියාවක් ඉටුකළ දුටුගැමුණු රජතුමාට මහාසෑයේ වැඩකටයුතු මුළුමනින්ම අවසන් වෙනතුරු ජීවත්වෙන්න වාසනාව ලැබෙන්නේ නැහැ. රුවන්වැලි මහාසෑයේ හතරැස් කොත් දහය දක්වා පමණක් වැඩ අවසන් වෙලා තියෙද්දී වසර විසි හතරක් පුරා රජකම් කරපු දුටුගැමුණු රජතුමා දිවි ගමනින් සමුගන්නවා. මහාසෑයේ වැඩ අවසන් කරන්නේ ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස රජුගේ පාලන සමයේ.

7. සෑය නැවත සොයාගැනීම

 

මේ විදිහට වැඩ නිමවුණු මහාසෑය දෙව් මිනිසුන්ගේ පුද පූජා ලබමින් දිගු කාලයක් වැජඹෙමින් තියෙනවා. විවිධ රජවරුන් යටතේ ප්‍රතිසංස්කරණයට ලක්වුණු රුවන්වැලි මහාසෑය පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ සිදුකෙරුණු ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ගරාවැටෙමින්, වල්වැදී තියෙනවා. 1873 වසරේදී ගම්පොල ඉඳලා අනුරාධපුරයට වැඩම කරපු නාරංවිට සුමනසාර කියන තරුණ ස්වාමින්වහන්සේ නමකගේ ඇස ගැටීමෙන් පස්සේ තමයි සෑය නැවත පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කෙරෙන්නේ. ඉතාම විශාල බාධක මධ්‍යයේ ලොකු කාලයක් තිස්සෙ පිළිසකර කෙරුණු මේ මහා සෑරදුන් වහන්සේ අද දවසේ අපි හැමෝටම වන්දනාමාන කරන්න ඉතාම විරාජමානව අනුරාධපුර පූජා නගරයේ වැඩ සිටිනවා


 

 

 

 


 

 

 

 

                  

 

No comments:

Post a Comment

ඡායාරූ ගමන්මග

  ඡායාරූ ගමන්මග  අද අප භාවිතා කරන අධි තාක්ෂණික කැමරාව සිය හැකියාවන් අත්පත් කර ගැනීමට එය ඉතා දිගු ‌‌ෙඑතිහාසික කඩයිම් රාශියක් පසුකර පැමිණ ඇතග ...